IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


විභාගේ උඩින් පාස්වෙන්න ගිහින් විභාගයදා වැසිකිළියේ ඉන්න වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
යාබද නිවසේ සිටින දරුවාට වඩා තමන්ගේ දරුවා මෙවර සමත් කිරීමට යයි සිතා කපුමහතකුට දහසින් බැඳි පියලි දී ලබාගත් ඥානශක්තිය වැඩිවීමට ජීවම්කරන ලදැයි කියන දියරයක් විභාග දිනය දා පෙවීමෙන් එම දරුවාට උසස් පෙළ විභාගය පළමු දිනයේදීම උත්තර පත‍්‍රයට ලියන්න තිබූ අවස්ථාව මගහැරීයාම නූලෙන් බේරුණු පුවතක් දකුණ පළාතේ දුෂ්කර ගමකින් වාර්තා විය.


දෙවැටේ දෙගොල්ලන්ම තරහකරුවෝය. ඒ පැළ ඉනි වැටට ය. මේ නිසා දෙගොල්ලන් අතර නිතරම තිබුණේ කිවනොහැකි තරහයකි. මේ දෙගොල්ලන්ටම මේ පාර උසස් පෙළ විභාගය ලියන පුත්තු දෙදෙනෙකි. මෙයින් එක් ගෙදරක දෙන්න දෙමහල්ලෝ අනෙක් ගෙදර දරුවාට වඩා තමන්ගේ දරුවා විභාගය ඉහළින්ම සමත් කරවීමට ප‍්‍රදේශයේ නමක්ගත් කපුමහතකුගේ පිහිට පැතූහ. එම කපු මහතාට විශාල මුදලක් ගෙවා ඔවුහු ඥාන ශක්තිය වැඩි කිරීම සඳහා යයි කියන ජීවම් කරන ලද දියරයක් ලබාගත්හ. මේ දියරය විභාගයට යන සෑම දිනකම උදේ පාන්දරම හිස්බඩම මේස හැන්දක් පානය කළ යුතු යැයි කපුමහතාගෙන් උපදෙස් ලැබී තිබිණි.


උසස් පෙළ විභාගය පෙරේදා (4) පටන් ගත්තේය. මේ දරුවා අලූයම් කාලයේම අවදිවූයේ එදින උදේ ලියන්න තිබුණු විෂයට සූදානම්වීමට ය. ඒ සමගම අවදිවූ ඔහුගේ මාපියෝ කපුමහතා ඥාන ශක්තිය වැඩිකිරීමට දුන්නු දියරයෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් කපුමහතා කී පරිදිම හිස් බඩම පෙවූහ.


දරුවාට එම දියරය පොවා ගතවූයේ විනාඩි කිහිපයකි. ඔහුට නොනවත්වාම වමනය යන්නට විය. ඒ මදිවට ඇෙඟ් රතු පැහැති ලප ද දැම්මේය. එමෙන්ම එක දිගට වැසිකිළියාමට සිදුවිය. මේ නිසා ඔහුට එදා තියෙන විෂය සම්බන්ධයෙන් පාඩම් කිරීමටද නොහැකි විය. මේ රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවීමක් දක්නට නොලැබිණ. විභාගය ලියන්න තවත් හෝරා කිහිපයක් ඇති බැවින් මේ ගෙදර දෙන්න දෙමහල්ලෝ කපුවා දුන්නු දියරයත් සමගම නගරයේ වෛද්‍යවරයකු වෙත දරුවා කැඳවාගෙන ගියහ.


දරුවාට බොන්න දුන්නු දියරය පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ මේ දියරය නිසා දරුවාට අසාත්මිකතාවක් ඇතිවී තිබෙන බවය. එම තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු එම දරුවාට සුවයක් ලැබුණේ විභාගය ලියන්න යන්න තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදීය. දරුවා කෙසේ හෝ පළමු දවසේ විභාගයට ගිය අතර ඔහු විභාගයට ගියේ තමාගේ ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමට බොන්න දිරයක් දුන්නු කපුවාටත් ඔහුගේ මාපියන්ටත් දෙස් දෙවොල් තබමින් ය.



අදහස් (0)

විභාගේ උඩින් පාස්වෙන්න ගිහින් විභාගයදා වැසිකිළියේ ඉන්න වෙලා

සෙලෙන්සියස් Thursday, 06 August 2015 08:33 AM

කපුවා කියල තියෙන්නේ ඇත්ත. මේ සිද්ධිය නිසා ඒ මුළු පවුලේම අයගේ ඥාන ශක්තිය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඇති (මීට පස්සේ මේ වගේ ගොන් වැඩ නොකරන්න) (බ)

:       0       0

නිර්මල Sunday, 09 August 2015 01:15 PM

අයියෝ පවු! (නි)

:       0       0

හප්පාවන පැතුම් Friday, 07 August 2015 04:58 AM

මිත්‍යදෘෂ්ඨික අය ඊර්ෂ්‍යා කිරීම, කළගුණ අමතක කිරීම, මුල අමතක කිරීම, එකෙක් පාගා අනික නැගිටීමට උත්සහ දැරීම මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණ අතර වේ.

