තේ පානය කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම සඳහා සිය නිවසේ වැඩට ආ පෙදරේරුවන්ට හා ගෝලයන්ට තේ නිවා පානය කිරීමට දුන් ගෙහිමි කාන්තාවක් පිළිබඳව දකුණේ ගමකින් වාර්තාවේ. සිය නිවෙස වටේ ආරක්ෂක තාප්පය බැඳීමට පෙදරේරුවන් දෙදෙනකුට හා ගෝලයන් දෙදෙනකුට බාරදෙනු ලැබිණි. උදේ දහයට හා සවස තුනට තේ සැපයූවේ මේ නිවසෙනි. වැඩට එන පෙදරේරුවන් දෙදෙනාට හා ගෝලයන් දෙදෙනාට සැමදාම ලැබෙන්නේ ඇල්වතුර ගානට නිවුන තේ කෝප්පයකි. දවසක් දෙකක් මේ අය ගෙහිමි කාන්තාවට මුවින් නොබැන තේ පානය කළේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි. මෙය ඉවසා බැරිම පෙදරේරුවන් හා ගෝලයන් ”අනේ නෝනා අපිට හැමදාම මේ නිවුණු තේ බොන්න බැහැ. අපි කඬේට ගිහිල්ලා තේ බොන්නම්” කී විට නෝනට නොදැනුවත්වම නෝනාගේ කටින් මෙයට හේතුව කියවුණා නොව පැන්නාය. ”මම ඔයගොල්ලන්ට තේ දෙන්නේ තේ නිවලා. එතකොට තේ බොන වෙලාව අඩුකරගෙන ඒ කාලයෙන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්” යයි ඇය කීවට ඔවුනට මේ පිළිබඳව රහස හෙළි විය. ඊට පසු හැමදාම උණු තේ ලැබුණ නමුත් තමන් ගොනාට අන්දන්න සැරසුණු නෝනාට හොඳ පාඩමක් උගන්වන්න ඕනැ යයි සිතා ඔවුහු දවසේ පැයක් පැය භාගයක් වැඩ අත ගාමින් සිටියහ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ බාස්ලා එක්ක වැඩකරන්න ගිහාම මිනිස්සුන්ට එපා වෙනවා....මා දකින්නේ මෙහෙම කරපු එක සාධාරණයි..(ස)
ලංකාවේ බාස්ලනම් වැඩ අතගානවා .හොරට වැඩ කරනවා විතරක් නෙමෙයි වැලි, සිමෙන්ති නාස්ති කරනවා ..පාඩුව අයිතිකරුවන්‍ට නේද ?? (ස)
හොදම වැඩේ. (නි)
හැම බාස් කෙනෙක්ම එකයි. නිකන් කාලේ කනවා. (නි)
තේ හින්දා මේ කාලය අපතේ....(ස)
අතේ ඇගිලි පහම එක සමාන නොවේ (නි)
මම බාස් උන්නැහේ නම් තේ එක ඔය ස්ත්‍රී පරාණෙගේ ඔළුවේ ගහල යනවා යන්න. මනුස්සකම නොදන්න කුහක, අධම කතක්. (නි)
අනේ මන්දා
කන බොන දේට එහෙම කරන එක වැරදියි. (නි)
තේ නිවන්න,දැන් ඉන්න සමහර බාස්ලා ඇල්වතුරත් නිවලා බොන්නේ..(ස)
මෙහි වෙලා තිබෙන්නේ කාලය, මුදල් හා ශ්‍රමය අපතේ හැරීම පමණක් නොව තමන්ට පවකුත් එකතුකර ගැනීමකි. වැඩේ භාරගන්න වේලාවෙහිම තේ පානය සදහා විනාඩි 10 ක් උදේ සවස අවශ්‍ය බවත් දිවා ආහාරය සදහා පැයක් අවශ්‍ය බවත් අයිතිකරුට පවසා සිටියහොත් ගැටළුවක් මතුවන්නේ නැහ. මුලින් ගිවිස ගන්න ඕනෑයි කියන්නේ මේවා නොවෙන්න තමයි. කුමන රැකියාවක් වුවත් තමන්ගේ රැකියාව හරියට, පිළිවෙලකට, සාධාරණව කරන්න ඕනෑ. නැත්නම් එහි ලැබෙන මුදල්වල වටිනාකමට සරිලන ඵල අපට ලැබෙන්නේ නැහැ. එය එවැනි රැකියාවල නිරත වූ අය තමන්ගේ මුදල්වලට සිදුවූ දේ පිළිබද සොයා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි. (නි)
