බස්නාහිරයි. පුංචි ඉතාලිය යනුවෙන් තවත් නමක් ඇති පැත්තකි. මහා මන්දිර බොහෝය. ගෙයක් හැදීමට වැයවන මුදල් වැයකර ඉදිකළ ස්වංක‍්‍රීය ගේට්ටුවකි. දුර සංඥාවෙන් බොත්තමක් තදකිරීමෙන් ගේට්ටුව විවෘත වෙයි.
සොබාදහමේ නොයෙකුත් හේතුමත එදා විදුලිය විසන්ධි විය. ගෙහිමියා එදා උදේ රිමෝට් කන්ට්‍රෝලය අතට ගත්තේ පාසල් යෑමට සිටි දරුවන් කාරයට නැග සිටියදීය. එම උපකරණය කිහිපවරක්ම තද කළත් ගේට්ටුව ඇරුණේ නැත. විදුලිය විසන්ධි වී ඇති බව ඔහුට වැටහෙන විට ඉහින් කනින් දාඩිය දමා තිබිණි.
දරුවන්ගේ පාසල් ගමන නතරවිය. එළියට යෑම සඳහා ක‍්‍රමයක් සොයාගත යුතුමය. ඒ සඳහා ඉනිමං දෙකක් යොදා ගැනීමේ අදහස ගෙදර සේවකයකුගෙනි ආවේ. ගරාජය මුල්ලක තිබූ ඇලූමිනියම් ඉනිමං දෙක ගේට්ටුව දෙපැත්තේ තැබීමෙන් නිවාස අඩස්සියෙන් මිදීමට ඒ ගෙදර සවිබල ඇති අයට හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබ්බාට වැඩක් නැහැ කරන්ට් එක නැතුව (දී)
පහන්දී නංගි, ඉස්සර වගේ සන්ඩු කරන්නේ නැතිව ලස්සනට ඉන්න බලන්න (දී)
මිනිස්සු ඇයි වැඩක් කරනකොට දුරදිග කල්පනා නොකරන්නේ? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලංකාවේ විදුලිය ගැන නොදන්නා තොත්ත බබාල ලංකාවේ නැහැ. ගේට්ටු හදන අයත් ගේට්ටු දමන අයත් ඒ ගැන හොඳින් දන්නවා. කාගේ හෝ හුවකට කුලප්පු වෙලා තප්පුලලා මෙතන මෝඩ අදහස් දමන අය වගේ, බස්නාහිර පළාතේ මීගමුවේ ජනතාව මොඩත් නැහැ. සමහරවිට මේක මාරවිල ජීවත්වෙන මහත්තයට සිදු උන දෙයක්ම වෙන්නත් පුළුවන්.(නදී)
මේ වගේ දේවල් කරන අය නිසා තමයි කියන්නේ සල්ලි වලට මොනවා ගත්තත් මොලේ සල්ලි වලට ගන්න බැහැ කියලා (නදී)
බලාගෙන ගියාම ගේට්ටු උපදේශකයෝ ඉන්නේ මෙතැනනේ. මගේ පොඩි කුඹුරක් තියනවා. කට්ටියට පුලුවන්ද ඒක හාන්න උදව්වට එන්න. (නදී)
ස්තුතියි නිර්මලා මම ඔයගේ කතාවට නම් හිනා උනා. අපි නොදන්නා විදුලි බල මණ්ඩලය නේද ? (නදී)
මේ මහත්තයා පිටරට යවා ගේට්ටු සම්බන්ධව පාඨ මාලාවක් හැදෑරීමට බිරිඳ කටයුතු කල යුතුයි (දී)
මහත්තයා ඉන්නේ මාරවිල අයත්වෙන්නේ පුත්තලම් දිස්ත්‍රිකයට නේද? ඉතින් මේ කතාව හරියටම හරිනේ. ගේට්ටුවෙන් එහා පැත්තට පැනගන්න ගේට්ටුව ළඟ පොල් ගහක් තිබිල නැද්ද? (නදී)
