කඳුකරයේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක පසුගියදා විනෝද මේලාවක් පැවැත්වීය. එය සංවිධානය කළේ ආයතනයේම උගත් ශිෂ්‍ය කණ්ඩායමකි. ආදායමෙන් සියයට දහයක් ආයතනයට දෙන බවට ගිවිසුමක්ද විය.
උත්සවය මහ ඉහළින් පැවැත්විය. සති දෙක තුනක් ගියත් අයවැය ඉදිරිපත් නොකිරීම ගැන සැකයට පත් ආයතන ප‍්‍රධානියා එහි සංවිධායකවරු කැඳවීය.
‘‘වැඬේ මහ ඉහළින් තිබුණනේ. කෝ අය වැය හැදුවාද අපටත් සියයට දහයක් දෙන ගිවිසුමක් තියෙනවනෙ’’ ආයතන ප‍්‍රධානියා කීය. ‘‘සර් හම්බවෙන්න හිතාගෙන තමයි හිටියේ. මේකෙ සංවිධාන වැඩවලට රුපියල් ලක්‍ෂ තුනක් විතර ගියා.
ආදායම ලක්‍ෂ දෙක හමාරයි. හිඟ. රුපියල් පනස්දාහෙන් සියයට දහයක් විදියට රුපියල් පන් දාහක් වත් සර්ගෙන් ඉල්ලමුද කියල’’ සංවිධායක වරයකු කීමෙන් ආයතන ප‍්‍රධානියාට දෙවියන් සිහිවුනාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විනෝද මේලාවේ ආදායම මදි වී ප‍්‍රධානියාගෙන් සල්ලි ඉල්ලලා
සම්පත් Friday, 11 January 2013 12:02 PM
අනේ මන්දා (දී)
වරුණ Friday, 11 January 2013 08:43 AM
ටිකට් ටික චෙක් කරානම් හොයාගන්න තිබුණා. (ස)
සරත් Friday, 11 January 2013 08:55 AM
ඔය වගේ දේවල් සංවිධානය කරන්න මේ වගේ අය හරි දක්ෂයි (ස)
තරංග Saturday, 26 January 2013 10:20 PM
වරුණගේ අදහස හරියටම හරි..!(නු)
චන්දිම Monday, 14 January 2013 06:07 PM
මෙහෙමත් කට්ටියකුත් ඉන්නවනේ. (නි)
ලාල් Saturday, 12 January 2013 03:00 PM
දෙන්න එපා, එක සතයක්වත් (දී)
ලලිත් Saturday, 12 January 2013 03:03 PM
මේක සහතික ඇත්තක්ද ?? අමූලික ඇත්තක්ද ????? (ස)