තම ගෙල බැඳි රන්මාලය කඩා ගත්තායැයි සිතා මහත් කළබැගෑනියක් කළ කාන්තාවකට එම මාලය තමාගේම අත්බෑගයෙන් හමුවූ සත්‍ය සිදුවීමක් පසුගියදා අසන්නට ලැබිණි.
ඇය කුරුණෑගලට ආසන්න නගරයක වෙළෙඳසලක ලිපිකාරිණියකි. දිනපතා හිමිදිරි පාන්දරම සේවා ස්ථානය වෙත ඈ ගියේ පාළුවට හා කැලෑවැදී තිබූ සොහොන් පිටියක් මැදිනි. ජනාකීර්ණ නොවූ ප‍්‍රදේශයක් නිසා මෙම මැදිවියේ ලිපිකාරිණිය මෙම සොහොන් පිටිය මැදින් වූ මාවත දිගේ ගමන් කළේ සැකද බියද සහිතවය.
ඇතැම් දිනවලට ඇගේ සැමියා ඇය ඇරලවීමට ද පැමිණියේ ඇගේ ඉල්ලීම නිසාය. සැමියා වෙනත් කටයුත්තක නිරත වූ නිසාම එදින ඇයට යාමට සිදුව තිබුණේ තනිවමය. සොහොන් පිටිය ආසන්න කැලෑරොද පසුවෙද්දීම කළු රෙද්දකින් මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු ඈ ඉදිරියට පැන ඇගේ මුව වසා කිනිස්සක් පෙන්වා ඇගේ ගෙල අතගා දිව ගියේ මෙම කාන්තාව භීතියට හා ත‍්‍රාසයට පත්කරවමිනි. ඇගේ මර ළතෝනිය ඇසී ගම්වැසියෝ මෙම ස්ථානයට රොක්වූහ.
බොහෝ දෙනෙකු පැවසුවේ ‘මේක නම් නිකං අරින්න එපා, පොලිසියට පැමිණිලි කරන්නම ඕනෑ’ කියාය. ආරංචිය සැලවූ වහාම ඇගේ සැමියාද එම ස්ථානයට ළඟාවූයේ තම බිරියට සිදුවූ සන්තෑසිය ගැන කෝපය හා ශෝකය පෙරදැරි කරගෙනය. ‘මෙහෙම හයිරං දාන්න දෙන්න බෑ මේ ගමේ, මෙයාගේ මාලේ පනස් දාහක් විතර වටිනා එකක්. කරන්නම්කෝ හොඳ වැඩක්’ ‘ඔව් පොලිසියට යමු’ බොහෝ පිරිසක්ද ඔහු සමඟ එක්වූහ. තම සැමියාද සමඟ හඬා වැළපෙමින් පොලිසිය වෙත ගොඩවූ මෙම කාන්තාව මාලය කඩාගෙන පැනගිය තැනැත්තා පිළිබඳ හැඩරුව සමඟ පැමිණිල්ල ඉදිරිපත් කළාය.
පොලිස් නිලධාරීහු ඇගෙන් ප‍්‍රශ්න කරමින් කතාවට අවධානය යොමු කළහ. ඒ අතර පොලිස් නිලධාරිනියක් ඇගේ අත් බෑගයද පරීක්‍ෂා කළාය. බෑගයේ තිබූ සියලූ පොත් පත්, බස් ටිකට් හා කොළ කැබලිද, මුදල් ද මේසය මතට වැටිණි. ඇගේ අත් ලේන්සුවේ ගුලිකර තිබූ රන්දම්වැලද එහි විය. එය දැකීමෙන් සැමියාත් ඇයත් නිරුත්තර වූහ.
තමා කලින් දින වැඩ ඇරී ගොස් අත් බෑගයට දැමූ රන් දම්වැල, සිදුවීම සිදුවූ දින පැළඳ සිට නැතිබව ඈට වැටහී ගිය නිසා ඇගේ මුහුණ විළිබර විය. කාලයක් ඇගේ මාලය ගැන විපරමින් සිටි හොරාද එදින මාලය කැඞීමට පැමිණ හිස් අතින් ආපසු ගොස් ඇති බව පසුව හෙළිවිය.
