IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රැකියාව ගැන වහසිබස් දොඩා ජොබ් එකක් සොයාගෙන ඇවිල්ලා

කුරුණෑගල සිට ඉතාලියට පැමිණි වසර 22ක් පුරා මිලානෝ නුවර ජීවත්වන අයෙකි. පිනට දහමට ලැදි ඔහු නොකඩවා වසර 13ක් මුළුල්ලේ ඉතාලි ලේ බැංකුවට තම රුධිරය පරිත්‍යාග කරයි.

ඉතාම සරල ජීවිතයක් ගතකරන ඔහු තම බිරියත් නැඟණියත් හිතවතුන් කිහිපදෙනකුත් සමග රජයේ හා පෞද්ගලික ආයතන පිරිසුදු කිරීමේ ආයතනයක් පවත්වාගෙන යයි. මෙයට සති දෙකකට පෙර උමං දුම්රිය ස්ථානයක රැඳී සිටින ඔහුට අපේ රටේ තරුණයෙක් මුණ ගැසෙයි.

කටකාර තරුණයා ඔහු අසලට එයි. විස්තර අසයි.  නැහැ. මම අලූතෙන් ඉතාලියට ආවේ. කුරුණෑගලින් ගිය පුද්ගලයා කීවේය. ජොබ් එකක් කරනවද? තරුණයාගෙන් තවත් පැනයකි. නැහැ තාම නැහැ. මම නම් ජොබ් එකක් කරනවා. මාසෙකට යුරෝ 1800ක් විතර ගන්නවා. ලංකාවේ මොනවද කෙළේ. එහෙදිත් මොනවත් කෙළේ නැහැ. ඊටද ලැබුණේ කෙටි පිළිතුරකි. හැබැයි නිකම් හිටියත් අම්මා තාත්තා හොඳට කන්න දීලා තියෙනවා. ඒකනේ ඔය උස මහතට ඉන්නේ. එසේ කියූ තරුණයා ස්වල්ප වේලාවකින් නික්ම යනුයේ රැකියාවක් ලැබුණොත් කියන්නම් කියාය. 

මෙයට දින කිහිපයකට පෙර කුරුණෑගලින් ගිය තැනැත්තාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් ඔහුගේ හොඳම මිතුරකු ඉල්ලීමක් කළේ තමා සමග එකම කාමරයේ ඉන්න හිතවතාට  රැකියාවක් නොමැති බැවින් ඔහුගේ ආයතනයේ පුරප්පාඩුවක් ඇත්නම් උදවුවක් කරන ලෙසය. 

පසුදින තමා හමුවට එම තරුණයා රැගෙන එන්නැයි අලූත් මිතුරාට කියයි. පුදුමයකි යුරෝ 1800ක වැටුපක් ලබන බව කියා පුරසාරම් දෙඩූ අර මිනිහා ඉදිරියේ සිටගෙන සිටී. කිසිවක් නොකී අබේරත්න තම ආයතනයේ රැකියාවක් තරුණයාට පිරිනමයි. තම සේවකයා කලින් කී බොරුව ගැන කිසිවක් අබේරත්න ඔහුගෙන් විමසුවේ නැතත් ලැජ්ජාවෙන් ඇඹරෙමින් අදාළ තරුණයා අබේරත්නගෙන් සමාව ගත්තේය.



අදහස් (0)

රැකියාව ගැන වහසිබස් දොඩා ජොබ් එකක් සොයාගෙන ඇවිල්ලා

ඩී. උපුල් Monday, 06 May 2013 01:17 PM

කන්න නැතත් අපේ කට්ටිය හුඟ දෙනෙකුගේ සෝබනය විතරයි. මට දුකත් හිතෙනවා.(ස)

:       0       0

චතූ Tuesday, 07 May 2013 10:19 AM

ඇත්ත තිත්ත උනත් කවදාහරි හෙලි වෙනවා. (ස)

:       0       0

ප්‍රෑන්ක්-ජර්මනිය Tuesday, 07 May 2013 03:31 PM

මිලානෝ පිටිගලට මොනවා හරි ප්‍රස්නයක් තියනවා වෙන්නප්පුවේ අයත් එක්ක. හැම ප්‍රස්නේයකටම වෙන්නප්පුව ගැන කියනවමයි. එයාගේ නෝනව වෙන්නප්පුවේ කවුරුහරි අරගෙන ගිහිල්ලද ?(නදී)