නිර්මලාගේ කතාව හරි ෂෝක් පොසොන් කාලයට අනුරාධපුරයට විදුලිය දෙන විදුලි බල මණ්ඩලය ගැන මොනවා කියන්නද ?(දී)
මේ ගේට්ටුව විදුලිය විසන්ධි වූ විට අතින් අරින්න වහන්න පුළුවන් පරිදි හැදූ එකක් නෙමෙයි වෙන්න ඇති (නි)
විදුලිය විසන්ධි වීමේදී පාවිච්චි කිරීම සදහා ජෙනරේටරයක් තියා ගත්තනම් හරි නේ. (ස)
මේක මෝඩ ක්‍රියාවක් සෑම මෝටර් එකක්ම අතින් ක්‍රියාකරවීමේ හැකියාව තියෙනවා (නදී)
"සොබාදහමේ නොයෙකුත් හේතුමත එදා විදුලිය විසන්ධි විය." අනේ යන්න මහත්තයෝ අපි නොදන්නා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය. ලංකාවේ විදුලිය ගැන විශ්වාස කරලා ගේට්ටු හැදුවොත් ඉතින් හැමදාම උඩින් පැනල තමයි යන්න වෙන්නේ. ගේට්ටුව අයිති කෙනා සුද්දෙක්ද? (නදී)
මේ වගේ ගේට්ටු මෙහේ හැම තැනම තියෙනවා. විදුලිය නැති වෙලාවට අතින් ක්‍රියා කරවන්න පුළුවන්. මෙි මහතා ඒ ගැන දැනුම්වත් නැතුව ඇති. (ස)
දම්මික ජේ.පී වෙතටයි. මගේ නමත් ජේ.පී. යතුරු ප්‍රශ්ණය මතුවුනේ ටොයොටා විට්ස් කේකේ කාණ්ඩයේ රථයකයි. පැච් කට්ටලය මම දැක්කේ හොණ්ඩා ෆිට් කේ.ඩබිලිව් කාණ්ඩයේ රථයකයි. එහෙත් අද ගූගල් වල හැම පැනයකටම වගේ පිලිතුරු තියනවා. (නදී)
මදැයි කරගත්ත දේ? (නි)
සමහරුන්ට මුදල් තිබුනාට එය ක්‍රමවත්ව පාලනය කරගැනීමට බුද්ධිය නොමැත (නි)
ලිපිය පුරා සහ අදහස් බොහොමයක් පුරා සැගව ඇත්තේ යමක් කමක් ඇති කෙනා ගැන ඇති සියුම් ඊර්ෂ්‍යාවයි. (ස)
සත්ව පරිනාමය අනුව ස්වභාව ධර්මයට සියලුම සතුන් අනුවර්ථනය වෙලා තියෙන්නේ. නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අතපය නැතිවෙලා ගිහින් රිමෝටි එක ඔබන්න විතරක් පොඩි අන්ඩක් ඉතිරිවෙයි බාගදා.(නදී)
මේ ගෙදරට පිටුපස ගේට්ටුවක් හෝ පැති දොරක්වත් තිබී නැති හැඩයි (නි)
නිර්මලාගේ කතාව නියමෙට ගැලපෙනවා. විදුලිය විසන්ධි වීම ඕනෑම රටක වෙන්න පුළුවන්. ලංකාවේ හැකියාව ඉතාම වැඩියි. නියමාකාරයෙන් හදපු මෙවැනි පද්ධතිවල අතින් ක්‍රියා කළහැකි ක්‍රමයක් තියෙනවා. ඒක දියුණු රටවල නීතියක් (නදී)
