මේ සිද්ධියට මුහුණ දුන්නේ බම්බලපිටිය, දුම්රියපොළ ආසන්නයේ ව්‍යායාමයේ යෙදුණු දිවයිනේ සුප‍්‍රකට ව්‍යාපාරිකයෙකි.
දිගු වේලාවක් ව්‍යායාම කිරීමෙන් පසු, ගලක් මත හිඳ විවේක ගත් ව්‍යාපාරිකයා ඉන් පිටව ආවේ දුම්රිය වේදිකාවේ කෙළවරින්ම ඊට ගොඩවෙමිනි.
සිදුවූයේ කිසිසේත් අපේක්ෂා නොකළ අකරතැබ්බයකි. දුම්රිය වේදිකාව හරහා පිටතට පැමිණෙමින් සිටි ව්‍යාපාරිකයා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂකවරුන්ගේ ග‍්‍රහණයට හසුවිය. ඒ වන විටත් ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව පැමිණි බොහෝ පිරිසක්ද පරීක්ෂකවරු විසින් අල්ලා ගනු ලැබ සිටියහ.
ව්‍යායාම කටයුතු සඳහා ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථය නවතා තිබුණේ දුම්රිය පොළට ඉදිරියෙන් සමුද්‍රාසන්න මාර්ගයේය. තමන් උදෑසන ව්‍යායාමයට පැමිණි අයකු බව සඳහන් කරමින් අතේ තිබූ ස්වයංක‍්‍රීය පාලකය මගින් සිය වාහනයේ එලාම් නාද කරවා පෙන්වීමට ද ව්‍යාපාරිකයා පියවර ගත්තේය. ඊට අමතරව ව්‍යායාම සඳහා ඇඳ සිටි ඇඳුම ද පරීක්ෂකවරුන්ට පෙන්වීය.
ලැබුණේ ගෝත‍්‍රික මට්ටමේ පිළිතුරකි. ඔය කතා වලින් අපට වැඩක් නැහැ. ටිකට් නැතිව ප්ලැට්ෆෝම් එකේ හිටිය එක අපට ඇති. දඩය රු 2520 යි. ඒක ගෙවලා යන්න පුළුවන්. දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂකයන්ගෙන් ව්‍යාපාරිකයාට ලැබුණේ එවැනි පිළිතුරකි.
අවසානයේදී උදේ ඇවිදීමට පැමිණි ව්‍යාපාරිකයා ටිකට් නැතිව දුම්රියෙන් ගිය පිරිස අතර දුම්රිය පොළෙහි කාමරයකට කොටු කෙරුණි. කිසිවකට සවන් නොදෙන පරීක්ෂකවරුන්ගෙන් බුද්ධි මට්ටමෙන් විසඳුමක් නොලැබෙන බව දැනගත් ව්‍යාපාරිකයා සාක්කුවේ තිබූ පසුම්බිය ගෙන ඒ අතර තිබූ රුපියල් 5000 නෝට්ටුවක් දඩ ගෙවීම සඳහා දුන්නේ හැකි තරම් ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටවී යෑමේ අරමුණින්ය.
රුපියල් 2520 දඩය අය කර ඉතිරි මුදල් දීමට පරීක්ෂකවරුන් අත මුදල් නොතිබුණි. දඩ එකතු කර රුපියල් 5000 හි ඉතිරි මුදල් දෙනතෙක් තවත් කාලයක් කාමරයේ කොටු වී සිටීමට ව්‍යාපාරිකයාට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්දියක් විදියට නීතියේ හැටියට ටිකට් පරීක්ෂකවරු හරි. නමුත් ප්‍රස්නේ තියෙන්නේ රටේ අනිත් හැම තැනම 100% ක් ම අවනීතිය තියෙද්දී මෙතන විතරක් නීතිය ක්‍රියාවට නැගීම තමයි (නදී)
මම හැමදාම දෙවැනි පන්තියේ ටිකට් අරගෙන හිටගෙන යනවා. මොකද 3 පන්තියේ ටිකට් ගත් අය 2වන පන්තියේ වාඩිවෙලා. හරි අසාධාරනයි (නි)
