(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
යාබද නිවසේ සිටින දරුවාට වඩා තමන්ගේ දරුවා මෙවර සමත් කිරීමට යයි සිතා කපුමහතකුට දහසින් බැඳි පියලි දී ලබාගත් ඥානශක්තිය වැඩිවීමට ජීවම්කරන ලදැයි කියන දියරයක් විභාග දිනය දා පෙවීමෙන් එම දරුවාට උසස් පෙළ විභාගය පළමු දිනයේදීම උත්තර පත‍්‍රයට ලියන්න තිබූ අවස්ථාව මගහැරීයාම නූලෙන් බේරුණු පුවතක් දකුණ පළාතේ දුෂ්කර ගමකින් වාර්තා විය.
දෙවැටේ දෙගොල්ලන්ම තරහකරුවෝය. ඒ පැළ ඉනි වැටට ය. මේ නිසා දෙගොල්ලන් අතර නිතරම තිබුණේ කිවනොහැකි තරහයකි. මේ දෙගොල්ලන්ටම මේ පාර උසස් පෙළ විභාගය ලියන පුත්තු දෙදෙනෙකි. මෙයින් එක් ගෙදරක දෙන්න දෙමහල්ලෝ අනෙක් ගෙදර දරුවාට වඩා තමන්ගේ දරුවා විභාගය ඉහළින්ම සමත් කරවීමට ප‍්‍රදේශයේ නමක්ගත් කපුමහතකුගේ පිහිට පැතූහ. එම කපු මහතාට විශාල මුදලක් ගෙවා ඔවුහු ඥාන ශක්තිය වැඩි කිරීම සඳහා යයි කියන ජීවම් කරන ලද දියරයක් ලබාගත්හ. මේ දියරය විභාගයට යන සෑම දිනකම උදේ පාන්දරම හිස්බඩම මේස හැන්දක් පානය කළ යුතු යැයි කපුමහතාගෙන් උපදෙස් ලැබී තිබිණි.
උසස් පෙළ විභාගය පෙරේදා (4) පටන් ගත්තේය. මේ දරුවා අලූයම් කාලයේම අවදිවූයේ එදින උදේ ලියන්න තිබුණු විෂයට සූදානම්වීමට ය. ඒ සමගම අවදිවූ ඔහුගේ මාපියෝ කපුමහතා ඥාන ශක්තිය වැඩිකිරීමට දුන්නු දියරයෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් කපුමහතා කී පරිදිම හිස් බඩම පෙවූහ.
දරුවාට එම දියරය පොවා ගතවූයේ විනාඩි කිහිපයකි. ඔහුට නොනවත්වාම වමනය යන්නට විය. ඒ මදිවට ඇෙඟ් රතු පැහැති ලප ද දැම්මේය. එමෙන්ම එක දිගට වැසිකිළියාමට සිදුවිය. මේ නිසා ඔහුට එදා තියෙන විෂය සම්බන්ධයෙන් පාඩම් කිරීමටද නොහැකි විය. මේ රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවීමක් දක්නට නොලැබිණ. විභාගය ලියන්න තවත් හෝරා කිහිපයක් ඇති බැවින් මේ ගෙදර දෙන්න දෙමහල්ලෝ කපුවා දුන්නු දියරයත් සමගම නගරයේ වෛද්‍යවරයකු වෙත දරුවා කැඳවාගෙන ගියහ.
දරුවාට බොන්න දුන්නු දියරය පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ මේ දියරය නිසා දරුවාට අසාත්මිකතාවක් ඇතිවී තිබෙන බවය. එම තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු එම දරුවාට සුවයක් ලැබුණේ විභාගය ලියන්න යන්න තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදීය. දරුවා කෙසේ හෝ පළමු දවසේ විභාගයට ගිය අතර ඔහු විභාගයට ගියේ තමාගේ ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමට බොන්න දිරයක් දුන්නු කපුවාටත් ඔහුගේ මාපියන්ටත් දෙස් දෙවොල් තබමින් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා කියල තියෙන්නේ ඇත්ත. මේ සිද්ධිය නිසා ඒ මුළු පවුලේම අයගේ ඥාන ශක්තිය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඇති (මීට පස්සේ මේ වගේ ගොන් වැඩ නොකරන්න) (බ)
අයියෝ පවු! (නි)
මිත්‍යදෘෂ්ඨික අය ඊර්ෂ්‍යා කිරීම, කළගුණ අමතක කිරීම, මුල අමතක කිරීම, එකෙක් පාගා අනික නැගිටීමට උත්සහ දැරීම මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණ අතර වේ.
