IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ලෙඩා බලන්න ආ යතුරු පැදිය රෝහලේ දමා ත‍්‍රීරෝදරියෙන් ගෙදර ගිහිල්ලා

ලෙඩකු බලන්නට රෝහලට ආ යුවළක් යතුරුපැදිය රෝහල් බිමේ නවතා ඒ බව ආරක්ෂක අංශයට දන්වා අන්තිමේ ඒ බව අමතකව ත‍්‍රිරෝද රථයකින් නිවෙසට ගිය පුවතක් ගම්පහින් වාර්තාවේ. තරමක් වයසක යුවළකි.

සවස පහට පමණ රෝහලට ආ මේ දෙන්නා යතුරුපැදිය රෝහල් බිමේ නැවැත්වූහ. ඔවූහු ආරක්ෂක හිස්වැසුම් දෙක ගලවා එහි එල්ලා අසල සිටි ආරක්ෂක නිලධාරියාට කතා කළහ.

මහත්තයා අපි දෙන්නා ලෙඩෙක් බලන්න යනවා, මෝටර් සයිකලේ මෙතන තිබිච්චාවේ ටිකක් බලාගන්න පිරිමියා ඉල්ලා සිටියේය. ආරක්ෂක හිස් වැසුම් දෙක අරගෙන යන්න, ඒක කෝකටත් හොඳයි ආරක්ෂක නිලධාරියා පැවසුවත් මහත්තයාලා ඉන්නවානේ ඒකත් තිබුණාවේ කියා යුවළ රෝහලට ගියහ.

ලෙඩුන් බලන වේලාව අවසන්ය. යතුරුපැදියේ ආ යුවළ ආවේ නැත. ආරක්ෂක මුරයට ඊළඟට ආ යුතු නිලධාරියාත් ආවේය. පළමු ආරක්ෂකයා සිද්ධිය ඔහුට ද දන්වා ආරක්ෂක හිස්වැසුම් දෙක පොලිස් මුරපොළට බාරදුන්නේ සියල්ල පවසමිනි. කෙසේ වෙතත් යතුරුපැදිය ගැන ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරියාට සිදුවිය.

රාත‍්‍රි නවයට පමණ යතුරුපැදිය නවතා ගිය අය ත‍්‍රිරෝද රථයකින් රෝහලට ආවේ සිය පුතු ද සමඟය. අනේ මහත්තයෝ මට මෝටර් සයිකලේ අමතක වුණා. ත‍්‍රීවීල් එකෙන් ගෙදර ගියා. නෝනවත් මොකවත් කිව්වේ නැහැ. පුතා ගෙදර ඇවිත් බයිසිකලේ හොයද්දීත් මට මේ බව මතක් වුණේ. වරදක් වුනා නම් සමාවෙන්න කියා ඔහු බැගෑපත්වූයේය.

ආරක්ෂක නිලධාරියා මේ අය පොලිස් මුරපොළට යොමු කර අනන්‍යතාව පරීක්ෂා කර බලා යතුරුපැදිය බාරදීමට පියවර ගත් අතර ඔහු යළි නිවෙසට යද්දී රාත‍්‍රි දහයත් පසුවී තිබිණි.



අදහස් (0)

ලෙඩා බලන්න ආ යතුරු පැදිය රෝහලේ දමා ත‍්‍රීරෝදරියෙන් ගෙදර ගිහිල්ලා

රූපවතී Tuesday, 13 October 2015 05:29 PM

නැහැ චන්දි අක්කේ, ඒ වෙලාවේ කවුරුවත්ම පිරිමි හිටියේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 October 2015 12:16 PM

අනේ ඉතින් කවදාවත් මුනගැහෙන්න බැරි කතා බහ කොරන්න බැරි මේ තීරුවෙන් පමණක් අදහස් හුවමාරු කොරග්න්න්න මගේ මිතුරනේ හිතේ කහටකින් නම් නෙවෙයි ඒවා මේවා ලියන්නේ දවසම මහන්සි වෙලා ඇවිත් සියලු කරද අමතක කරගන්නේ මේ විදියට විහිළුවක් කළා තමයි , දැන් හුඟක් වෙලාවට අපි අල්ලගන්න රුපවතිය , කොබෙයිගනේ නගේ තරහ නොවන් අනේ (බ)

