ලෙඩකු බලන්නට රෝහලට ආ යුවළක් යතුරුපැදිය රෝහල් බිමේ නවතා ඒ බව ආරක්ෂක අංශයට දන්වා අන්තිමේ ඒ බව අමතකව ත‍්‍රිරෝද රථයකින් නිවෙසට ගිය පුවතක් ගම්පහින් වාර්තාවේ. තරමක් වයසක යුවළකි.
සවස පහට පමණ රෝහලට ආ මේ දෙන්නා යතුරුපැදිය රෝහල් බිමේ නැවැත්වූහ. ඔවූහු ආරක්ෂක හිස්වැසුම් දෙක ගලවා එහි එල්ලා අසල සිටි ආරක්ෂක නිලධාරියාට කතා කළහ.
මහත්තයා අපි දෙන්නා ලෙඩෙක් බලන්න යනවා, මෝටර් සයිකලේ මෙතන තිබිච්චාවේ ටිකක් බලාගන්න පිරිමියා ඉල්ලා සිටියේය. ආරක්ෂක හිස් වැසුම් දෙක අරගෙන යන්න, ඒක කෝකටත් හොඳයි ආරක්ෂක නිලධාරියා පැවසුවත් මහත්තයාලා ඉන්නවානේ ඒකත් තිබුණාවේ කියා යුවළ රෝහලට ගියහ.
ලෙඩුන් බලන වේලාව අවසන්ය. යතුරුපැදියේ ආ යුවළ ආවේ නැත. ආරක්ෂක මුරයට ඊළඟට ආ යුතු නිලධාරියාත් ආවේය. පළමු ආරක්ෂකයා සිද්ධිය ඔහුට ද දන්වා ආරක්ෂක හිස්වැසුම් දෙක පොලිස් මුරපොළට බාරදුන්නේ සියල්ල පවසමිනි. කෙසේ වෙතත් යතුරුපැදිය ගැන ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරියාට සිදුවිය.
රාත‍්‍රි නවයට පමණ යතුරුපැදිය නවතා ගිය අය ත‍්‍රිරෝද රථයකින් රෝහලට ආවේ සිය පුතු ද සමඟය. අනේ මහත්තයෝ මට මෝටර් සයිකලේ අමතක වුණා. ත‍්‍රීවීල් එකෙන් ගෙදර ගියා. නෝනවත් මොකවත් කිව්වේ නැහැ. පුතා ගෙදර ඇවිත් බයිසිකලේ හොයද්දීත් මට මේ බව මතක් වුණේ. වරදක් වුනා නම් සමාවෙන්න කියා ඔහු බැගෑපත්වූයේය.
ආරක්ෂක නිලධාරියා මේ අය පොලිස් මුරපොළට යොමු කර අනන්‍යතාව පරීක්ෂා කර බලා යතුරුපැදිය බාරදීමට පියවර ගත් අතර ඔහු යළි නිවෙසට යද්දී රාත‍්‍රි දහයත් පසුවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ චන්දි අක්කේ, ඒ වෙලාවේ කවුරුවත්ම පිරිමි හිටියේ නැහැ. (නි)
අනේ ඉතින් කවදාවත් මුනගැහෙන්න බැරි කතා බහ කොරන්න බැරි මේ තීරුවෙන් පමණක් අදහස් හුවමාරු කොරග්න්න්න මගේ මිතුරනේ හිතේ කහටකින් නම් නෙවෙයි ඒවා මේවා ලියන්නේ දවසම මහන්සි වෙලා ඇවිත් සියලු කරද අමතක කරගන්නේ මේ විදියට විහිළුවක් කළා තමයි , දැන් හුඟක් වෙලාවට අපි අල්ලගන්න රුපවතිය , කොබෙයිගනේ නගේ තරහ නොවන් අනේ (බ)
බලයට පත්වන දේශපාලකයන් මේ රෝගයට ගොදුරුවේ.(ම)
මටත් හිතෙන්නේ මෙයාලා මොකක්හරි හොර ගමනක් ගියාද දන්නෙ නැහැ (නි)
අවුරුදු 38ක මගේ ජීවිත කාලේ කුඩ 650 ක් වත් නැතිකරලා ඇති ..ඒ මගේ මතකය ..? (බ)
කාටවත් තමුන්ගේ නෝනාව එහෙම අමතක කරලා එන්න වෙලා තිබිලා තියෙනවද? මම නම් මෙදා පාර ෆුල් ට්‍රයි එකක් දෙන්න ඉන්නේ!. අනේ කියන්න නම් එපා අපේ මනුස්ස පරාණෙට. (නි)