සොරා සමඟ පොර බැදීමෙන් ලත් මද සීරීම් තුවාල දෙස බලමින් ඈත් සැමියාත් පොලිසියෙන් බැස යන අයුරු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවති නංගියේ, ඉස්සර නම් සත්කෝරළේ මෙහෙම හොරකම් තිබුනේ නැහැ නේද? හා බොරුද? (නි)
පද්මිනී-වේල්ස් මා ලිවීමට සිතු දේම ඔබ ලියා තිබීම සතුටට කරුණකි.මීට කලකට ඉහත මෙහි හරවත් අදහස් දැමු පිරිස් පිරිස් අද කෝ.......? (අ)
රූපවතී, මටත් අහන්න තියෙන්නේ සරත්ගේ ප්‍රශ්නෙම තමයි. ඇයි ඉතින් ඔච්චර හොඳ කුරුණෑගල දාලා සුද්දගේ රටට ගියේ? ආයෙත් එන්නකෝ කුරුණෑගල. (නි)
ඇයට අනුකම්පා කළ යුතුයි.දුක් මහන්සි වී රැකියාවක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. සොරා සොයාගෙන මෙවැනි දේවල් නොකරන්න නීති මගින් දඬුවම් ලබා දිය යුතුයි. (ම)
අම්මෝ! කුරුණෑගල ඉන්න කට්ටිය ගැන හිතුවහම මේක නම් වැරදීමක් වෙන්න බැහැ කොහෙත්ම. (නි)
ජය, ඉස්සර රූපා තනියම බයිසිකල් පැදගෙන යනවා පිටිසර පාරදිගේ. බොරුනම් අහන්නකො. (බ)
පව් අසරණී. ක්ෂණික කම්පනයට අපිටත් වෙලාවකට අමතකවීම් වෙනවා. (නි)
පොලිස් නිලධාරිනියගේ බුද්ධිමත්බාවය අගය කළයුතු වේ. (නි)
අර අහිංසක මනුෂ්‍යයාව නිකරුනේ හිරේ දාන්න බොරුවක් කියන්න හැදුවද දන්නේ නෑ. (බ)
අද වෙනකනුත් මුළු ලංකාවම බුදු අම්මෝ ..බෙන්තරින් එහාද කීවා මිසක් ..? දෙයියනේ ..කුරුණෑගලද කියලනම් කිසිවෙක් අහනවා ඇහිලා නැහැ... සොයුරනේ ..? කුරුණෑගල ඉන්නේ හොද හිත ඇති මිනිසුන්.. වැඩිහිටි ගරුත්වය ඇති මිනිසුන් ..ඒ කයි හොදමිනිසුන් ඉන්නේ කුරුණෑගල ..!!! (අ)
අමතකවෙන්න ඇති හදිස්සියට (නි)
අනේ රූපවතී ....! (නි)
අනේ අනේ! රූපවතී, ගොනා හැරෙන්නේ පොල් පැළේට බව අපි නොදන්නවායැ. (නි)
දවසේ මෙහෙවර නිමකොට දෙයියනේ කියා එසැණ දෙයියෝ සාක්කි තීරයට ගොඩවෙන්නේ විනෝදවුත් හරබරවුත් ප්‍රවෘත්තියක් කියවා, එහි ලියවී ඇති ප්‍රතිචාරයන් බලා විඩාබර සිත මොහොතකට හෝ සතපවාගන්නයි. අවාසනාවකට මෙන් සමහරුන් තම තමන්ගේ ප්‍රතිරූපයන් නංවාගන්නට මෙන් අදාළ විෂයට පිටින් යමින්, හරසුන් වැකි ලියමින් සිටිති. (නි)
හදිසියට ඔහොම දේවල් වෙනවා. කවුද කෙනෙක් ඔලුවේ ඇස් කණ්ණාඩිය රුවාගෙන ගේ දෙවනත් වෙන්න හෙව්වාලු. ආච්චි කිව්වාම තමයිලු දැනගත්තේ කණ්ණාඩිය තමන්ගේම ඔලුවේ රුවාගෙන කියලා. (නි)
අපේ ගම් පළාතක හොරෙක් හිටියේ නැහැ ඒ කාලේ.අනික අපි ගම වටේ රංචුව කැරකිලා රෑ දෙගොඩහරියේ ගෙදර අාවත් අපිට කිසිවෙකුගෙන් කරදරයක් එදා වුණේ නැහැ.හැමෝගෙම ආරක්ෂාව ලැබුනා. පිට ගමකින්වත් කෙනෙකුට අපිට හොරෙන් අපේ ගමේ කරක්ගහන්න ලැබුනේ නැහැ. එදා ගමේ තිබුන එකමුතුකම හා අාරක්ෂාව අද නැහැ. දුකයි ඒ ගැන (නි)
ඔච්චරටම සිහිය නැතිවුණාම හොඳට හිටී... (නි)
රූපවතී, ඇයි ඉතින් ඔච්චර හොඳ කුරුණෑගල දාලා සුද්දන්ගේ රටේ පදිංචිවුණේ. (නි)
දැන් ඉන්න ලොකුම හොරු ලංකාවේ එක පැත්තකට වහන්වෙලා නිසා, ජනතාව ඇත්තේ කොහොමත් සැකයෙන් හා භීතියෙන් (නි)
පවු! අමතකවීමක් වෙන්න ඇති (නි)