මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි
තමන්ගේ රියදුරු බලපත්‍රය පසුම්බියේ තිබියදී එය නැති වූ බව කියා පොලීසියේ පැමිණිල්ලක් සටහන් කළ රියදුරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණ.
ඔහු වෘත්තීය රියදුරෙකි. ළඟඳී දිනක මංගල උළෙලකට සහභාගී වුණේ සිය දරු පවුලේ පිරිස සමඟය. තැන නොතැන නොබැලූ ඔහු හොඳ හැටි මධු විතින් සප්පායම්වුණේ බිරියගේ අවවාද අනුශාසනා ආදියද ගණනකට නොගනිමින්ය.
ට්ක වේලාවක් ගත වෙද්දී ටයි පිටිය ගැලවුණේය. සාක්කුව වරින් වර අස් පස් කරන්නටද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමඟ යතුරු පැදියේ නැඟී නිවසට එන්නට මේ රියදුරා වාසනාවන්ත වූයේය. පසුදා පහන් විය.බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබුණි.
පිරිසගෙන් ඇමතුමක්ද ලැබුණි. ඉක්මනට එනවා කී හෙතෙම තම රියදුරු බලපත්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොැකි විය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්න ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියදුරෙකු කැඳවා ගමන පිටත් කර රිය බලපත නැතිවීම ගැන පොලීසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.
තමන්ගේ රියදුරු බලපත්‍රය නැති වූ බවත් එය අලුතින් ලබා ගැනීමට අවශ්‍ය බව කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආයේ ඒ සඳහා යන බර පැන සොයන අන්දමක් ගැන සිතමිනි.
නිවසට එන අතරතුර තවත් උගුරකින් සප්පායම්වුණේ සිදුවූ වරද නිසා ඇති වූ පසුතැවිල්ල මකා ගන්නටය. නිසවට ආ ඔහු පුටුවකට බර වූයේ ඇඳ සිටි කම්සය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇතැයි සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහි වූ පියාගේ රියදුරු බලපත්‍රය හමුවූයේය.
නොදන්නා පුතා එය සෙල්ලකමට ගත්තේය.පුතා රිය බලපත ගෙන සෙල්ලම් කරනවා දුටු පියාගේ වෙරි හිදුනේය.
තමන්ගේ පැමිණිල්ලට කුමක් කරවාද කියා දකින දකින අයගෙන් උපදෙස් ගනිමින් ඉන්නේ පොලීසිය විමසුවාම කියන්නේ කුමක්දැයි දැනගන්නා අටියෙනි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
රියදුරු බලපත සාක්කුවේ තිබියදී නැතිවුණැයි පොලිසියට පැමිණිලි කරලා