ඔහොම දේවල් කාටත් වෙන්න පුළුවන්. (ර)
රූපවතී කොහේ හිටියත් සිංහල භාෂාව නම් හසුරවනවා හොඳට. (නි)
සුබාෂ් ඒ අහවලාටනම් ඔය ලෙඩේ විතරක් නෙවෙයි වෙලාවකට එහෙම පිටින්ම ඉස්පිරිතාලයක් , හැබැයි ඉතින් මොනවා වුනත් හිත උණුවෙන සංවේදී මනුස්සය (බ)
අමතක වීම අපේ ශ්‍රී ලංකාවට ආවේනික රෝග ලක්ෂණයක්. පහුගිය අගෝල් කුඩු චුදිත සියලුම දෙනා පාර්ලිමේන්තු ගියේ එකනේ .(බ)
පුදුම අමතකවීමක්නේ මේක (නි)
වයසක අය විතරක් නෙමෙයි, අපිටත් හිටපුගමන් එහෙම වෙනවා (නි)
දුලිප්, ඒක නම් සහතික ඇත්ත. (නි)
අපේ යාලුවෙකුගේ මහත්තය කොහේ හරි ගෙදරකට ගියොත් එයාගේ රබර් සෙරෙප්පු දෙක අමතක වෙලා කාරකේ නැගල යනවා .දැන් අපේ ගෙදර ආපුවම අපි මතක් කරනවා සෙරෙප්පු දෙක දාගන්න කියල,එය තරුණ ඉන්ජෙනේරු මහතෙක්.අමතක වීමට වයස විතරක් බලපාන්නේ නෑ. (අ)
හොඳ වෙලාවට රූපවති අක්කා යතුරුපැදියෙන් පාඨක සභාවට නොඑන්නේ. නැත්නම් අමතක නොකර මුලින්ම යටකරන්නේ පිටබැද්දර ජයා මහතාව! (නි)
මට හිතෙන හැටියට නම් "ලයිසන්"එක ගෙනෙන්න අමතකවෙන්න ඇති. ඒක වෙන්න ඇති ඔය වාගේ පොඩි බොරුවක් කියන්න ඇත්තේ. (නි)
ජයාගේ , රුවනිගේ කතාව ඇත්ත. එහෙත් රූපවති පුලුවන් නම් බස් එකෙන් ඇවිල්ලා අනුන්ගේ වාහනයක් අරගෙන යාවි. (නි)
සුභාෂ්,ඔයා රූපාගේ හැටි නොදැන කියන දේවලට එයා කවදාවත් තරහ වෙන්නේ නැහැ. මොකද මම එයාව හඳුනාගෙන ඇති නිසා (නි)
ඔය යතුරු පැදියේ ගිය ජෝඩුව අපේ පාඨක සභාවේ දෙන්නෙක් කියලාමයි මට නම් හිතෙන්නේ. පිරිමියාගේ ගති ලක්ෂණ පිවිතුරු යහපාල වගේමයි. බවලති කවුද කියලා සොයා ගැනීම අපේ කට්ටියට භාරයි... (ර)
අනේ රුවිනි, මම මෝටර් සයිකලේ පදින්න දන්නේ නැති හින්දම හොදයි..? නැතිනම් අර තුනයි, පහයි, මහත්තුරු දෙන්න දිහාට අහක බලාගෙන බයිසිකලේ පැදගෙන යනවා. (ර)
අනේ ලක්ෂ්මන් එහෙම කරන්න හිතන්නවත් එපා (නි)
මේක මම ඕස්ට්‍රේලියාව පුවත්පතක කියවපු ඇත්ත කතාවක්. වයසක යුවලක් ෂොපින් මෝල් එකක් ඇතුළට ගිහිල්ලා එනකොට ඒගොල්ලන්ගේ කාර් එක නවත්තපු තැන තිබිලා නැහැ. පසුව මේ යුවල පොලිසියටත් පැමිණිලි කරලා රක්ෂණ සමාගමටත් දැනුම් දීලා. පසුව ලැබුන රක්ෂණ වන්දියෙන් අලුත් කාර් එකක් අරගෙන. මාස 3 කට පසුව මේ යුවල පෙර ෂොපින් මෝල් එකට ගිහිල්ලා නවත්තපු තැන නැතිවූ කාරය තිබිලා. පසුව සොයා බලනකොට වෙලා තියෙන්නේ මේ යුවලට පෙර කාරය නවත්තපු තැන සොයාගන්න බැරිවීමයි. එම කාරය පුරා මාස 3ක් එකම තැන නවත්තලා තිබුනත් කිසිම කෙනෙකුගේ අවධානයට ලක්වෙලා නැහැ. (නි)