ඔව්, සම්පුර්ණ වැරැද්ද ව්‍යාපාරිකයාගේ. ඔහුට දුම්රිය වේදිකාවට යාමට කිසිදු අයිතියක් නැහැ. නීතිවිරෝධී දෙයක් කළවිට දඩුවම් ලැබිය යුතුයි (නි)
අනිත් සිද්ධි ගැන නම් දන්නේ නෑ, හැබැයි නීතිය නම් කිසිම හේතුවකට ප්‍රවේශ පත්‍රයක් නැතිව දුම්රිය වේදිකාවේ සිටීම තහනම්. (දී)
මේ පරීක්ෂක වරුන්ට වරදක් කියන්න බැහැ (දී)
ටිකට් පරීක්ෂකවරුන්ගේ වරදක් නැහැ තමා. ඒත් ඔය ටිකට් පරීක්ෂකවරුන් කියල කියන්නේ බඩගින්නේ ඉන්න දඩ බල්ලෝ වගේ ජාතියක්. කෙනෙක් ටිකට් නැතුව අහුවුනොත් බෙල්ලෙන් අල්ලාගෙන යන්නේ. කිසිම ගරු සරුවක් නැතිව රාජකාරි කරන ජාතියක් ඔය දුම්රියේ වැඩ කරන්නේ. හැබැයි එහෙම අල්ලාගෙන ගිහිල්ලා හොඳවයින් කාපු වෙලාවලුත් තියෙනවා. අනික ඔය මහත්තයට තිබුනේ වේදිකා ප්‍රවේශ පත්‍රයක් අරගෙන යන්නයි. (නදී)
පුදුම වැඩක්නේ මේක! දෙවියන්ම සාක්කි තමයි (නි)
වරද නම් ව්‍යාපාරිකයාගේ තමයි. එහෙත් ඉතුරු මුදල් දීම පමා කරන්න පරීක්ෂකයන්ට අයිතියකුත් නැහැ. (නි)
ඉතිරි සල්ලි දුන්නාද දන්නේ නැහැ (දී)
දුම්රිය වේදිකාවට ගොඩ විමට රුපියල් 10ක් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුයි. නීතිය අකුරට ක්‍රියාත්මක වීම ගැන සතුටු වන්නේ නැතුව එයට ගෝත්‍රික ස්වභාවයක් ආරූඞ කිරීම ගැන විරෝධය. (දී)
ඔව් අද අපි පත්වෙලා තියෙන්නේ මේ වගේ අසාදාරණයෙන් ජිවත් වෙන අය අතර නිහඩව සිටීමයි., ලොව කොතැනක ලාංකිකයන් සිටීද එතන රජ කරවන්නේ බොරුවයි, මොනවා කරන්නද දඩය ගෙවලත් යන්න බැරි උනානේ...!! (දී)
එතකොට ගාඩ් මහත්තුරු ගාර්ඩ් පෙට්ටියේ හොරෙන් එක්කගෙන යන අයට දඩ නැද්ද ? (නදී)
තිරිසන් ගති විවිද මුහුණුවරින් දැකගත හැක. (නදී)
ඔය වගේ පරීක්ෂකලා දන්නේ ඔය වගේ මොට්ට වැඩ තමයි. කොහොම හරි ඒ අයට ඕනේ දඩ එකතු කරන්න. ඕවගෙන් වෙන්නේ මිනිසුන් අතර ගුණදම් පිරිහෙන එක විතරයි. අද ඉදන් ඒ ව්‍යාපාරිකයට ටිකෙට් පරීක්ෂාකළා කියන්නේ නයාට අඳු කොළ වගේ. (නදී)
සල්ලි තිබුනට බුද්ධිය නැහැ. ව්‍යාපාරිකයා නීතියට අවනත විය යුතුයි (නි)
සහතික ඇත්ත අපි පාසලේ වැඩකටයුත්තකට දුම්රිය ස්ථානයකට ගියා අපිට සැලකුවේ සත්තුන්ට වගේ (දී)
ඔය වගේ අය වහාම අස්කරන්න ඕනේ.(දී)
මේ කතාව ඇත්ත. මේ වගේ දෙකට මමත් මුණ දුන්න. මේ අය කිසිම ප්‍රයෝගික දැනීමක් නැති බුද්දි මට්ටම ඉතාම පහල මට්ටමක ඇති අය සේ ක්‍රියා කරන අයයි. මොවුන් මේ වෙලාවට කතා කරන්නෙත් හැසිරෙන්නෙත් හොරෙකු අල්ල ගත්ත වගේ. කනගාටුයි ඒ අය ගැන ගොඩක්. (දී)
වෙලා තියෙන දේ වරදක් පේන්න නෑ. කොහොමත් දුම්රිය වේදිකාවෙ ටිකට් නැතුව හිටිය එක වැරදියි. (ස)
