තමාගේම ගෙවත්ත පිරිසුදු කිරීම සඳහා කම්කරුවන් සොයාදී, සිය බිරියගෙන් මෙන්ම එම කම්කරුවන්ගෙන්ද බ්‍රෝකර් ගාස්තු ඉල්ලා ගත් බව කියන සැමියකු පිළිබද පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ ආයතනයක සුළු රැකියාවක් කළ අයෙකි. පඩියෙන් සුළු මුදලක් බිරිය අත තැබූ හෙතෙම ඉතිරි සියල්ලම මත් පැන් පානයට වෙන් කළේ පවුල් ජීවිතය ගැන තුට්ටුවකට මායිම් නොකරමිනි.
ඒ නිසාම සුළු වෙළෙඳාමක් කළ බිරිය පවුලේ සියලු බර කරට ගත්තේ කරන්නට අන් යමක් නොවූ බැවිණි. ගෙවත්ත කැලෑවෙන් යටවී තිබෙනු දුටු බිරිය එය එළි පෙහෙළි කර දෙන්නැයි ඔහුට කීප විටක්ම කියා සිටියද හැම විටම ඔහු එය මග හැරියේ කුමක් හෝ නිදහසට කියමිනි.
බැරිම තැන සැමියා ඇමැතූ ඇය “මම සල්ලි දෙන්නම් වත්ත සුද්ධ කර ගන්නට කුලීකරුවන් දෙදෙනෙක් සොයා දෙන්න” යැයි ඔහුට කීවේ කරන්නට වෙනත් දෙයක් නැති නිසාය.
ඒ සඳහා නගරයට යාමට අවශ්‍ය බව පැවැසූ සැමියා බිරියගෙන් රුපියල් 500ක් ද රැගෙන එළියට බැස්සේ කෙසේ හෝ කම්කරුවන් දෙදෙනෙකු සොයාගෙන එන බවද පවසමිනි.
මොහොතක් ගතවෙද්දී ඔහු පැමිණියේ කම්කරුවන් දෙදෙනෙක්ද සමගිනි.
ඔහු පැවැරූ රාජකාරිය නිමාකොට කාන්තාවගෙන් දවසේ වැටුප ඉල්ලා සිටියේ මේ දිනවල කම්කරුවෙකුට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් සඳහන් කරමිනි.
මිනිසුන්ගේ කපටිකම් හොඳින් දන්නා කාන්තාවද මෙලෙස ගාන වැඩිපුර ඉල්ලීමට හේතුව දිගින් දිගටම විමසද්දී “අනේ නෝන, ඔයාගේ මහත්තය තමයි කිව්වේ වැඩිපුර 500 ක් අරන් වරෙල්ල හවසට පොඞ්ඩක් සෙට් වෙන්න කියලා” යනුවෙන් කුලීකරුවන් දෙදෙනා ඇඟට පතට නොදැනී පවසා ඇත්තේ ඇගේ හිසට යකා ආරූඪ කරමිනි.
(වියලුව වාර්තාකරු)
2025 ඔක්තෝබර් මස 08
1501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1337
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
වත්තේ වැඩට කම්කරුවන් සොයාදී බිරියගෙනුත් ගානක් කපලා