රටේ පළමු පුරවැසියාගේ ඉදන්ම අන්ධ විශ්වාස. අපේ රට කොහේ නතර වෙයිද මන්දා.(ම)
අහිංසක කොල්ලගේ අනාගතේ භාගයක්ම විනාශ කරලා. ළමයා කොහොමද විභාග ලියන්නේ වමනේ යද්දී. මෙහම මෝඩ දෙමව්පියෝ ඉන්නවා කියල ඇහුවම හරිම කනගාටුවක් ඇතිවුණා. (ම)
ලංකාවට කිසිදවසක සෙතක් වෙන්නේ නැත්තේ ඔය වගේ අඥාන මිනිස්සු රට පුරාම තවමත් ඉන්න නිසා. (නි)
ඇත්තටම මෙහෙමත් පිස්සු මිනිස්සු! (නි)
මේ බෙහෙතෙන් පොල්කටු හැන්ද ගානේ බිව්වා නම් උසස්පෙළ සහතිකය නොවෙයි මරණ සහතිකයම නිකන්ම ලැබේවි. (නි)
21 වන සියවසේ අභියෝග ජයගැනීමට සුදානම්වන දරුවාට අන්ධභක්තික ආශිර්වාද ලබාදීමට උත්සුකවු දෙමාපියන්ටත් එම ආශිර්වාදය සඳහා විශ්ව සහ ඥාන ශක්තිය ඇති දියර දුන් කපුවාත් මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වුවවොත් හොඳයි කියලා මට හිතෙනවා. (නි)
පිස්සු අැයට (නදී)
දෙන්නද මේ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වටිනා කියන බෙහෙතක්? ඔය රසායන විද්‍යාව, භෞතික විද්‍යාව,ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සඳහා පුරාණයේ අපේ මුතුන් මිත්තන් භාවිතා කළ කසාය රත්නය!!අත්දුටුයි සත්‍යයි. වෙන කිසිම තැනක නැහැ.අවශ්‍ය අයට දෙන්න පුලුවන් (නි)
අපරාදේ මේ දෙමවුපියෝ කරලා තියෙන්නේ මහා මෝඩ කමක් , අර අහවල් බේබි ගෙන් ලියුමක් අරන් පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක හමු වුනානම් විභාගේ ගොඩ දාල සහතිකේ ගෙදරටම ගෙනත් දෙනවා (බ)
මේ වගේ බුරු, හරක්, මෝඩ තක තීරු තවමත් මිත්‍යා විස්වාසයන් කෙරෙහි එල්බගෙන ඉන්න අපේ රටේ බහුතරයකට දෙවියන්ගේ පිහිටයි. මේකෙන් මිදෙන්න එක ක්‍රමයක් මේ මිනිස්සු රවටන පේන කාරයින්ව උල තියන්න නීති අලුත් රජයෙන් හඳුන්වා දේවි කියා ප්‍රර්ථනා කරනවා. (නදී)
මේක සෑම දෙමාපියෙකුටම අඩු වැඩි ලෙස අදාළයි.මම විභාගය ලියන්න යනකොට අම්මා වතුර කළයකුත් අරන් ඉස්සරහට එන්න හිටියා. මම පිටුපස දොරෙන් පැනලා ගියා.අද මම ඉතාම උසස් රැකියාවක් කරනවා උපාධියකුත් අරගෙන.මේ විකාර නොකර දරුවන්ට නිදහසේ ඉන්න දෙන්න (නි)
මනස්ගාත, රට ඉන්න අපේ දරුවන්ට මේ කිසි දෙයක් කරන්නේ නැහැ. දරුවාගේ පාඩුවේ පාසැලේ සහ ගෙදර වැඩ විනෝදයෙන් කාලසටහනක් අනුව ඉගෙනීම කරගෙන යන්නේ. වැඩිවියට,විවාහයට මොන නැකතක්වත් නැහැ. (නදී)