වෙලාව ඉතුරුකර ගන්න ලැබුණේ නිවුණු තේ එක ටිකක් වෙලා අරන් උණු කරලා බිව්වනම් පහුවෙනිදට උණු උණු තේ ලැබෙයි...(ස)
අපිටත් පිස්සු වගේ මෙහෙම කතා ඇහෙද්දී (නි)
මොහොමඩ් සහ තිලත් ඔබලා හරි...(ස)
බාස්ලා කොහොමත් මකබාස් වැඩ කරනවා තමයි...(ස)
ඒවා හොද වැඩ. (නි)
අපිට මෙහෙම බාස්ලා හම්බ වෙන්නේ නැහැනේ. (නි)
උණූ හෝ නොවුණූ මොනවා දුන්නත් කොන්ත්‍රාත් දුන්නා නම් වැඩේ සතියෙන් ඉවරයි. (නි)
කොහොමත් වැඩ අතගාමින් ඉන්න අය තමයි වැඩි. ඔය මිනිස්සුම වැඩ කරන හැටි බලන්න කොන්තාත් ක්‍රමයට දීල බලන්න ඕනේ. එතකොට තේ බොන්නෙත් නෑ. හිටගෙනම වතුර බෝතලේ කටට හලාගෙන වැඩ. අපේ මිනිස්සු ප්‍රොඩක්ටිවිටි කියන එක දන්නෙම නෑ. තමන් කාර්යක්ෂමව වැඩ කිරීමෙන් ගොඩ නගන්නේ තමන්ගේම රටේ නිෂ්පාදන පරිමාව කියල කම්කරුවෙක් තියා උගත් කියන රජයේ සේවකයෝවත් දන්නේ නෑ වගේ. මගේ ගාවට එන කම්කරුවා ප්‍රමාණවත් වැඩ ප්‍රමාණයක් නොකලොත් බංකොලොත් වෙන්නේ මම විතරද ? නෑ ඔහුත් බංකොලොත් වෙනවා රටත් බංකොලොත් වෙනවා. (ස)
ඇති ඔය කාන්තාව නිවිච්ච තේ දීලා බේරුනා...(ස)
දවස් පඩි ගෙවන්න එපා. කොන්ත්‍රාත් දෙන්න. (නි)
මෙහෙමත් විකාර! (නි)
නියම කතාව නියම වැඩේ (දී)
4 දෙනෙක් එකතු වෙලත් තාප්පේ බඳින්න කල්පයක් ගිහින් වගේ .... මට පෙන්නේ නෝනට හම්බුවෙලා තියෙන්නේ බාස්ල නෙමෙයි මකබාස්ල 4 දෙනෙක් වගේ ....රටේ සියලු දෙනාගේ කාර්යක්ෂමතාවයේ තරම තමයි මේ පෙන්නුම් කරන්නේ ...(ස)
තේබොන වෙලාව කියන්නේ වැඩ කරන අයට විවේකයක් ලැබෙන වේලාව! ඒවා නැතිකරන එක අමනුස්ස කමක්.(නු)
තේ කෝප්පයටත් ලෝබ මිනිස්සු ඉන්න රටක් ,බාස් කර වැඩේනම් ගොඩක් හොඳයි...(ස)
බාසුන්නැහේ උනත් මනුශ්වයෙක්.. කන බොන දේට එහෙම කරන එක වැරදියි...!! තමන් යටතේ වැඩකරන සේවකයකටු හොදට සළකනවා නම් ඒ සේවකයොත් තමන් කරන වැඩේ ඉක්මනට මෙන්ම නිසියාකාරයෙන් කරනවා.. මෙතන කාන්තාව හරිම වැරදියි..!!(නු)
මොලේ උඩ ඉදගන්න අය කරන වැඩ.(ස)
දෙගොල්ලම වැරදි නෑ මේ විෂම චක්‍රය තුල අප සියල්ලන්ම සිරවෙලා හැල්මේ දුවනව මෙයට විසඳුම් සෙවීම හෝ ඉන් මිදිය යුතුය කියන හැඟීමක් හෝ කිසිවකුට නෑ ඌ මට ගහනව මට ඌට ගහනව වගේ අන්තිමට තමන්ටම ආ පිට වෙන බව කවුරුත් දන්නෑ (ස)
අපිත් ගෙවල් හැදුවේ ඔය වගේ මිනිස්සු එක්ක, කියලා වැඩක් නෑ...(ස)
දවස් දෙකක් බලන් හිටියේ ඇයි (දී)
වැඩ ගන්නවා වගේම ඒ අයට හොදට සළකන්නත් ඕනෑ. (නි)