අනේ ඔව් යහපාලට මේ දැන් එයා ලියපු ප්‍රතිචාරය ඊළඟ මොහොතේ එයාටම මතක නැහැ. (ර)
ආයුබෝවන් සරත්, හුග කාලෙකින්. (ර)
මේ අපේ ජෙහාන්ගේ ඊ මේල් එක එවන්නකො මම ඔයාටත් කැඩිච්ච ඉංග්‍රීසියෙන් ටිකක් ලියල එවන්න. එතකොට තමයි නියම මිනිහා එලියට එන්නේ. (ර)
මහා වැස්සේ කළුවරේ එදා රෑවෙලා ෆුට් බයිසිකලේ යද්දී ඉතින් ඒ කාණුවට වැටෙනකොට මට ඇතිවූනු හැගීම අද වගේම මතකයි. මම හිටියේ මට අකුණක් වැදුනවද්ද කියලා. උදේ හොදට තිබුණු පාරේ කව්ද දෙවියනේ දන්නේ මේ අලියෙකුට බහින්න හැකි වැලක් කපයි කියලා ගමේ මිනිස්සු ? එත් මට සීරීමක් වත් උනේ නැහැ එදා සයිකලේ හැඩලය පමණයි ඇද වෙලා තිබුනේ. දෙවියෝ රකිනවා හොද මිනිසුන් කියලා අදටත් මම විශ්වාස කරනවා. (ර)
ජීවිතේ අපිට මොනවා ලැබුනත් නොලැබුනත් මම හැමදාම ප්‍රර්ථනා කරන දෙයක්නම් තියෙනවා ..ඒ මැරෙන තුරාවට මට හොද සිහිකල්පනාවෙන් ජීවත්වෙලා මැරෙන්න ඕනේ කියන දේයි..! (බ)
රුපවති බයිසිකලේ යනකොට වැටෙන්න වල කැපුවේ කවුද කියලා හිතා ගන්න පුළුවන්. (බ)
ඔය ලෙඩේ ඉතින් වයසට නොගිය අයටත් තියෙනවා නේ. (ර)
මෙච්චරටම අමතකවෙන එක නම් බොහොම නරකයි (නි)
රූපවතී, ඔයා ගියේ කොහිල වල පැත්ත බලන් නෙවෙයි නේද..? (ර)
ආයුබෝවන්, ආයුබෝවන් චන්දි නෝනේ. (නි)
චන්දි, ඔන්න අපි නම් කොහිල වල පැත්ත පළාතේ පස් පාගන්නේ නෑ ඔං කිව්වා. (අ)
දවසක් මම නෑදෑ ගෙදරක ඉන්නකොට, අල්ලපු ගෙදර මනුස්සයා වයස 45ක් ඇති, එයාගෙ ත්‍රී රෝද රියේ නැඟලා ගියා.ටිකක් වැඩිවෙලා හිටියේ.පැයකට පස්සෙ ආපහු ආවා වෙන ත්‍රීවීල් එකකින්.කෝ ඔයාගෙ ත්‍රීවීල් එක කියලා ඇහුවම, අමතකවුණා කියලා ගානක් නැතුවම කිව්වා.මට පුදුම හිතුනා.. (නි)
මෙහෙමත් මිනිස්සු අපි අතර ඉන්නවනේ? (නි)
සරත්,සිංහල භාෂාව හොඳින් හසුරුවන්නත් ඉංග්‍රීසි අකුරු හොඳින් හඳුනාගෙන ඉන්න ඕනෑ පරිගණකයේ සිංහල අකුරු හසුරුවන්න. (නි)
මට අමතක වෙනවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන හැමදාම ..පිටබැද්දර ජයා අයියා කොත්තුකඩේ කොත්තු කොටන උදලුතලේ කකුල උඩ අතැර ගන්නවා. ඒ මම දිහා බලන්න ගිහින් ...මට දැනුත් මතක් වෙනකොට දුකයි. කකුලේ ඇගිලි කීයක් ඉතුරුවෙලා තියෙනවද දන්නේ නැහැ මේ වෙනකොට ..? (බ)
තරමක් වයසයි කිව්වා නේද ? එහෙනම් මේක දිමෙන්ෂියා නම් රෝග තත්වයේ පුර්ව අවධිය වෙන්න පුළුවන්. ටිකෙන් ටික අසතකවීමෙන් තමයි මෙය පටන් ගන්නේ. විශේෂයෙන් වයස්ගත වෙනකොට ඇතිවෙන රෝග තත්වයක්. (නි)
මං හිතන්නේ ඔය ලෙඩේ අපේ රුපවති නෝනටත් තියෙනවා......(බ)