ඇස්වල ආබාධයකට පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ විස්තර ඇතුළත් තුණ්ඩුව ද රැගෙන තරුණයෙක් පිවිසියේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකටය. විවිධ මාදිලියේ කණ්ණාඩි රාමු පෙන්වූ සේවක මහතකුට තම හිත ගිය කණ්ණාඩි කුට්ටම පෙන්වූ විට ”රුපියල් පන්දහස් පන්සීයයි” ඔහු පැවසීය. ”පස්සේ එන්නම්” පැවසු තරුණයා මිතුරකු මුණගැසී ”මම කණ්ණාඩි කුට්ටමක් බැලූවා. හරි ගනන්නේ” යැයි කීවිට ” ලොකු සාප්පුවල කඩ කුලියයි, ඒසී වල වියදමයි කණ්ණාඩිවලින් අල්ලනවා. මම දන්න තැනක් තියෙනවා” යැයි පැවසූ මිතුරා තම දුරකථනයෙන් ඇමතුමක් ගෙන ෂොප් එක ඇරලලූ තියෙන්නේ දැන්ම යමු”යි කීය.
දෙදෙනා කණ්ණාඩි අලෙවි සලේ මිතුරා හමුවූහ. ඇස් කණ්ණාඩියේ විස්තරය අඩංගු තුණ්ඩුව ගත් හෙතෙම ඇස් කණ්ණාඩි රාමු කිහිපයක් මේසය මත තැබීය. මීට පෙර කණ්ණාඩි සාප්පුවේදී තේරූ කණ්ණාඩි රාමුවට සමාන රාමුවක් ඔහුගේ තේරීම විය.
”මේක රුපියල් තුන්දහස් පන්සීයයි. යාළුවත් එක්ක ආපු නිසා තුන්දහකට දෙන්නම්” සාප්පුවේ මිතුරා පැවසීය. මුදල් ගෙවූ අතර දින තුනකින් පැමිණ කණ්ණාඩිය රැුගෙන යන ලෙස දැනුම් දුනි. එළියට පැමිණි මිතුරා ඇමතූ අනෙකා ”උඹ නිසා මට රුපියල් දෙදහස් පන්සීයක ලාභයක් වුණා. උඹගේ ෆෝන් එකෙන් කතා කළාට ගානක් වියදම් වුණානේ. ඒකට මම රුපියල් පනහක රීලෝඞ් එකක් දාන්නම්” යැයි කී විට පිස්සුද? එපා මචං” මිතුරා පැවසීය.
පසුව මිතුරා හිතවතකුට පවසා තිබුණේ ”ඔච්චර ලාභයක් කරලත් මිනිහා අඩු ගානේ මට ප්ලේන් ටී එකක්වත් අරන් දුන්නේ නැහැනේ” යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රත්තරන් සමදරා අක්කේ ආයෙත් මේ තීරයට ඇවිත් වැදගත් දේවල් විතරක් ලියමු. (නදී)
ලාබ අපේක්ෂාවෙන් උදව් නොකළ යුතුයි. දුන්දේ ගැන සතුටුවන්න. ලද දෙයින් සතුටුවන්න. (නදී)
ලංකාදීප පාඨක තීරුවෙන් මාතෘකාවට අදාළ නොවන ප්‍රතිචාර කපා හරින බවක් පෙනෙන්න තියනවා. මේ තීරණය පිලිබදව කතෘ මණ්ඩලයට අපේ ප්‍රණාමය ! (නදී)
සමදරා සද්දයක් නැත්තේ හිතේ අමාරුවට මොකක් හරි කරගෙන වද්ද? ඉන්දු තමා මේවට වග කියන්න ඕනේ.(නදී)
ඇත්ත සමදරා අක්කා උගත්, කාරුණික කාන්තාවක්, අනේ ඇය දැන් කොහි ඇතිද?(නදී)
හොද හිතින් කළාම ඒකේ ප්‍රතිළුල අපට ලැබෙනවා.පඩුරු බලාපොරොත්තුව කිසිවෙකුට කොපමණ හොද දෙයක් කලත් හොද ප්‍රතිළුල ලැබෙන් නැ.අවංක සිතින් අනෙකාට උදවු කර සතුටු වෙමු.(දිල්)
සමන් 2013-12-19 07:20:26 අදහසින් ඔප්පුවෙනවා සමදරාත් වරුණ සිරිපාල රන්ජනී වගේ නම්වලින් සහ අනිත් අයගේ නම් වලින් අදහස් දාලා මේ තීරුව විනාශ කළේ එක්කෙනෙක් කියලා. මොකද එයා දන්නේ කොහොමද අනිත් නම් වලින් දාන ඒවා පල නොවෙන බව.(නදී)
ඔහොම තමා ලංකාවේ අය. ඕක මට නම් සුළු දෙයක්. මොකද මමත් ලංකාවේ අයට හුගක් උදව් කරලා ගොඩක් හිත රිදවන් ඉන්න කෙනෙක්.(නදී)
උදව්වක් කරලා මට අරක කරාවි, මේක කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එතකොට පිනත් නැතිවෙනවා. කරපු දේ මෙනෙහි කරලා නිතරම සතුටු වෙන්න. අන්න ඒක තමයි පින.(නදී)
