ප‍්‍රසිද්ධ ස්ථානයක දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකය වන 119 අංකයට ඇමැතීම සඳහා එම ගැටුම අසල සිටි අයකු පොලිසියේ වන්.වන්.නයින් එකට ඇමැතීමට අංකය කියන්න යැයි හඬහා කීමේ සිද්ධියක් මහනුවර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
මහනුවර ප‍්‍රධාන පෙලේ වීදියක සාප්පු සංකීර්ණයකි. එහි ඇති හෝටලයක් අසල දෙදෙනකු අතර මත ගැටුමකි. එය අතපය විසි කරන තත්ත්වයකට ඔන්න මෙන්න කියා තිබියදී සමාජ බුද්ධිය තරමක් අඩු පුද්ගලයකු එය විමර්ශනය කොට එම කලහකාරි සිද්ධිය නැවැත්විය යුතු බව පැවසීය.
එහෙත් ඔහු අත පොලිසියේ අංකයක් නොවීය. ඔහුට එක්වර මතක්වුයේ වන් වන් නයින්ය. එය ඔහු සිතා සිටියේ පොලිසියේ කිසියම් අංශයක් කියා විය හැකිය.
ඔහු එක්වරම හඬගා කියා සිටියේ මේ ගැටුම වහාම නතර කළ යුතුයි මට හැකි ඉක්මනින් ‘‘වන් වන් නයින්’’ එකේ අංකය දෙන්න යනුවෙනි.
ඒ සමගම බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනාසෙන අයුරු දක්නට ලැබිණි.