සල්ලි තියෙන කෙනෙක් කියල දැනගෙන "සර් පොඩ්ඩක් එහාට යමු" කියල 1000ක් අරන් නිදහස් කලේ නැති එක ඇති. ලංකාවේ නීතිය අනුව දුම්රිය වේදිකාවට ඇතුල් වීමට ටිකට් ඕනෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වෙන්න අපිට බැහැ නේද? (ස)
සමහරුන්ගේ අදහස් ගැන පුදුමයි. මෙතන ටිකට් මහත්තුරු අතේ කිසිම වැරද්දක් මට නම් පේන්නේ නෑ. රටක් දියුණු වෙන්න නම් නීතිය සැමට සමාන වෙන්න ඕනි. අනෙක නොදන්නා කම නිදහසට කාරණයක් නොවෙයි නේ. එයා නීතිගරුක වෙලා දුම්රිය වේදිකාවට නොගියා නම් ඉතුරු මුදල් ප්‍රශ්නයකුත් නැ නේ.(නදී)
නීතිය අකුරට ක්‍රියාත්මක උන සිදුවීමක් අසන්න ලැබීමත් සතුටුයි. (නදී)
කෝච්චියේ හොරෙන් යන අය හෙමින් මාරුවෙන ක්‍රම දන්නවා.මොලයක් නැති යකඩ යක්කු සමග කතා කරනවාට වඩා..2520/= ගෙවීම පිනකට දුන්නා ..යන්න සිතීම අගෙයි... (ස)
අයියෝ! ඇයි ඇමතිවරයෙකුට හරි වෙන බලවතෙකුට හරි දුරකතන ඇමතුමක් නොදුන්නේ? (නි)
අපි හිතුවේ මේ වගේ අය ඉන්නේ පොලිසියේ විතරයි කියලා (නදී)
හොඳ වැඩේ එක අතකට.අද විනය කියන එක දඩ ගහලා තමයි හදන්න වෙලා තියෙන්නේ (නි)
මේ මනුස්සයා ප්ලැට්ෆෝම් එකට ආවේ කොහොමද ටිකට් එකක් නැතුව (දී)
දුම්රියෙ ගියත් එකයි , ප්ලැට්ෆෝම් එකේ හිටියත් එකයි .දුම්රිය මාර්ගයේ ගියත් එකයි ,වරද එකයි (දී)
ටිකට් නැතුව දුම්රියෙන් ගමන් කරනවා නම් දඩ ගහන එක සාදාරනයි (නදී)
චාමික කොලේ මඩවන එකා කොලෙන් කන්නෙ නැතුව කැලෙන් කන්නද (නදී)
මමත් පොඩි කාලේ 88 විතර ඔය විදිහට ආසාවට කෝච්චි බලන්න ගිහින් අහු උනා. උන් මගේ ඔරලෝසුව ගත්තා. (නදී)
මෙතන සම්පුර්ණ වැරැද්ද සුප්‍රකට ව්‍යාපාරික මහතාගේ. ඒකට හේතුව තමයි කිසිදාක දුම්රියක ගමන් කර නොතිබීම. දුම්රිය ස්ථානයක් පිලිබඳව නිසි අවබෝදයක් නොතිබීම. බාප්පලා පෙනී පෙනී අවසර පතක් නොමැතිව වේදිකාවට ගොඩ වීම. (නදී)
යමක් තේරුම් ගන්නට තරම් මොලයක් නැති පරීක්ෂකයෝ විතරක් නෙවේ කාට උනත් ගසලා දාලා යන්නේ ඔය වැඩ නිසා තමා (නදී)
බාප්පලාගේ කනෙන් රිංගලා යන හැටි උපදෙස් ගන්න " සමුද්‍ර දේවියෙන් " උදේ හවා වැඩට යන එන "කිසිදා ටිකට් නොගන්නා සංගමයේ " සාමාජික මහතෙකුගෙන්. (නදී)
මෙතන අදහස් දාන කට්ටියව බලද්දී හිනා යනවා. නීතිය ක්‍රියාත්මක නොවෙන වෙලාවටත් බනිනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොටත් බනිනවා. කට්ටියගේ දැන ගැනීමට කියන්නේ ශ්‍රී ලංකාවේ නීතියක් තියනවා දුම්රිය වේදිකාවට ගොඩවෙනවා නම් ටිකට් පතක් ගතයුතුයි කියා. වේදිකාවට ගොඩවීමට පමණක් නම් වෙනම වේදිකා ප්‍රවේශ පතක් තියනවා. මෙම සිද්ධියේ නම් මට දුම්රිය පරීක්ෂකවරුන් ගේ ක්‍රියාවේ නම් වරදක් පෙනෙන්නෙ නෑ. හැබැයි ඔවුන් ගේ කතා විලාශය කොහොමද දන්නේ නෑ. ව්‍යාපාරික මහත්තයා වුනත් ලංකාවේ නීතිය දැනගන්න එක හොඳයි. (නදී)