:       0       0

දුලිප් Tuesday, 13 October 2015 11:10 AM

බලයට පත්වන දේශපාලකයන් මේ රෝගයට ගොදුරුවේ.(ම)

:       0       0

නිහාල් Wednesday, 14 October 2015 12:58 PM

මටත් හිතෙන්නේ මෙයාලා මොකක්හරි හොර ගමනක් ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

රූපවතී Wednesday, 14 October 2015 01:11 PM

අවුරුදු 38ක මගේ ජීවිත කාලේ කුඩ 650 ක් වත් නැතිකරලා ඇති ..ඒ මගේ මතකය ..? (බ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 14 October 2015 01:12 PM

කාටවත් තමුන්ගේ නෝනාව එහෙම අමතක කරලා එන්න වෙලා තිබිලා තියෙනවද? මම නම් මෙදා පාර ෆුල් ට්‍රයි එකක් දෙන්න ඉන්නේ!. අනේ කියන්න නම් එපා අපේ මනුස්ස පරාණෙට. (නි)

:       0       0

රජිත් Thursday, 15 October 2015 11:55 AM

ඔහොම දේවල් කාටත් වෙන්න පුළුවන්. (ර)

:       0       0

සරත් Thursday, 15 October 2015 10:16 PM

රූපවතී කොහේ හිටියත් සිංහල භාෂාව නම් හසුරවනවා හොඳට. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 October 2015 11:53 AM

සුබාෂ් ඒ අහවලාටනම් ඔය ලෙඩේ විතරක් නෙවෙයි වෙලාවකට එහෙම පිටින්ම ඉස්පිරිතාලයක් , හැබැයි ඉතින් මොනවා වුනත් හිත උණුවෙන සංවේදී මනුස්සය (බ)

:       0       0

නොයෙල් Tuesday, 13 October 2015 11:55 AM

අමතක වීම අපේ ශ්‍රී ලංකාවට ආවේනික රෝග ලක්ෂණයක්. පහුගිය අගෝල් කුඩු චුදිත සියලුම දෙනා පාර්ලිමේන්තු ගියේ එකනේ .(බ)

:       0       0

අශාන් Thursday, 15 October 2015 04:40 AM

පුදුම අමතකවීමක්නේ මේක (නි)

:       0       0

ෆර්සාන් Tuesday, 13 October 2015 08:03 PM

වයසක අය විතරක් නෙමෙයි, අපිටත් හිටපුගමන් එහෙම වෙනවා (නි)

:       0       0

අජිත් Tuesday, 13 October 2015 12:34 PM

දුලිප්, ඒක නම් සහතික ඇත්ත. (නි)

:       0       0

ෂහානි Wednesday, 14 October 2015 07:14 AM

අපේ යාලුවෙකුගේ මහත්තය කොහේ හරි ගෙදරකට ගියොත් එයාගේ රබර් සෙරෙප්පු දෙක අමතක වෙලා කාරකේ නැගල යනවා .දැන් අපේ ගෙදර ආපුවම අපි මතක් කරනවා සෙරෙප්පු දෙක දාගන්න කියල,එය තරුණ ඉන්ජෙනේරු මහතෙක්.අමතක වීමට වයස විතරක් බලපාන්නේ නෑ. (අ)

:       0       0

රුවනි Tuesday, 13 October 2015 12:41 PM

හොඳ වෙලාවට රූපවති අක්කා යතුරුපැදියෙන් පාඨක සභාවට නොඑන්නේ. නැත්නම් අමතක නොකර මුලින්ම යටකරන්නේ පිටබැද්දර ජයා මහතාව! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 14 October 2015 12:45 AM

මට හිතෙන හැටියට නම් "ලයිසන්"එක ගෙනෙන්න අමතකවෙන්න ඇති. ඒක වෙන්න ඇති ඔය වාගේ පොඩි බොරුවක් කියන්න ඇත්තේ. (නි)

:       0       0

සුභාෂ් Tuesday, 13 October 2015 12:47 PM

ජයාගේ , රුවනිගේ කතාව ඇත්ත. එහෙත් රූපවති පුලුවන් නම් බස් එකෙන් ඇවිල්ලා අනුන්ගේ වාහනයක් අරගෙන යාවි. (නි)