අනේ පවු අහිංසා නේද (අ)
කතාවෙන්ම පේනවා අද තත්වය. උදව්ව වටින්නෙ රු. 50යි; අල්ලස ප්ලේන්ටි එකයි. ඔක්කොම තුන්වෙනි පන්තියේ වැඩ.(නදී)
හැකි හැම විටම කෙනෙකුට උදව් උපකාර කිරීම පිනක්. වෙන කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද සමහරු කල ගුණ නොදන්නා අය. තවත් සමහර අය ගොඩක් ප්‍රශ්න තියන අය. සමහරු කපටියි. සමහරු ලෝබයි. ඉතින් පිනක් කලා කියල හිත හදාගන ආයෙත් උදව් කරන්න පුළුවන් වෙලාවට.(නදී)
ඔන්න අද දවසේ අපේ රට? මිනිස්සුන්ගේ මානසිකත්වය තුල අල්ලස නීති ගතවෙලා.. (අ)
අයියෝ ඕක මොකක්ද යාළුවන්ට උදව් කරලා කවුද යමක් බලාපොරොත්තු වෙන්නේ.යාළුවෝ අපිට කරලා තියෙන උදව් හා අපි යාළුවන්ට කරලා තියෙන දේවල් බැලුවහම.(දිල්)
මමත් සමදරාත් වරුණ සිරිපාල රන්ජනී වගේ අය දිගින් දිගටම ඉල්ලා සිටියේ පාඨක තීරුව මාතෘකාවට අදාළ අදහස් පමණක් පල කරන ලෙසයි .කතෘ තුමා අවසානයේ අපට සවන් දී ඇති පාටයි. ස්තූතියි.(නදී)
අපි කාටහරි යාලුවෙකුට හෝ පවුලේ කෙනෙකුට හරි නාදුනන කෙනෙකුඅට හරි උදව්වක් නම් කලේ,අපි එයාලගෙන් ස්තුතිය වත් බලාපොරොත්තු නොවිය යුතුයි. (අ)
කාලගුණ සැලකීම ගැන කියල දෙනවා නම් කොච්චර හොඳද? (අ)
කාට උනත් උපකාර කිරීම හොඳ ගතියක්. නමුත් ලාබ ප්‍රයෝජන ප්‍රති උපකාර බලාපොරොත්තුව උදව් කිරීම නිසා ඉන් ලැබෙන්නේ දුකක් පසුතැවීමක් මිසක් සතුටක් නොවෙයි. කිසිවෙක් බලාපොරොත්තු නැතිව උදව්කරන්න. ඔබ සතුටින්ම සිටිනා අයෙක් වනවා ඇත. (නදී)
අද කාලේ ඔහොම තමයි. කල ගුණ තියෙන අය හරිම අඩුයි. දැනගෙන ඇසුරු කරන්න.(නදී)
මේකත් දෙයියෝ සක්කියක්ද ?(නදී)
යාලුවෙකුට හෝ වෙනත් කෙනෙකුට හෝ උදව්වක් කරලා ඒකට ස්තුතියක් හෝ සත්කාරයක් බලාපොරොත්තු වෙන එක හරි ද? තමන් හිත හොඳින් කාට හෝ උදව්වක් කලා නම්, ඒකෙ සතුට විතරක් හිතේ තියාගන්න.(නදී)
සරණ, ඒක ඇත්ත මොකද අපි යාලුවෙකුට උදව් කරන්න ඕනේ වාසි බලාගෙන නෙමේ අවංක හිතින් විතරයි. එහෙම නැතිව ඒක උදව්වක් වෙන්නේ නෑ නේද? (නදී)
අනේද කියන්නේ. අපි යමෙකුට උදව්වක් කළා නම් ඒ ඇති සතුටු වෙන්න හොදටම.(නදී)
අය්යෝ උදව් කරද්දී ඕව බලන්නේ නැහැනේ. (ත)
අපේ ලොකු අත්තා කන්නාඩි කුට්ටම ඔලුවේ ගහගෙන මගෙන් අහපී තෝ මගේ කුට්ටම ගත්ත නම් දීපිය කියලා. මම කීව බලාපිය ඔලුව අතගාල බොලන් කියලා.(නදී)
සාමානය දෙයක්. වැඩිය ගණන් ගන්න එපා. මොකද ඔයාලටත් කන්නාඩි කුට්ටම් හොයන්න යන්න වේවි.(නදී)
ඊයේ කතරගම ගිහින් එන ගමන් කැකනදුර සමදරා අක්කලාගේ අහ ගියා. අනේ අපිව හොඳට පිළිගෙන සංග්‍රහ කළා.ඒ ආපු ගමන්ම පිලිගන්වපු කිතුල් හකුරු සමඟ පොල්පලා අමෘතයක් හා සමානයි. එසැණ අයට එන්න කියලා අක්කා කිව්වා. කාත් එක්කවත් තරහ නැහැ කියන්න කියලා කිව්වා.(නදී)
නිලූ විදානගේ හරි. (නදී)
කෙනෙකුට උදව්වක් කර කිසි දෙයක් බලාපොරොත්තු නොවන්න. සතුට පමණක් ඉතිරි කරගන්න. (නදී)
සමන් අයියේ අපිට හරි වැරැද්ද කියා දීල යහමගට ගත්තට ඔයාට ගොඩක් පින් (ත)
අයියෝ දැන් අපට ප්ලේන්ටියක්වත් නෑ....(අ)