යන මිනිස්සුත් යන්න කලින් ටිකක් හිතන්න ඕනෑ (නි)
ව්‍යායාම වලට ගිය මනුස්සයා වැරදියි (දී)
මෙයා කරපු වැඩේ හරි, මොන මානසික මට්ටමක හිටියත් ටිකට් පතක් නැතිව වේදිකාවට එතුලු වීම තහනම් එය කටත් පොදු දෙයක්,මගෙ ආචාරය ඔහුට (දී)
සම්පුර්ණ වැරැද්ද වියාපාරිකයාගේ. ඔහුට දුම්රිය වේදිකාවට යාමට කිසිදු අයිතියක් නැහැ. නීති විරෝදී දෙයක් කරාම දඩුවම් ලැබිය යුතුයි. (නදී)
අපේ රටේ ඉන්නේ ඔලුව ඉදිමිච්ච නිලධාරී කොට්ටාශයක්. යමක් හොඳින් සොයා බලා නිවැරදි තීරණයක් ගැනීමට ඔවුන්ට බුද්ධියක් නැතිවා මෙන්ම එසේ කිරීමට ඔවුන්ට උවමනාවක්ද නැත. ඉතාමත් සුළු නිලධාරීන් පිරිසක් පමණක් ප්‍රශන්සනාත්මක සේවයක් ඉටු කරනු දකින්න පුළුවනි. මෙවන් පුද්ගලයින්ට නීතියෙන් දඬුවම් කරනවා හැර වෙන විකල්පයක් නැත. (දී)
ලක්ෂපාන හරි. ටිකත් නැතුව ප්ලට්ෆොර්ම් එකට එන්න පුළුවන් බම්බලපිටියේ කොල්ලු පිටියේ. බොහොමයක් මගින් එතනින් ගමන් කරනවා බස් රථ නැවතුම් පොළ නිසා. බස් මගහැර දුම්රියට එන්න. මොකද අපේ එකක් මග හැරුනොත් තව පැයක් ඉන්න වෙනවනේ (නදී)
මේ අයට නිලධාරීන් කියා හඳුන්වන්නත් බැහැ. අවස්ථානුකූලව නීතිය මෙහෙයවන / පසිඳලන නිලධාරීන් විදියට ස්වභාවික නීතියට ගරු කරන්න ඕනෑ.මෙච්චර සාක්ෂි ඉදිරිපත් කරද්දී ඒ ගැන නොවැටහෙන අයද පරීක්ෂකවරුන් ලෙස බඳවාගෙන තිබෙන්නේ? (නි)
නිතිය අකුරට ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙනවා තර තිරම නොබලා. එය ගෝත්‍රික මට්ටමක් කියා පහල දැමීම හෙළ දකිනවා. ටිකෙට් පරීක්ෂකවරුන්න්ට ප්‍රණාමය. (නදී)
නුවන්- ඔබ වැරදි දුම්රිය වේදිකාවට ඇතුල් වෙන්න අවසර පතක් ලබාගත යුතුයි. එය මෙම ව්‍යාපාරිකයාගේ වැරද්දක්. දුම්රිය ගමන් කරන කෙනෙක්ට දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් වේදිකාවට ඇතුල් වෙන්න පුළුවන්, නැතුව දුම්රියේ යන්න බැහැනේ නිලදාරීන්ගේ වැරද්දක් නැහැ . ඔවුන්ගේ සේවය අගය කල යුතුයි (දී)
හොඳයි වැඩේ (නි)
හොදයි ඕක මට උනානම්, පත්තරේ දානවද? සල්ලි බලේ. දඩ ගහන්න ඕනේ වරදට. (ස)
ගෝත්රික මට්ටේමේ ව්‍යාපාරිකයෙක් ටිකට් නැතිව දුම්ම්රිය පොලට ගිහාම වරද කාගේද.මෙය ලොකු මිහෙක් නිසා වෙනම නීතියක් ඕනෙද? (දී)
අනේ දුම්රිය පරීක්ෂකයන්ගේ වීරකම් ගැන මොනවට කතාද ? ඔය මහත්තයට නිතිය ක්‍රියාත්මක කරන වෙලාවේ ලුනාවෙන් නැගපු 15 දෙනෙක් විතර ටිකට නැතුව ඔතනින් මාරුවෙලා ගියා. (නදී)
ඇවිදගෙන ගියත් දඩ ගෙවන්න ඕනෑද? (නි)