:       0       0

චන්දි Tuesday, 13 October 2015 01:05 PM

සුභාෂ්,ඔයා රූපාගේ හැටි නොදැන කියන දේවලට එයා කවදාවත් තරහ වෙන්නේ නැහැ. මොකද මම එයාව හඳුනාගෙන ඇති නිසා (නි)

:       0       0

ජෙහාන් Tuesday, 13 October 2015 01:13 PM

ඔය යතුරු පැදියේ ගිය ජෝඩුව අපේ පාඨක සභාවේ දෙන්නෙක් කියලාමයි මට නම් හිතෙන්නේ. පිරිමියාගේ ගති ලක්ෂණ පිවිතුරු යහපාල වගේමයි. බවලති කවුද කියලා සොයා ගැනීම අපේ කට්ටියට භාරයි... (ර)

:       0       0

රුපවතී Tuesday, 13 October 2015 01:14 PM

අනේ රුවිනි, මම මෝටර් සයිකලේ පදින්න දන්නේ නැති හින්දම හොදයි..? නැතිනම් අර තුනයි, පහයි, මහත්තුරු දෙන්න දිහාට අහක බලාගෙන බයිසිකලේ පැදගෙන යනවා. (ර)

:       0       0

චන්දි Wednesday, 14 October 2015 05:42 PM

අනේ ලක්ෂ්මන් එහෙම කරන්න හිතන්නවත් එපා (නි)

:       0       0

දීප්ත Wednesday, 14 October 2015 02:07 AM

මේක මම ඕස්ට්‍රේලියාව පුවත්පතක කියවපු ඇත්ත කතාවක්. වයසක යුවලක් ෂොපින් මෝල් එකක් ඇතුළට ගිහිල්ලා එනකොට ඒගොල්ලන්ගේ කාර් එක නවත්තපු තැන තිබිලා නැහැ. පසුව මේ යුවල පොලිසියටත් පැමිණිලි කරලා රක්ෂණ සමාගමටත් දැනුම් දීලා. පසුව ලැබුන රක්ෂණ වන්දියෙන් අලුත් කාර් එකක් අරගෙන. මාස 3 කට පසුව මේ යුවල පෙර ෂොපින් මෝල් එකට ගිහිල්ලා නවත්තපු තැන නැතිවූ කාරය තිබිලා. පසුව සොයා බලනකොට වෙලා තියෙන්නේ මේ යුවලට පෙර කාරය නවත්තපු තැන සොයාගන්න බැරිවීමයි. එම කාරය පුරා මාස 3ක් එකම තැන නවත්තලා තිබුනත් කිසිම කෙනෙකුගේ අවධානයට ලක්වෙලා නැහැ. (නි)

:       0       0

මේනක Tuesday, 13 October 2015 01:24 PM

අනේ ඔව් යහපාලට මේ දැන් එයා ලියපු ප්‍රතිචාරය ඊළඟ මොහොතේ එයාටම මතක නැහැ. (ර)

:       0       0

චන්දි Wednesday, 14 October 2015 08:11 AM

ආයුබෝවන් සරත්, හුග කාලෙකින්. (ර)

:       0       0

රුපවති Tuesday, 13 October 2015 01:27 PM

මේ අපේ ජෙහාන්ගේ ඊ මේල් එක එවන්නකො මම ඔයාටත් කැඩිච්ච ඉංග්‍රීසියෙන් ටිකක් ලියල එවන්න. එතකොට තමයි නියම මිනිහා එලියට එන්නේ. (ර)

:       0       0

රුපවතී Tuesday, 13 October 2015 01:33 PM

මහා වැස්සේ කළුවරේ එදා රෑවෙලා ෆුට් බයිසිකලේ යද්දී ඉතින් ඒ කාණුවට වැටෙනකොට මට ඇතිවූනු හැගීම අද වගේම මතකයි. මම හිටියේ මට අකුණක් වැදුනවද්ද කියලා. උදේ හොදට තිබුණු පාරේ කව්ද දෙවියනේ දන්නේ මේ අලියෙකුට බහින්න හැකි වැලක් කපයි කියලා ගමේ මිනිස්සු ? එත් මට සීරීමක් වත් උනේ නැහැ එදා සයිකලේ හැඩලය පමණයි ඇද වෙලා තිබුනේ. දෙවියෝ රකිනවා හොද මිනිසුන් කියලා අදටත් මම විශ්වාස කරනවා. (ර)

