රියැදුරන් භාවිත කරන රාත්‍රියට පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පොදු නාන ලිඳක් ළඟ කාන්තාවන්ට වෙන්කළ කොටසට එබිකම් කළ අයකුට ජල ප්‍රහාරයක් එල්ලවීම නිසා පැනගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

එය ප්‍රදේශයේ පොදු නාන ලිඳකි. දහවල මෙන්ම රාත්‍රියටද පිරිමි මෙන්ම කාන්තාවෝද මෙහි දිය නෑමට පැමිණෙති.
මේ අතරේ දියනෑමට බව අඟවමින් පැමිණි අයකු අඳුරේ කාන්තාවන් නාන පැත්තට වරින්වර එබිකම් කර ඇත. මේ බව දුටු කාන්තාවක් “කවුද ඔය මේ පැත්තට එබිකම් කරන්නේ. පැත්ත මාරුවෙලාද කණ්ණාඩි දාගෙන බලන්නේ” යැයි අසා ඇත.
මේ ගැන සැකසිතූ කාන්තාවන් කවුරු හරි වනචරයෙක් අපි නානවා බලනවා. හොඳවැඩක් කරමු යැයි කියා වතුර බාල්දියක් ඒ දෙසට විසිකර ඇත. ඒ සමගම වැඬේ වැරදුණු බව දැනගත් පුද්ගලයා අඳුරේම පලාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අන්ධයා.