IMG-LOGO

රථගාලේ ආරාධිතයාට වෙන්කළ තැනට වෙන වාහනයක් දාලා

ආයතනයක පසුගියදා කළමනාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. එහි නිලධාරියෙක් ආරක්ෂක අංශය අමතා ‘‘හවස ලෙක්චර කනෙක් එනවා.

එයාගෙ නම ප‍්‍රදීප් එයාට කාර් පාර්ක් එකේ ඉඩ තියන්න” යැයි පැවසීය. ආයතනයේ රථගාල කුඩා එකක් වූ අතර  එහි නිලධාරින්ගේ වාහන ගාල්කර තිබූ නිසා ඉඩ තිබුණේ එක් වාහනයකට පමණි. එය ප‍්‍රදීප් මහතා සඳහා වෙන් කෙරිණි. සම්මන්ත‍්‍රණයට පැමිණි වාහන මාර්ගය දෙපස නවත්වන ලදහ. ස්ථානභාර නිලධාරියා  ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාට මෙසේ කීය.

”ප‍්‍රදීප් කියලා මහත්තයෙක් එයි. එයාගේ වාහනේ නොම්මරේ දීලා නැහැ. නම අහල එයාගේ වාහනේ ඇතුළට ගන්න” ආරක්ෂක නිලධාරියා ප‍්‍රදීප් මහතාව දැක තිබුණේ නැත. හෙතෙම ගේට්ටුව අසල රැඳී සිටින විට නවීන පන්නයේ මෝටර් රථයක් ගේට්ටුව අසල ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. ආරක්ෂක නිලධාරියා ”සර් ප‍්‍රදීප් මහත්තයා දැයි” රථයේ පැමිණි අයගෙන් විමසීය. රථය තුළ සිටි අය ”ඔව්” යනුවෙන් හැෙඟන පරිද්දෙන්  හිස නැමීය. වහාම රථය ආරාධිතයා වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයේ ගාල් කෙරිණි. ගතවූයේ මොහොතකි. තවත් වාහනයක් වේගයෙන් පැමිණ ගේට්ටුව අසල නැවැත්වීය. ”කාර් පාක් එකේ  ඉඩ නැහැ සර්” ආරක්ෂක නිලධාරියා පැවසීය. ‘‘මම ප‍්‍රදීප් මම තමයි ලෙක්චර් එක කරන්නේ” ඒ මහතා සුහදව පිළිතුරුදුනි. ආරක්ෂක නිලධාරියාට දෙලෝ රත්විය. සිදුවීම දුටු ආයතනයේ නිලධාරියෙක් තම වාහනය ඉවත් කර එතැන අදාළ වාහනයට ඉඩ සැලසීය.

මුලින් වාහනයේ පැමිණි මහතා තම වාහනය ගාල් කිරීමට අවට ඉඩක් නොතිබූ බව දැක ආරක්ෂක නිලධාරියාට මුසාවක් පවසා රථය ගාල්කර ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.
 

 



අදහස් (0)

රථගාලේ ආරාධිතයාට වෙන්කළ තැනට වෙන වාහනයක් දාලා

රූපවතී Monday, 09 June 2014 01:16 PM

සමහරු කතා කරන්නේ නියම තත්ත්වය නොදැන (නි)

:       0       0

සිරිනා Friday, 06 June 2014 01:52 PM

ටයර් දෙකක හුලන් අැරිය නම් නරකද? (ස)

:       0       0

ශාන්ති Saturday, 07 June 2014 01:26 AM

ආරක්ෂක නිලධාරියා මීට වඩා වගකීමෙන් තම රාජකාරිය කළ යුතුයි (නි)

:       0       0

ජයනි Friday, 06 June 2014 02:33 PM

ආරක්ෂක නිලධාරියාටත් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න තිබුනා. ඔහොම කටට උත්තරය දීලා අහනවද ? (නි)

:       0       0

අසෝකා Saturday, 07 June 2014 04:46 PM

මේක තමයි ලොකු වාහනයකින් ගියාම තියෙන සැලකිල්ල. බැරි වෙලාවත් ප්‍රදීප් මහත්තය කලින්ම අවනම් පුංචි පරණ වාහනයක ඇත්ත කිව්වත් ගේට්ටුව නොඇර ඉන්න ඉඩ තිබුන. (අ)

:       0       0

බතුතා Monday, 09 June 2014 12:41 AM

අවම බලය පාවිච්චි කරන්න තිබුනා (දී)

:       0       0

ලලිත් Friday, 06 June 2014 10:23 AM

මුසාවක් කිව්වානම් මහත්මයකේ කියලා සදහන් කරන එක හරි නෑ නේද? නරක ආදර්ශයක් වෙනවානේ. (දී)

:       0       0

කුමාර Monday, 09 June 2014 10:03 AM

ඇඳුමින්, යන එන වාහනයේ පෙනුමින් වංචාව, හොරකම දුෂණය යනාදිය වසන් කරන උදවියද සමාජයේ බොහෝ සිටිති. (නි)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 09 June 2014 05:28 PM

දුම්මලසූරිය, මමත් ලංකාවෙන් පිටවෙලා ඉන්නේ ඔයා ඔය කියන කාරණය නිසයි මල්ලි (නි)

:       0       0

රූපවතී Tuesday, 10 June 2014 08:58 AM

වත්සලා, ඔබ හා මම එකඟයි. (ස)

:       0       0

දුම්මලසූරිය Friday, 06 June 2014 11:41 AM

ඔන්න ලලිත් අපේ මහත්හොරුන්ගේ හැටි.....කොහොමත් අවංක අයට වඩා වංක අයට අපේ රටේ කොතනත් පිළිගැනීමක් ඉල්ලුමක් තියනවා.... ඕක තමා සකල සිරින් පිරි සිරිලංකාවේ වත්මන් තත්වය.............. (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 09:40 AM

නමට ආරක්ෂක නිලධාරියෙක් උනාටම මදි. පදවියේ හැටියට ඔයිට වඩා මොලේ පාවිච්චි කල යුතුයි. පහුගිය කාලවල වෙච්ච විනාස දැක්කනේ, ආරක්ෂක වැඩපිළිවෙලේ අඩුලුහුඬුකම් නිසා. (ස)

:       0       0

රණතුංග Monday, 09 June 2014 12:32 PM

ආරක්ෂක නිලධාරියා මොකද කලේ (දී)

:       0       0

රංග Monday, 09 June 2014 12:32 PM

කොහොමත් ලොකු වාහන වල එන අය කරන්නේ බොරුවතමා (දී)

:       0       0

පිටිගල Friday, 06 June 2014 09:30 PM

ආරක්ෂක නිලධාරියෙකුට බලය තියෙනවා හඳුනන්නේ නැති ඕනෑම කෙනෙකුගෙන් හැඳුනුම් පත ඉල්ලා සිටින්න. හැබැයි අද ඉන්න අය එකවත් දන්නේ නැහැ.ඉතින් කොහොමද වැඩක් හරියට කරන්නේ? (දී)

:       0       0

නදී Friday, 20 June 2014 03:16 PM

කරණය කොහොම උනත් අර වහනය අයින් කරලා ඉඩ දීපු මහත්මයාව අගය කරන්න ඕනේ . (අ)

:       0       0

ලක්ෂපාන Monday, 09 June 2014 06:48 PM

එතන රාජකාරිය කරාපු කෙනාට එන පුද්ගයාගේ සම්පුර්ණ නම කියා දැනුවත් කර තිබුනානම් අර මහත් හොරාට ටිකක් ලජ්කරවන්න තිබුන නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site