IMG-LOGO

වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා

(මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක පාඩුවක් වුණායි කියා එහි අලාභය රියදුරාගෙන් අයකරනු වෙනුවට වගාව බලාකියා ගත් සේවකයකුගෙන් අය කිරීමේ නූතන කැකිල්ලේ තීන්දුවක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.


විශාල පරිමාණයේ වගා බිමකි. වගාව බලාකියා ගැනීමට සේවකයකු බඳවා ගත්තේ මසකට රුපියල් විසිදහසක වැටුපක් ගෙවන බව පවසමිනි. වත්තේ සේවයට යොදා තිබූ ඉඩම් වාහනයක් දැවි තෙල් හිඟයක් නිසා අක‍්‍රියවී තිබිණි. එහි රියැදුරා සමග තෙල් ගෙන ඒමට ගියේ වගාව බලාගත් පුද්ගලයාය.


කලක් ගත විය. වගාව බලාගත් සේවකයා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය බව කීවේය. යන්න පුළුවන්. හැබැයි එදා ට‍්‍රැක්ටරයට වැරදි තෙල් වර්ගයක් දැමීම නිසා සිදුවූ අලාභය ගෙවන්න වේවි. අයිතිකරුත් පාලකයාත් පැවසීය. තමන්ගේ අවශ්‍යතාව නිසා සේවකයා අලාබය බව කියන රුපියල් දහසය දහස ගෙවා සේවයෙන් ඉවත් වූයේය. වැරදියට දැමූ බව කියන දැවිතෙල් ලීටර හතළිහකට ආසන්න ප‍්‍රමාණය ගෙනයාමට දෙන බව දැන්වුවත් අන්තිමේ දී ඔහුට ලැබුණේ ලීටර් බාගයකටත් අඩුවෙනි. ඉතිරිය පසුව සොයා දෙන බවද දන්වනු ලැබීය. ලැබුණු ලීටර් බාගයත් එහිම තිබිය දී එය වාහනයේ රියදුරාටම දෙන්න කියා සේවකයා පිටව ගියේ කැකිල්ලේ තීන්දුවට හිස නමමිනි.



අදහස් (0)

වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා

මාලි Friday, 10 October 2014 08:40 AM

ලලිත් මේවට තමයි කියන්නේ කැලෑ නීතිය කියලා. උසාවි ගියොත් 10000 පාඩුවට 25000 ක් විතර පෙරක‍දෝරු අයියලා හූරන් කයි (නදී)

:       0       0

ලලිත් Friday, 10 October 2014 01:46 AM

ඔන්න ඔව්වට තමයි උසාවි තියෙන්නේ. (නදී)

:       0       0

සෙනරත් Saturday, 11 October 2014 11:09 AM

මේවගේ අසධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ හීල්ලීම සෙල්ලමක් නෙමේ.(හේ)

:       0       0

සමීර සාලින්ද Friday, 10 October 2014 10:23 AM

ගොන්කම මහමුදලි කමටත් වැඩිය වටිනවලු නේද (නදී)

:       0       0

නමල් Saturday, 11 October 2014 03:13 AM

ව්‍යාපාරය බලාගන්න දුන්න මිනිහ ලක්ෂ 120 ක් ගිල්ල , සහෝදර කමත් නැතිවුණා , දෙවැනි පාර බාරගත්ත මිනිහ ලක්ෂ 15 ගිල්ල , මම මිනි මරාගන්නේ නැතිව ලංකාවෙන් ආව , ලංකාව ලෝකෙන්ම තියෙන හොද රටක් , මිනිස්සු ගේ ඔලුව මකල ගත්තොත් (අ)

:       0       0

අසෝක Saturday, 11 October 2014 01:23 PM

මිනිස්සු අතින් කොච්චර වැරදී වෙනවද?(හේ)

:       0       0

කුමාරි Friday, 10 October 2014 05:45 AM

පහත තැනින් යයි ගලා ජලේ කිවුවලු. ලලිත්,උසාවි ගිහින් දාසයදාහ ගන්න ඒ මනුස්සයා කී දාහක් තව වියදම් කරන්න ඕනෑද?කොහොම වුණත් අයිතිකරුට කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ අලුත් සේවකයෙක් ලැබේවා කියා පතනවා! (නි)

:       0       0

රූපවතී Friday, 10 October 2014 06:17 AM

ඇත්තටම මගේ හිතට නැගුනේ බොහොම කලකිරීමක්. අද අපේ රටේ සෑම මිනිසෙකුගේම හදවතේ අනුන් වෙනුවෙන් තම සිත උණුවී කම්පා වෙනවට වඩා මිනිසුන්ට කරන්නේ අසාධාරණ කම්. , සත්‍ය මේක තමයි අපේ රටේ ඕනෑම මිනිසෙක් එක විනාඩියකදී මිනීමරුවෙකු කිරීමේ සම්භාවිතාවය ගොඩාක් ඉහලින් පෙනුම් කරනවා. දුකයි අප රට ගැන මිනිසුන්ගේ සිතිවිලි, හා ක්‍රියාවන් ගැන. අකමැත්තෙන් උවද පිළිගන්න වෙන සත්‍ය මේකයි සිංහලුනේ (නදී)

:       0       0

රුවන් Friday, 10 October 2014 07:25 AM

වැටුප අරගෙන හිමින් සීරුවේ මාරු උනා නම් මුළුමුදලම ඉතුරු වෙනවනේ. අවංක කමත් පරහට හිටිය වගේ. (නදී)

:       0       0

රූෆස් Monday, 13 October 2014 11:56 PM

විශාල පාඩුවක් ලද නාමල්ගේ අන්තර්ජාල ලිපිනය දන්වන්න. (නි)

:       0       0

පිටිගල Friday, 10 October 2014 06:37 PM

මේක පුදුම රටක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site