රියැදුරු බලපත‍්‍රය ගන්නා විභාගයට පෙනී සිටි බිරිය රිය පදවද්දි සැමියා කරන වැරැද්ද ප‍්‍රශ්නයක දී පිළිතුර ලෙස ලිවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි. සැමියා පළපුරුදු රියැදුරෙකි. බිරියටත් රියපැදවීමේ ආසාවක් ඇති වීම නිසා ඔහුගේ අවසරයෙන් ඒ සඳහා ඉල්ලූම්කර අදාළ විභාගයට පෙනී සිටියාය. රිය පැදවීම පුරුදු පුහුණු කළේ සැමියාය. විභාගය අවසන්වී පැමිණි පසු සැමියා අමතා කන්දක් බහින විට රථය පාලනය කරන්නේ කොහොම ද යැයි අසා ඇත. ඇයි එහෙම ප‍්‍රශ්නයක් තිබුණ ද? ඔව් මම ඔයා කරන දේ උත්තරයට ලිව්වා. නිව්ටල් කරන්න ඕනෑ කියලා ලිව්වා. එවිට සැමියා අනේ යෝදියේ! මම එහෙම කරන්නේ පෙට‍්‍රල් ඉතුරු කරගන්න වුවමනා නිසා මිස මාර්ග නීතියක් නිසා නොවේ යැයි කියා ඇත. දැන් ඉතින් මොනව කරන්නද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන කතාවේ අර්ථය තේරුම් ගත්තේ අදයි කියලා සැමියා නිහඬ වුණාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම බොරුවක් (ස)
ඒකනේ කියන්නේ. සැමියාගෙන් ඔය වගේ දේවල් ඉගෙන ගන්නේ යන්නේ නැතුව ආචාර්ය මහාචාර්ය කෙනෙකු ළගට යන්න කියන්නේ. (නි)
කාන්තාවන්ට තියෙන්නේ කට විතරයි. (නි)
ප්‍රශ්නයත් සමග උත්තර හතරකුත් දෙනවානේ, හරි එක තෝරන්න. (නි)
මෙයාට හීනෙන් පෙනෙන ඒවා ගණන් ගන්න එපා. (නි)
මේක විහිලුවක් නෙමෙයි. (නි)
මාළුවා නහින්නේ කට නිසා කියනවනේ (ස)
පාරේ යන මගීන්ට දෙයියන්ගේම පිහිටයි (ස)
මේක විහිලුවක්නේ. (නි)
අනේ ඉතිං, අද කාලේ පෙට්‍රල් ටිකේ ගාණ ගැන බැලුවොත් මේ උත්තරේ සාධාරණයි. (නි)
මේකේ තියෙන දේ දෙන්නෙකුට වගේ තේරිලා තියෙනවා. (නි)
අද කාලේ පෙට්‍රල් වල ගානේ හැටියට නම් මේ උත්තරේ තමයි සාදාරණ උත්තරේ.(නදී)
ආනන්ද, පාරේ යන්නේ මගීන් නෙමෙයි පදිකයෝ. මගීන් යන්නේ කොල්ලෝ වාහනයක් ඇතුළෙනේ. (නි)
විභාග ප්‍රශ්ණපතුයට බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් මිස ලිවීමට එන්නේ නැහැනේ..!(නු)
මෝඩ ගෑනි මන්.....// (ස)
සැමියා බිරිඳගේ දෙවියාය...(ස)
විහිලු කතාවකට මරේ මරු. (නි)
නිවුටල් එකේම යන එක හොඳයි (ස)
මම මේ දැක්කමයි ගැහැණියක් පිරිමියෙක්ගෙන් උපදෙස් ගත්ත අවස්ථාවක්. (නි)
මේක කියවලා හිනා වෙන්න කිචි කවා ගන්න වෙනවා. (නි)
මේක ගොඩක් හොද වැඩක්. (නි)
මම දන්න තරමින් නම් කරන්න තියෙන්නේ උත්තර 4න් හරි එක තෝරන එක. දැන් ලිඛිත පරික්ශනයකුත් තියනවද දන්නේ නැහැ. (නි)
පිළිතුරු හතරකින් එකක් තෝරා ගන්නවා මිස ලියන්න නැත. (නි)
කතාව බොරු උනක් ඇත්ත වගේ ලියලා තියෙනවා (ස)
ලිවීමට, පිළිතුරු නැහැනේ. (නි)
හිතාගන්න පුළුවන් අනෙක් හරිය අපිට (නි)
පිටුපසට රිවර්ස් කරයිද දන්නේ නැහැ. (නි)
සහතික ඇත්ත.පිළිතුරු ලිවීමට නොව පිළිතුරු තේරීමටයි තියෙන්නේ.(නු)
හිනා යන උත්තරයක්නේ. (නි)
බැරි වැඩ නොකරන් අඹරෝ කිවුවලු. (නි)