:       0       0

සරත් Monday, 06 May 2013 01:50 PM

නිහතමානී මහත්මයාට තේරෙන්න ඇති මුලින්ම මෙයා කවුරුද කියලා. (නි)

:       0       0

රුවිනි Tuesday, 07 May 2013 11:09 AM

බොරුකීම හොඳ නැහැ. එත් සමාව දෙමු. තරුණ ළමයි. ලැජ්ජාවට බොරු කියනවා. මගේ චුටි මල්ලිත් හරිම කඩවසම්. රැකියාවක් නැතිකාලේ එයත් එහෙම කීව මට මතකයි. මම එයාගැන දන්නා නිසා මාසෙට පොඩි මුදලක් දුන්නා.(ස)

:       0       0

දිසානායක Monday, 06 May 2013 02:07 PM

සිරස් ඔබත් ඒ වගේ කෙනෙක් නේද? (නදී)

:       0       0

හේරත් Monday, 06 May 2013 10:07 PM

ඔයාලා අහලා නැද්ද අර වංසේ කබල් ගාපු කතාව. මේක ඉතාලි පිටපත. (නි)

:       0       0

ශිරෂ් Tuesday, 07 May 2013 11:24 AM

දිසානායක මහත්තයෝ මොනදේ රැවැට්ටුවත් තමන්ගේ හිත රවට්ටන්න බෑ නේද? (ස)

:       0       0

ශිරෂ් Tuesday, 07 May 2013 11:24 AM

දිසානායක මහත්තයෝ, මොන දේ රැවැට්ටුවත් තමන්ගේ හිත රවට්ටන්න බැහැ නේද? (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Thursday, 09 May 2013 09:21 PM

සශික, ඔයාට බොහොම ස්තුතියි. මම ඇත්ත දැනගත්තට පස්සේ මීට වැඩිය දෙයක් පිටිගලට ලියන්නේ නැහැ.එයත් වෙන්නප්පුවට ගරු කරලා කතා කරන්න ඕනෑ මීට පස්සේ. එයා කළ වැරැද්දට වෙන්නප්පුව ගැන වැරදි විදියට ලියපු එකට මම එකඟ නැහැ.වෙන්නප්පුවට ජයවේවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 06 May 2013 02:25 PM

ශිරෂ් - ඔබ හරියටම හරි' (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 May 2013 03:20 AM

වෙන්නප්පු අය ඔහොම තමයි. (නි)

:       0       0

ශෂික Wednesday, 08 May 2013 10:28 PM

පිටිගල හැම එකකටම වෙන්නප්පුවෙ අයව ගාව ගන්න හේතුව මම කලිනුත් පැහැදිල කළා. ඒ හේතුව තමයි, මිලානෝ ඉන්න පිටිගල වෙන්නප්පුවේ අයකුගෙන් විශාල ණයක් ලබාගෙන එය නොගෙවා පැහැර හැරීම. ඊට ප්‍රතිචාර වශයෙන් වෙන්නප්පුවෙ කොල්ලො සෙට් එකකගෙන් හොඳ හැටි ගුටි කන්න සිදු වීම . ප්‍රෑන්ක් ඔන්න ඕකයි ඇත්ත (නි)

:       0       0

ශිරාෂ් Monday, 06 May 2013 11:04 AM

අප්පෝ මේ වගේ කට්ටිය පිට රට වල ඕනෑතරම් ඉන්නවා....(ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:26 PM

ප්‍රෑන්ක් ඔබට තේරුන එක හොඳයි. මට මිනිහ ගෑන කනගාටුයි. මෝඩ කම හින්දමයි ඔය මනුස්සයට ඔහොම උනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 07 May 2013 08:20 AM

බොරුවට වැඩි ආයුෂ නැහැ කියන්නේ ඔන්න ඔයවගේ වෙලාවට තමයි. (නි)

:       0       0

නුවන් Tuesday, 07 May 2013 01:30 PM

කම්පැණි ලොක්කා අපේ කොල්ලෙක් නේ... (නි)

:       0       0

යොහාන් Monday, 06 May 2013 11:30 AM

සත්ත්‍ය වසන් කරන්න ඝිහින් වෙනදේ දැන් දන්නවනේ..(ස)

:       0       0

ජොනී Tuesday, 07 May 2013 06:55 PM

අනේ මහත්තයෝ, මටත් ජොබ් එකක් තියනවා නම් දෙන්න. මම නම් 500£ විතරයි හොයන්නේ (නි)

:       0       0

සමන්ත Monday, 06 May 2013 12:06 PM

මොනවා ද අනේ මේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 368 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site