ගේට්ටු ගැන මම දන්නේ නැති උනත් දැන් එන සමහර මෝටර් රථවල දොර අරින්න යතුරක් නෑ. දුරස්ථ පාලකයේ බැටරිය බැස්සොත් දොර ඇරගන්න බෑ. ඒ වගේම අමතර ටයරය වෙනුවට තියෙන්නේ පැච් දමන කට්ටලයක්. ටයරය ගලක වැදී කැඩුණොත් ඉවරයි. (ස)
සල්ලි තිබ්බට මොලේ නෑ කියන්නේ ඔව්වට තමයි (නදී)
මොහුට සල්ලි තිබුනට හිතීමේ හැකියාව අඩුයි (දී)
විදුලිය විසන්ධි වුණහම ඔය වගේ ගේට්ටු හදිසියේ අරින්න පුළුවන් වෙන්න යකඩ දම්වැලක් අයිනෙන් සවි කරනවා. දම්වැල අතින් අදිනකොට ගේට්ටුව ඉහළට යනවා.මෙතන වරද නිවෙස් හිමියාගේ විතරක් නෙමෙයි. මේ ගේට්ටු සවිකළ මිනිසුන්ගේ. ඒ අය දැනගන්න ඕනෑ හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න මොකක් හරි දෙයක් ගේට්ටුවට සවිකරලා තියන්න. (නි)
මටත් මේ වගේ ගේට්ටුවක් තියෙන්නේ. විදුලිය විසන්ඳි වුන විට අතින් අරින්න පුළුවන්. එළියේ හිටුයොත් ඇතුලට එන එක තමා ප්‍රශ්නේ. එකට ඉතින් පොඩි ගේට්ටුවක් තියෙන්න ඕනේ. මට ගේට්ටුව හදපු කට්ටිය කියල දුන්න. මේ ගේට්ටුව සවි කරපු කට්ටිය මීට පස්සෙවත් පරිබෝගිකයව දැනුවත් කරන එක යුතුකමක්. (ස)
දෙයියෝ සාක්කි කිවුවලු! (නි)
රූපවතී හරි. ලස්සනට ඉන්න බලන්න පහන්දී. ඔයා කවුද කියලා හැමෝම දන්නවා (නි)
අනේ ජෝසෆ් ගූගල් චෙක් කරන හැටි කියලා දෙන්න. (ස)
අහන්න දෙයක් නැහැ. ගේට්ටුව හදලා ඇත්තේ චීනෙ කෙනෙක්. හැබැයි අදහස් ටික නම්, නියම ශ්‍රී ලාංකිකයි (නි)
අනුන් කරන දේ කරන්න ගියාම ඔහොම තමයි (දිල්)
තිලකගේ කතාවට මමත් එකගයි .. ඉර්ශියා සහගත මඩ තමයි වැඩිපුරම තියෙන්නේ ... නිව්ස් එකට අදාළ දෙයක් නම් නෙමෙයි ...ජෝසප් මහත්තයෝ දුරස්තපාලකය ඇතුලේ යතුර තියනවා මන් දන්නතරමට ...ගාන්චුව පැත්තෙන් ඇදල බලන්න .පැච් කට්ටලය එන්නේ මොන වාහනේටද ... නොදන්නා නිසා ඇහුවේ (දී)
ඔන්න ඔහේ කමක් නැහැ. වෙනසකටත් එක්ක හොඳයි (නි)
කමක් නැහැ. පුරුදු වෙන්නත් එක්ක හොඳයිනේ... (නි)
සෑම නිවසකම වගේ වෙනම කුඩා ගේට්ටුවක් තිබෙනවානේ. මේ පුද්ගලයාට සල්ලි තිබුනට නුවණ නම් නැහැ වගෙයි (නි)
ඉණිමඟෙන් එන්න එයා දැනගෙන හිටියද දන්නෙ නැහැ. මොකද ඉතින්, එයාලා සුඛෝපභෝගී ජීවිත ගතකරන අයනේ (නි)
ගේට්ටුවට පොඩි දොරක් දාගන්නනේ තිබුණේ (නි)