සුළු සිද්ධියක් හේතුවෙන් අමනාපවී තම මවුපියන් වෙත ගිය බිරිය යළි නිවසට කැඳවාගෙන ඒමට ගිය සැමියකුට බිරියගේ මවුපියන් විසින් බරපතළ කොන්දේසි කීපයක් පැනවීම නිසා සැමියා බිරිය අත්හැර දමා යළි හිස් අතින්ම නිවසට පැමිණීමේ සිද්ධියකි.
ඒ මෙසේය.

එක්දරු පියෙකු වූ ඔහු රජයේ කාර්යාලයක සාමාන්‍ය රැකියාවක නිරත වූ සේය. ඔහු තම මිතුරන්
සමග ඉඳහිට අඩියක් ගැසීම පුරුද්දක් කරගෙන සිටි අතර එය බිරිඳ නොරිස්සුවාය. බීමත්කම දෙන්නා දෙමහල්ලන් අතර ගැටුම්වලටද හේතුවක් විය.
පසුගිය දිනෙක ඔවුන් අතර ඇතිවූ ගැටුමක් නිමා වූයේ බිරිය දරුවාද රැගෙන සිය මවුපියන්ගේ නිවස වෙත යාමෙනි.
දින කීපයක් බලා සිටියද බිරියත් දරුවාත් නැවත නිවසට නොපැමිණීම නිසා ඔහු මිතුරකුද සමග බිරිඳ සොයා ඇයගේ නිවසට ගියේ ඇයගෙන් සමාව ගෙන ආපසු කැඳවාගෙන ඒමේ අදිටනිනි. එහෙත් බිරිය වෙනුවට ඉදිරියට පැමිණියේ නැන්දම්මාය.
කෙල්ල එවන්නම්. හැබැයි මාමයි මායි දෙන්නත් එනවා. ගෙදර ඉන්න අපෙ ලොකු දුවගේ ළමයි දෙන්නත් එනවා. මොකද ඒ දරුවන් එහේ ඉඳන් හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්. අපිටත් සලකාගෙන බොන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දම්මා තවත් කොන්දේසි කීපයක් දැම්මාය.
එනපොට හොඳ නැතැයි තේරුම් ගත් ඔහු කහට උගුරක්වත් නොබී ආපසු හැරී සිය නිවෙස වෙත එන්නට හැරුනේ නැන්දම්මාගේ කොන්දේසිවලට යටත් වුවහොත් තවත් රස්සා දෙක තුනක් කරන්නට හෝ හොරකමේ යාමට තමන්ට සිදුවනු ඇතැයි තමා සමග ගිය මිතුරාට පවසමිනි.
(වියලුව වාර්තාකරු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අලුතින් කසාද බඳින්න යන අයට හොඳ පාඩම්... මනාලිය ගෙදරට ගේන්න ඉස්සරවෙලා නැන්දම්මටයි, මාමණ්ඩිටයි කොන්දේසි දාන්න ඕනෑ. තම පවුලේ කටයුතුවලට අත පෙව්වොත් බිරිඳ සමග තමාද බිරිඳගේ නිවසේ පදිංචියට එන බවත්, තමාට හා බිරිඳට හොඳින් සැලකිය යුතු බවත් කියලා..
මේක නම් නැන්දලා, මාමලා, දූලා එකතුවෙලා ගහපු ගැටයක් වගේ..