(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
මේ දිනවල පැවැත්වෙන පාසල් වාර විභාගය අතරතුර පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු අතර හුවාමාරු වූ කඩදාසියක් ගැන සොයා බැලීමේදී එය එක්තරා නාලිකාවක විකාශනය වන මෙගා ටෙලි නාට්‍යක පෙරදින විකාශනය වූ කොටසක විස්තරය තම යෙහෙළියට දීමට උත්සාහ දැරීමේ සිදුවීමක් පසුගියදා වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසැලකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මේ දිනවල පළමු පාසල් වාර විභාගයට ලියමින් සිටි වෙන්නප්පුව ප‍්‍රදේශයේ පාසලක සිසුවියන් පිළිබඳව නිරීක්‍ෂණය කරමින් සිටි එම ශාලාව බාර ගුරුතුමියට බොහෝ සිසුවියන් තම ප‍්‍රශ්න පත්තරයට දෑස් යොමා සිටියත් සිසුවියන් දෙදෙනකු අතර යම් කතාබහක් සිදුවන බව දැක තිබේ.
මේ පිළිබඳව අවධානයෙන් සිටි ගුරුතුමියට එම සිසුවියන් දෙදෙනා අතර යම් දෙයක් හුවමාරුවූ බව දැක එය තම බාරයට අරගෙන කියවීමේදී මේ බව හෙළිකරගන්නට හැකි වී තිබේ. එම අවස්ථාවේදී කලබල නොවූ ගුරුතුමිය විභාග කාල සීමාවෙන් පසු පාසලේ විදුහල්පතිට මේ ගැන දැනුම් දී ඇත.
සිසුවියන් දෙදෙනාගෙන් විමසීමේදී පවසා ඇත්තේ පෙර දින ඉහත ටෙලි නාට්‍ය තම යෙහෙළියට නැරඹීමට නොහැකි වූ බව දැන්වූ නිසා තමන් එය ලියාගෙන ඇයට ගෙනත් දුන් බවයි. ගුරුතුමියගේ විමසිලිමත්භාවයට ස්තූති කර ඉගෙනීමේ වටිනාකම කියා දී දැඩි ලෙස අවවාද කර විදුහල්පති එම සිසුවියන් දෙදෙනා පන්ති කාමරයට පිටත් කර යැවූ බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගෙදර නම් කෑම වහිනියක් නැහැ. මගේ දෝනි කවදාවත් ටෙලිනාට්‍යක් බලල නැහැ. බලන්න ඕනේ කියන්නෙත් නැහැ. පුළුවන් නම් කරලා බලන්නකෝ....(හේ)
අද ළමයින්ට ඉගෙනීමට වැඩිය ඔය කසි කබල් ටෙලි නාට්‍ය ලොකුයි. අද තරුණ පරපුර භාවිත කරන සිංහල භාෂාවත් වෙනස්. වසර ගණනාවකින් ලංකාවට ගිය මට අපේ දුව කතාකරන සිංහල භාෂාව තේරුම් ගන්න සැහෙන දවසක් ගියා. අඳින ඇඳුම් කන කෑම ඒ විදිහටම වෙනස් වෙලා. හොයලා බැලුවම මුළු රටේම කොල්ලෝ කෙල්ලෝ ඒ වගේ නේ. (ස)
රූබට්, රුපවාහිනී මේ රටට එන්න පෙර ඉගනීමට අදක්ෂ ළමයි මේ රටේ හිටයා.ඉගෙනුමට ඇති අදක්ෂතාවයට ගුරුවරුන් හා දෙමාපියන් එකතු වී පිළියමක් සෙවිය යුතුයි.කර්මාන්තයකට යොමු කළයුතුයි. (නි)
කමෝන් සරා..(ස)
පේනවා නේද ළමයිගේ ඔලුවේ වැඩ කරන දේවල් ...(ස)
තුට්ටුවට දෙකට රඟපාන්න නළු නිලියෝ එමටයි, කසී කබල් ටෙලි නාට්‍ය හතු පිපෙන ගානට. ළමා පරපුර වලපල්ලට. (ස)
සැටලයිට් සම්බන්ධතාවයක් ගන්න පුළුවන්නම් ළමයින්ට ඉගෙන ගන්න දේවල් ගොඩක් අධ්‍යානික දේවල් තියෙනවා හැමදේකම හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා දෙන පෙන්වන ටෙලි නාට්‍ය වලින් ළමා මනස අවුල් කරනවා සරත් හරි නමුත් විවිධ විදේශීය වැඩසටහන් තියෙනවා ඉගෙනගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන (බ)
ඇයි දෙයියනේ ප්‍රශ්න පත්තරයට උත්තර ලියලා ආවට පස්සේ ඔය කතාව මුල ඉඳලම කියන්න තිබුනානේ. මෙහෙමත් ළමයි. (නි)
මිනිපෙ, එතකොට ඉගෙනගන්න දක්ෂ නැති ළමය ඕන කුදයක් ගහ ගත්තදෙන් කියලද කියන්නේ? දක්ෂකම අඩු ළමය ගැන තමයි වැඩිපුර හොයල බලන්ඩ ඕනේ. ඒ අය තමයි TV වලට එහෙම ඇබ්බැහි වෙන්නේ. ඒ අය අතහැරලා සමාජය හදන්ඩ බැහැ. (ස)
