විදේශීය රටක සේවයේ නියුතු පුතෙක් නැවත මව්බිමට ඒමට පළමුව සිය පවුලේ උදවියට දුරකතන ඇමැතුමක් ලබාදීමට කටයුතු කළේය. “ඔයාලට මොනාද ඕනේ” ඔහු විමසීය. ඒ අනුව සහෝදර සහෝදරියේ ඇඳුම් පැළඳුම්, සුවඳ විළවුන් වර්ග යනාදිය ඉල්ලූහ. පියාද තමාට ජංගම දුකරථනයක අවශ්‍යතාව පැවසීය.
මවගේ ඉල්ලීම අන් හැමදෙනාටම වඩා වෙනස් විය. “පුතේ, මට එහෙ තියනවානම් අමු මිරිස් ගේන්න. මෙහෙ අමු මිරිස් හරි හිඟයි.” ඒ දිනවල දිවයිනේ අමු මිරිස් හිඟයක් පැවතිණි. කිලෝ එකක් රුපියල් එක්දාස් තුන්සීයකි. යනුවෙන් පැවසුවාය. තම මව්බිමට පැමිණි පුතා සියලු දෙනාටම අවශ්‍යදෑ ගෙනවිත් තිබිණි. ඒ අතර මනාලෙස පාර්සල් කරන ලද අමු මිරිස් කිලෝ තුනක්ද විය.
ක්‍රිස්ටෝපර් සීපියන්. අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු කම්මැලි බව වටහා ගත්තේ කුඩා කාලෙම. ගේ අවට සැහෙන ඉඩ තිබුනත් කිසි දෙයක් වවන්න උත්සහයක් නෑ. පිනට අහසින් වැටෙන තෙක් උඩ බලාගෙන සිටීම තමයි පුරුදු. (බ)
සමහරුන්ගේ ටිකිරි මොළ ගැනනම් කියන්න වචන නැහැ අප්පා , ලංකාවෙන් ගෙන්න ගන්නේ ඔය ඉන්න රටවල නැති දේවල්, අමු මිරිස් කියන්නේ මේ රටේ ඕනෑම තැනක හැදෙන පැලවෙන ගහක් , මේ වගේ ටිකිරි මොළ ලංකාවෙන් එලියට ගිය එකමයි කාරිය (බ)
අචින්ත, කීකරු පුතෙකුගේත් ආදරණීය මවකගේත් සතුට වෙනුවෙන් කට්ටිය මරාගන්න එපා..... (නි)
අයියෝ කිව්වලු.(හේ)
අම්ම ඒ මිරිස් විකුණලා එයට ඕන කරන දෙයක් ගන්න ඇති . පුතා ගිහින් හිටිය රට මොකක් ද දන්නේ නැහැ . (ම)
කිසි වරදක් නෑ.මෙහේ කිලෝ එකක් ලංකාව මුදලින් 400.එහෙනම් පුතාට 3300 ක් ලැබිලා.ලබා බඩු අරගෙන එන එකේ වරදක් නෑ නේද?(හේ)
කතාව හරි. මමත් මිරිස් මෙහෙන් ගත්තා. ලංකාවේ මිල 1200/- තිබුන දිනවල මෙහෙ හොඳම ලොකු මිරිස් රු.300/- යි (නි)
පිටබැද්දර මහත්තයෝ ඔයාලවගේ හැමටම වතු පිටි නැහැ හිනා වෙන්න නැත්නම් අඬන්න (බ)
මේක ගැන වාදකරන්න දෙයක් නැහැ. කුමන හේතුවකට හරි අම්මා ඉල්ලපු අමු මිරිස් ටික ඕනෑවටත් වැඩියෙන් පුතා ගෙනල්ලා දීලා. බොරු සෝබනකාරයෝ මේ වාගේ දේවල් ගෙනත් දෙන්න ලජ්ජාවෙන කාලයක මේ පුතාගේ ක්‍රියාව අගය කරන්න (නි)
අද අපේ මිනිස්සු හැමදේම කඩෙන් ගන්න බලනවා මිසක් ගෙදර මල් පොච්චියකවත් තමන්ට අවශ්‍ය දෙයක් හිටවගන්න උනන්න්දුවක් නැහැ. (හේ)
අමු මිරිස් ගෙනියන්න තහනම් නැද්ද? නරක්වනසුළු පලතුරු සහ එළවලු ගෙනියන්න මම දන්න විදියට නම් තහනම්. නමුත් හොඳ පුතෙක්. (නි)
