ආයතනයක පසුගියදා කළමනාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. එහි නිලධාරියෙක් ආරක්ෂක අංශය අමතා ‘‘හවස ලෙක්චර කනෙක් එනවා.
එයාගෙ නම ප‍්‍රදීප් එයාට කාර් පාර්ක් එකේ ඉඩ තියන්න” යැයි පැවසීය. ආයතනයේ රථගාල කුඩා එකක් වූ අතර එහි නිලධාරින්ගේ වාහන ගාල්කර තිබූ නිසා ඉඩ තිබුණේ එක් වාහනයකට පමණි. එය ප‍්‍රදීප් මහතා සඳහා වෙන් කෙරිණි. සම්මන්ත‍්‍රණයට පැමිණි වාහන මාර්ගය දෙපස නවත්වන ලදහ. ස්ථානභාර නිලධාරියා ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාට මෙසේ කීය.
”ප‍්‍රදීප් කියලා මහත්තයෙක් එයි. එයාගේ වාහනේ නොම්මරේ දීලා නැහැ. නම අහල එයාගේ වාහනේ ඇතුළට ගන්න” ආරක්ෂක නිලධාරියා ප‍්‍රදීප් මහතාව දැක තිබුණේ නැත. හෙතෙම ගේට්ටුව අසල රැඳී සිටින විට නවීන පන්නයේ මෝටර් රථයක් ගේට්ටුව අසල ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. ආරක්ෂක නිලධාරියා ”සර් ප‍්‍රදීප් මහත්තයා දැයි” රථයේ පැමිණි අයගෙන් විමසීය. රථය තුළ සිටි අය ”ඔව්” යනුවෙන් හැෙඟන පරිද්දෙන් හිස නැමීය. වහාම රථය ආරාධිතයා වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයේ ගාල් කෙරිණි. ගතවූයේ මොහොතකි. තවත් වාහනයක් වේගයෙන් පැමිණ ගේට්ටුව අසල නැවැත්වීය. ”කාර් පාක් එකේ ඉඩ නැහැ සර්” ආරක්ෂක නිලධාරියා පැවසීය. ‘‘මම ප‍්‍රදීප් මම තමයි ලෙක්චර් එක කරන්නේ” ඒ මහතා සුහදව පිළිතුරුදුනි. ආරක්ෂක නිලධාරියාට දෙලෝ රත්විය. සිදුවීම දුටු ආයතනයේ නිලධාරියෙක් තම වාහනය ඉවත් කර එතැන අදාළ වාහනයට ඉඩ සැලසීය.
මුලින් වාහනයේ පැමිණි මහතා තම වාහනය ගාල් කිරීමට අවට ඉඩක් නොතිබූ බව දැක ආරක්ෂක නිලධාරියාට මුසාවක් පවසා රථය ගාල්කර ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කතා කරන්නේ නියම තත්ත්වය නොදැන (නි)
ටයර් දෙකක හුලන් අැරිය නම් නරකද? (ස)
ආරක්ෂක නිලධාරියා මීට වඩා වගකීමෙන් තම රාජකාරිය කළ යුතුයි (නි)
ආරක්ෂක නිලධාරියාටත් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න තිබුනා. ඔහොම කටට උත්තරය දීලා අහනවද ? (නි)
මේක තමයි ලොකු වාහනයකින් ගියාම තියෙන සැලකිල්ල. බැරි වෙලාවත් ප්‍රදීප් මහත්තය කලින්ම අවනම් පුංචි පරණ වාහනයක ඇත්ත කිව්වත් ගේට්ටුව නොඇර ඉන්න ඉඩ තිබුන. (අ)
අවම බලය පාවිච්චි කරන්න තිබුනා (දී)
මුසාවක් කිව්වානම් මහත්මයකේ කියලා සදහන් කරන එක හරි නෑ නේද? නරක ආදර්ශයක් වෙනවානේ. (දී)
ඇඳුමින්, යන එන වාහනයේ පෙනුමින් වංචාව, හොරකම දුෂණය යනාදිය වසන් කරන උදවියද සමාජයේ බොහෝ සිටිති. (නි)
දුම්මලසූරිය, මමත් ලංකාවෙන් පිටවෙලා ඉන්නේ ඔයා ඔය කියන කාරණය නිසයි මල්ලි (නි)
වත්සලා, ඔබ හා මම එකඟයි. (ස)
ඔන්න ලලිත් අපේ මහත්හොරුන්ගේ හැටි.....කොහොමත් අවංක අයට වඩා වංක අයට අපේ රටේ කොතනත් පිළිගැනීමක් ඉල්ලුමක් තියනවා.... ඕක තමා සකල සිරින් පිරි සිරිලංකාවේ වත්මන් තත්වය.............. (දී)
නමට ආරක්ෂක නිලධාරියෙක් උනාටම මදි. පදවියේ හැටියට ඔයිට වඩා මොලේ පාවිච්චි කල යුතුයි. පහුගිය කාලවල වෙච්ච විනාස දැක්කනේ, ආරක්ෂක වැඩපිළිවෙලේ අඩුලුහුඬුකම් නිසා. (ස)
ආරක්ෂක නිලධාරියා මොකද කලේ (දී)
කොහොමත් ලොකු වාහන වල එන අය කරන්නේ බොරුවතමා (දී)
ආරක්ෂක නිලධාරියෙකුට බලය තියෙනවා හඳුනන්නේ නැති ඕනෑම කෙනෙකුගෙන් හැඳුනුම් පත ඉල්ලා සිටින්න. හැබැයි අද ඉන්න අය එකවත් දන්නේ නැහැ.ඉතින් කොහොමද වැඩක් හරියට කරන්නේ? (දී)
කරණය කොහොම උනත් අර වහනය අයින් කරලා ඉඩ දීපු මහත්මයාව අගය කරන්න ඕනේ . (අ)
එතන රාජකාරිය කරාපු කෙනාට එන පුද්ගයාගේ සම්පුර්ණ නම කියා දැනුවත් කර තිබුනානම් අර මහත් හොරාට ටිකක් ලජ්කරවන්න තිබුන නේ. (දී)