අපි මෙගා නාට්‍ය බැලුවෙත් නෑ. ඉගෙන ගත්තෙත් නෑ. (ස)
මෙගා කලාව ළමා මනස මුලා කර ඇත . (ම)
මේ වගේ ඒවා ටෙලිනාට්‍ය නෙමෙයි.දිග කතාවක පල්හෑලි කැලි දවස ගානේ පෙන්වනවා. නාට්‍යමය ස්වරුපයක් නැහැ. පවුලේ අඬදබර පෙන්වන්නේ (නි)
දෙමාපියන්ගේ වරද ළමුන් හරි මගට යොමු නොකරන එක .(හේ)
අනේ මෙහෙමත් ළමයි.. අධ්‍යාපනයත් කඩා කප්පල් කරන් අන්තිමට මනසත් වියවුලට පත් කර ගෙන (ම)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කලා වගේ මෙගා ටෙලිනට්‍යත් තහනම් කරමුද එහෙනම්. (ස)
සල්ලි ටිකක් හොයන්න කියල මොකක්හරි විකාරයක් හදල ටීවී චැනල් එකකට දෙනව. කිසිම හරයක් නෑ. මෝඩ ජෝක්ස් වගේ. (ස)
සරත් ඔබේ ගෙදර වගේම තමයි අපේ දුවත් කිසිම දවසක කාටූන් එකක්වත් බලල නෑ ඒ වෙනුවට එය පොත් කියවනවා. අද එයා මෙඩිසින් කරන දුවක්. මේ සේරම දෙමාපියන්ට පාලනය කරන්න පුළුවන්.(ස)
සරත් ඔයා හරියටම හරිදේ කරලා තියනවා (මගේ මතය ) කව්රුවත් විස්වාස කරනෙකක් නැහැ. අපේ ගෙදර තියන ඔය යකාගේ පෙට්ටිය 1990 දී ගත්ත එකක්. සමහර වෙලාවට මාස ගණනකට දමන්නේ නැහැ. මගේ දුවත් මමත් භාර්යාවත් ජීවිතේට ඔය " කබල් " සොප් ඔපෙරා " බලන්නේ නැහැ තොරතුරු දැනගන්න ඕනෑතරම් විකල්ප මාද්‍ය තියනවා. ඔය කියන සිදුවීම මෙරට අද මුහුණ පාල තියන භයානක ඛේදවාචකයේ එක පැති කඩක් විතරයි (නදී)
මේ ආදරයයි? (ස)
මේ ගැන ළමයින්ට වැරදි කියන එක හරි නැහැ. සල්ලි පස්සේ දුවන දෙමවුපියන් නිසා අතරමන් වුන දරුවන් තමන්ගේ මිතුරන්ට ගොඩක් කිට්ටුවෙනවා. ඒ අය අතර මේ වගේ දේවල් සිදුවෙන්න පුළුවන්. එකම වැරැද්ද හරි දේ කිරීමට හරි වෙලාව නොදන්නා එක. ඒකේ වැරැද්ද දෙමුපියන්ගේ. මොකද ඒ අය කරන්නේ දරුවන් විබාග වලට හදනවා මිසක් දරුවන්ගේ මානසික ශක්තිය දියුණු කරන්න නොවේ. (ස)
අපේ ගෙදර නම් ට්වී එක අයින් කරලා තියෙන්නේ. අපේ දරුවෝ දැන් හොදට පොත් කියවනවා.(දිල්)
අපේ ගෙදර අයටත් ටෙලිනාට්‍ය එපාවෙලා. සමහර නිළියන්ගේ මුහුණ එකම කාලයේ ටෙලි නාට්‍ය තුන හතරක යනවිට බලන්න අප්‍රසන්නයි (නි)
සරත් මහත්තයට හා සේපාලි මහත්තයට උපහාර වේවා (නදී)
ඉගන ගන්න දක්ෂය මොන නාට්‍ය බැලුවත් ඉගන ගන්නවා. (ස)
ශාන්, මුදල් පස්සෙ දුවන දෙමපියොත් ඉන්නව, හැබෑව... නමුත් හුගක් දෙමාපියන්ට අධිකව පැටවී ඇති ජීවන බර නිසා, රැකියා නිමවී නිවසට එන්නට වී ඇත්තෙ රෑ බෝ වී ඇති විටයි. බොහෝ රජයේ රැකියවල නියුත්තනුත් රෑ බෝ වී නිවසට එන්නේ දුශ්කර සේවය සම්පුර්න කලයුතු නිසා. දුරබැහැර සේවය නිසාය. ඔවුන් බොහෝවිට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ එක ඇමතිකමකට වාහන 10-15ක් දුන්නත් ඒ අයට පොල් පටවන බසයක් එනතුරු මග ලගින්ට වන නිසාය. දරුවන් ගැන නොසොයන දෙමපියොත් ඇති. සොයන අයත් ඉන්නවා, නමුත් කාලය හරස් වී ඇත. රූපවහිනියටත් රටේ දරු පරපුර රැකගනුවස් කලහැකි දේ බොහෝ තිබුනත් යන්නෙ වැරදි පාරෙන්මයි. රටක රජයක් එහි අනාගත ජීවනාලිය බදු දරුවන්ට යහපත් හෙටදිනක් ලබදෙනුවස්, තව බොහෝ.... බොහෝ.... දේ කලයුතුව ඇත...(ස)
මට නම් පෙනෙන්නේ මේ ගැණු ළමයි දෙන්න ගුරුවරියයි, විදුහල්පතියි විතරක් නෙවේ මේ අදහස් දාන හැමෝමත් අන්දවල වගේ. මේ දෙන්න කොපි කරලා වෙන බොරු කතාවක් කියල තියෙන්නේ. දැන් කාලේ හැදෙන ළමයි කොහොමද කියල දන්නවනේ අපි. (ස)