ලංකාවේ තවමත් අමු මිරිස් ගනණ බැහැලා නැහැ. ඒ වුණාට අමු මිරිස් වවන පළාත්වල කිලෝව රුපියල් දහයටත් විකුණගන්න බැරුව ගොවියෝ වහ බොනවා. නමුත් කඩවල්වල අමු මිරිස් ගිනි ගණන්. අපේ රටේ මේ යන විදිහට සීනි ඇමතිලත් පත්කරපු එකේ අමු මිරිස් ඇමති කෙනෙකුවත් පත්කරලා අමු මිරිස් අඩුවට දෙන්න බලන්න කියලා මම දේශපාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
මෝල්ගහත් පැලවෙන රටේ අමු මිරිස් පැලයක් හදාගන්න බැරිද? (නි)
මම නම් අමු මිරිස් හදලා දන්නා කියන සුද්දන්ටත් දුන්නා. චිලි චිලි කියලා හිනාවෙලා ගත්තා.දැන් කට්ටිය මිරිස් කන්න කැමතියි. හැම එකටම ටික ටික දාලා කනවා කිව්වා. අපිට වැඩිය සැරට කන්න පුළුවන් කට්ටිය ඉන්නවා. (නි)
එ් පුතා හරියටම හරි (නි)
අද කාලේ අම්මලා බොහෝවිට ඉල්ලන්නේ වටිනා සාරි, රත්තරන් බඩු, සුවඳ විලවුන් වාගේ විච්චුරන දේවල්. මේ අම්මා කාලීන අවශ්‍යතාවයකට ගැළපෙන දෙයක් පුතාගෙන් ඉල්ලාගෙන තිබෙන්නේ. සැපයුම අඩුවී මිල ඉහළ ගිය දෙයක් නිසා අමු මිරිස් කිලෝ 3 අහළ පහළ නෑදෑ හිතමිතුරන් සමඟ බෙදා හදාගන්න ඇති. අමු මිරිස් ගැන මිසක් තම පව්ලට හිතවත් මේ ගුණගරුක පුතා ගැන කතාකරන්නේ නැත්තේ ඇයි..? ගොඩක් පුතාලා තමන් ගැන හිතන්නේ නැතුව මුළු පවුලටම යුතුකම් ඉටුකරලා නිසි වයසේදී විවාහයක්වත් කරගන්නේ නැතුව, උදව් කරපු අයගෙන් නිසි සැළකීමක්වත් නැතුව දිවිගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද...? (නි)
මම ඉන්නේ කුවෛට් වල ..ලංකාවේ අමුමිරිස් රුපියල් 1300 ට තිබුන කාලේ ..මෙහෙ පිල්ස් 750 කිලෝ එකක් ,,,රුපියල් 380 විතර වුනේ .....ලොකු වෙනසක් තිබුනා ...(හේ)
පිටබැද්දර ජයා, තමරි, ඔබ දෙදෙනාගේ අදහස් අගය කරමි. ගෙදර මල් පෝච්චියක මිරිස් ගස් දෙක තුනක් වවාගන්න ඕනෑ කෙනෙකුට පුළුවන්කම තිබෙනවා. (නි)
අයියෝ මේ වගේ දේවල්ද ගේන්න කියන්නේ.(හේ)
අපි කොළඹ ජීවත්වෙන්නේ බොහොම පොඩි ගෙවත්තක් එක්ක. මම රැකියාවටත් යන ගමන් කොහොමහරි පෝච්චි වල මිරිස්, ගොටුකොළ මාළු මිරිස් වවාගෙන ඉන්නවා. නිවිති වැලක්, කරපිංචා ගහක් වවාගෙන එදිනෙදා කෑමට ගන්නවා. අද කාලයේ ඉන්න සමහර බවලත්තු හද්ද කම්මැලියි. අතටම කෑම ටික උයලා දෙන තැනකට දීග යන්න තමයි තරුණියෝ බලාගෙන ඉන්නේ. අද කාලයේ අම්මලාත් ගෑනු ළමයින්ට ගෙදර වැඩක් තියා ගෙදර වියදම අඩු කරගන්න ක්‍රමයක්වත් කියලා දෙන්නේ නැහැ. ඊළඟට ගෙදර පොඩි වියදමක් පිරිමහගන්න බැරි වුණාම ආණ්ඩුවේ මුතුන් මිත්තන් මතක් කරනවා. (නි)
දක්වා ඇති ප්‍රතිචාර බැලුවහම ගොඩක් දේශප්‍රේමීන් ඉන්නේ පිටරට වල නේද? හොඳින් ඉන්නවා නම් හොඳයි (නි)
ඕක ඔච්චර දෙයක් නෙවෙයි.මමත් කරලා තියෙනවා. ගම්මිරිස්, කරාබුනැටි, හාල්, පරිප්පු, සීනි, මමත් ගෙනත් තියෙනවා (හේ)