:       0       0

පුබුදු Thursday, 06 August 2015 09:29 AM

රටේ පළමු පුරවැසියාගේ ඉදන්ම අන්ධ විශ්වාස. අපේ රට කොහේ නතර වෙයිද මන්දා.(ම)

:       0       0

නිලාන් - කටාර් සිට Friday, 07 August 2015 06:22 AM

අහිංසක කොල්ලගේ අනාගතේ භාගයක්ම විනාශ කරලා. ළමයා කොහොමද විභාග ලියන්නේ වමනේ යද්දී. මෙහම මෝඩ දෙමව්පියෝ ඉන්නවා කියල ඇහුවම හරිම කනගාටුවක් ඇතිවුණා. (ම)

:       0       0

පෙරේරා Friday, 07 August 2015 09:04 PM

ලංකාවට කිසිදවසක සෙතක් වෙන්නේ නැත්තේ ඔය වගේ අඥාන මිනිස්සු රට පුරාම තවමත් ඉන්න නිසා. (නි)

:       0       0

මජිඩ් Friday, 07 August 2015 09:12 PM

ඇත්තටම මෙහෙමත් පිස්සු මිනිස්සු! (නි)

:       0       0

සෑම් Thursday, 06 August 2015 07:38 AM

මේ බෙහෙතෙන් පොල්කටු හැන්ද ගානේ බිව්වා නම් උසස්පෙළ සහතිකය නොවෙයි මරණ සහතිකයම නිකන්ම ලැබේවි. (නි)

:       0       0

ටිකිරි Thursday, 06 August 2015 07:42 AM

21 වන සියවසේ අභියෝග ජයගැනීමට සුදානම්වන දරුවාට අන්ධභක්තික ආශිර්වාද ලබාදීමට උත්සුකවු දෙමාපියන්ටත් එම ආශිර්වාදය සඳහා විශ්ව සහ ඥාන ශක්තිය ඇති දියර දුන් කපුවාත් මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වුවවොත් හොඳයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

ඡයා Saturday, 08 August 2015 09:35 AM

පිස්සු අැයට (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 09 August 2015 04:09 AM

දෙන්නද මේ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වටිනා කියන බෙහෙතක්? ඔය රසායන විද්‍යාව, භෞතික විද්‍යාව,ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සඳහා පුරාණයේ අපේ මුතුන් මිත්තන් භාවිතා කළ කසාය රත්නය!!අත්දුටුයි සත්‍යයි. වෙන කිසිම තැනක නැහැ.අවශ්‍ය අයට දෙන්න පුලුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 August 2015 08:08 AM

අපරාදේ මේ දෙමවුපියෝ කරලා තියෙන්නේ මහා මෝඩ කමක් , අර අහවල් බේබි ගෙන් ලියුමක් අරන් පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක හමු වුනානම් විභාගේ ගොඩ දාල සහතිකේ ගෙදරටම ගෙනත් දෙනවා (බ)

:       0       0

මුදලිගේ Thursday, 06 August 2015 08:02 AM

මේ වගේ බුරු, හරක්, මෝඩ තක තීරු තවමත් මිත්‍යා විස්වාසයන් කෙරෙහි එල්බගෙන ඉන්න අපේ රටේ බහුතරයකට දෙවියන්ගේ පිහිටයි. මේකෙන් මිදෙන්න එක ක්‍රමයක් මේ මිනිස්සු රවටන පේන කාරයින්ව උල තියන්න නීති අලුත් රජයෙන් හඳුන්වා දේවි කියා ප්‍රර්ථනා කරනවා. (නදී)

:       1       0

සම්පත් Friday, 07 August 2015 03:01 AM

මේක සෑම දෙමාපියෙකුටම අඩු වැඩි ලෙස අදාළයි.මම විභාගය ලියන්න යනකොට අම්මා වතුර කළයකුත් අරන් ඉස්සරහට එන්න හිටියා. මම පිටුපස දොරෙන් පැනලා ගියා.අද මම ඉතාම උසස් රැකියාවක් කරනවා උපාධියකුත් අරගෙන.මේ විකාර නොකර දරුවන්ට නිදහසේ ඉන්න දෙන්න (නි)

:       0       0

චිත්‍රා Friday, 07 August 2015 11:59 AM

මනස්ගාත, රට ඉන්න අපේ දරුවන්ට මේ කිසි දෙයක් කරන්නේ නැහැ. දරුවාගේ පාඩුවේ පාසැලේ සහ ගෙදර වැඩ විනෝදයෙන් කාලසටහනක් අනුව ඉගෙනීම කරගෙන යන්නේ. වැඩිවියට,විවාහයට මොන නැකතක්වත් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 50 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 445 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 34 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 783 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 871 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 685 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 741 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site