:       0       0

රූපවතී Tuesday, 13 October 2015 01:48 PM

ජීවිතේ අපිට මොනවා ලැබුනත් නොලැබුනත් මම හැමදාම ප්‍රර්ථනා කරන දෙයක්නම් තියෙනවා ..ඒ මැරෙන තුරාවට මට හොද සිහිකල්පනාවෙන් ජීවත්වෙලා මැරෙන්න ඕනේ කියන දේයි..! (බ)

:       0       0

දුල්මි Tuesday, 13 October 2015 01:51 PM

රුපවති බයිසිකලේ යනකොට වැටෙන්න වල කැපුවේ කවුද කියලා හිතා ගන්න පුළුවන්. (බ)

:       0       0

ඉමේෂ් Tuesday, 13 October 2015 08:40 AM

ඔය ලෙඩේ ඉතින් වයසට නොගිය අයටත් තියෙනවා නේ. (ර)

:       0       0

අජිත් Friday, 16 October 2015 06:32 PM

මෙච්චරටම අමතකවෙන එක නම් බොහොම නරකයි (නි)

:       0       0

චන්දි Tuesday, 13 October 2015 02:28 PM

රූපවතී, ඔයා ගියේ කොහිල වල පැත්ත බලන් නෙවෙයි නේද..? (ර)

:       0       0

සරත් Thursday, 15 October 2015 12:15 AM

ආයුබෝවන්, ආයුබෝවන් චන්දි නෝනේ. (නි)

:       0       0

සරත් Tuesday, 13 October 2015 03:11 PM

චන්දි, ඔන්න අපි නම් කොහිල වල පැත්ත පළාතේ පස් පාගන්නේ නෑ ඔං කිව්වා. (අ)

:       0       0

රුවන් Wednesday, 14 October 2015 03:31 AM

දවසක් මම නෑදෑ ගෙදරක ඉන්නකොට, අල්ලපු ගෙදර මනුස්සයා වයස 45ක් ඇති, එයාගෙ ත්‍රී රෝද රියේ නැඟලා ගියා.ටිකක් වැඩිවෙලා හිටියේ.පැයකට පස්සෙ ආපහු ආවා වෙන ත්‍රීවීල් එකකින්.කෝ ඔයාගෙ ත්‍රීවීල් එක කියලා ඇහුවම, අමතකවුණා කියලා ගානක් නැතුවම කිව්වා.මට පුදුම හිතුනා.. (නි)

:       0       0

යමින්ත‍ Wednesday, 14 October 2015 03:51 AM

මෙහෙමත් මිනිස්සු අපි අතර ඉන්නවනේ? (නි)

:       0       0

නිම්මී Friday, 16 October 2015 12:18 PM

සරත්,සිංහල භාෂාව හොඳින් හසුරුවන්නත් ඉංග්‍රීසි අකුරු හොඳින් හඳුනාගෙන ඉන්න ඕනෑ පරිගණකයේ සිංහල අකුරු හසුරුවන්න. (නි)

:       0       0

රූපවතී Thursday, 15 October 2015 05:48 PM

මට අමතක වෙනවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන හැමදාම ..පිටබැද්දර ජයා අයියා කොත්තුකඩේ කොත්තු කොටන උදලුතලේ කකුල උඩ අතැර ගන්නවා. ඒ මම දිහා බලන්න ගිහින් ...මට දැනුත් මතක් වෙනකොට දුකයි. කකුලේ ඇගිලි කීයක් ඉතුරුවෙලා තියෙනවද දන්නේ නැහැ මේ වෙනකොට ..? (බ)

:       0       0

සරසි Tuesday, 13 October 2015 05:48 AM

තරමක් වයසයි කිව්වා නේද ? එහෙනම් මේක දිමෙන්ෂියා නම් රෝග තත්වයේ පුර්ව අවධිය වෙන්න පුළුවන්. ටිකෙන් ටික අසතකවීමෙන් තමයි මෙය පටන් ගන්නේ. විශේෂයෙන් වයස්ගත වෙනකොට ඇතිවෙන රෝග තත්වයක්. (නි)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ Tuesday, 13 October 2015 10:36 AM

මං හිතන්නේ ඔය ලෙඩේ අපේ රුපවති නෝනටත් තියෙනවා......(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 196 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 521 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 129 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 795 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 879 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 690 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 762 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 194 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site