මේක මොකුත් නෙමී ගොන්කම රට ගියත් ඇත හරින්න බැරි (අ)
ඇත්තටම ඔයාල විශ්වාස කරයිද මන්ද මමත් දෙසැම්බර් වල නිවාඩු යනකොට අමුමිරිස් මෙහෙන් අරන් ගියා.(බ)
එකම කාරණාව අම්මලා හැමෝම වගේ ඔය විදිහයි. අනික් හැමෝම තම තමන්ගේ දේවල් හිතුවත් අම්මලා එදත්, අදත්, හෙටත් හිතන්නේ පවුලේ හැමෝම ගැනයි. (නි)
අම්මට ආදරේ පුතෙක්. දෙවියනේ! එහෙනම් මමත් මේ පාර ලංකාවට යනකොට අමු මිරිස් ටිකක් ගෙනියන්න ඕනෑ (නි)
මේවට හිනා වෙනවද අඬනවද කියල මේ කල්පනාකළේ? පිට පළාතකත් මේ වගේ නම් අගනුවර ගැන කුමන කතාද? හත්දෙවියනේ! හැම ගෙදරකම මල් පෝච්චියක හරි හිටවගන්න පුළුවන් දෙයක්නේ අමු මිරිස් කියන්නේ. ඉඩකඩ තියෙන හැටියට මිරිස් ගහක්, ගොටුකොළ පැලයක්, මුකුණුවැන්න ටිකක්, කරපිංචා ගහක් හිටවගන්න බැරිද? කොහෙද ඉතින් කම්මැලිකම ලොකුයිනේ (නි)
ලංකාවට වැඩිය අමු මිරිස් ජර්මනියේත් ලාභය , ලංකාවේ ඉන්න ගොවියෝ වී ම වගා කර සහතික මිලක් ඉල්ලමින් බලන් ඉන්නවා මිසක් වැඩි මිලක් ලභාදෙන වෙන භෝගයක් වගා කරන්න උනන්දුවක් නැත , ලංකාවේ අහාර මිල වැඩි නිසි පාලනයක් නැති කම , දේශ පාලකයෝ වෙළඳ මාෆියාව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම සහ ගොවියන්ගේ ඡන්ද ටික ගැනීමට පොහොර සහනාධාර සහ වී වලට සහතික මිලවල් ලබාදෙමින් වී මිලදී ගෙන ගබඩා වල පස් වෙන්නට ඉඩහැර ඇත (බ)
රටගිය ඇත්තන්ගේ "හිත හොඳකම"සමහරුන්ට පෙනෙන්නේ ගොන්කමක් වාගෙයි. අර කතාවක් තියෙනවානේ කඩන්න බැරි මිඳී තිත්තයි කී කතාවක්. (නි)
රට ගිය ඇත්තන්ගේ හිත හොඳකම සමහර මැටි මෝල්ලුන්ට පෙන්නේ ගොන්කම වාගේ තමයි.අර කතාවක් තියෙනවානේ කඩන්න බැරි මිඳී තිත්තයි කීව කතාවක්. (අ)
මේ අම්ම කොච්චර සතුටු වෙන්න ඇත්ද පුතාව දැකල. පුතාටත් හරි සතුටු ඇති අම්ම අමුමිරිස් දාල හදපු කෑම කන්න ලංකාවේ මිනිස්සු විස බේත් එළවලු වලට ගහන නිසා ඊළඟ පාරත් හොඳ එළවලු පුළුවන් හැටියට අම්මට ගිහින් දෙන්න පුතේ පුතාට තුනුරුවන් සරණයි (බ)
මෙතන කිසිම වැරැද්දක් නැහැ. අපි ලංකාවෙන් මෙහෙට ගෙනෙන්නේ හාල්මැස්සෝ, කරවල, කරපිංචා. (නි)
ලජ්ජා වෙන්න ඕන අම්මාද? පුතාද? නැතිනම් අපි හැමෝමද? අමු මිරිස් ගහක් තමන්ගේ මල්පොච්චියේ වුනත් වාවගන්න පුළුවන්. පිටරටවල බිම් අඟලක්වත් නැතිව කුලී නිවාස වල ඉන්න ලාංකිකයෝ කුඩා පෝච්චිවල තමන්ට ප්‍රමාණවත් මිරිස් කරපිංචා වැනි දේ වවාගන්නවා. නමුත් ලංකාවේ අපි මිරිස් වල ගණන් කියකිය ඉන්නවා. මිරිස් ගස් දහයක් පහළොහක් කුස්සිය පැත්තේ අගුපිලේ මල්පෝච්චි කිහිපයක වවා ගත්ත ඔය කියන නම් රුපියල් 3300ම ඉතුරුයි නේ?(හේ)