IMG-LOGO

රාක්කයේ තිබූ බෑගය ඔළුවට වැටුණු මගියාට ඩෝං ගිහින්

මාතරින් ගමන ආරම්භ කළ දුර ගමන් බස් රථයකි. එදින බස් වර්ජනය නිසා විශාල පිරිසක් බසයට නැග සිටි අතර බසයේ රාක්කයේ ද බඩු මලු තදබදව අසුරා තිබුණි. හදිසියේ විශාල බෑගයක් රැගෙන බසයට ගොඩ වූ තරුණයකු රාක්කයේ බඩු මලු අයිනේ තම බෑගයද එබුවේ කළබලයෙනි.

බසය සෑහෙන දුරක් ගියවිට වංගුවකදී එම බෑගය වාඩිවී සිටි මගියකුගේ හිස මතට කඩා වැටුනෙන් ඔහු කලබල විය. බෑගය පසෙකට ලූ ඔහු හිස අත ගානවිට තෙලට මිශ්‍ර වූ ලේ බිඳක් අතේ ගෑවිණ. ඔහු කෝපයට පත් විය. “කවුද මේක තිබ්බ බූරුවා” ඔහු කීය. බෑගය තැබූ තරුණයාද කට කාරයෙකි. “හුංඩුවක් වගේ මේ රාක්කෙ බඩු අහුරන්න පුළුවන්ද? මේක කොන්දොස්තරගෙ වරද?” ඔහු ද පැවැසීය. මේ හඬ ඇසුණු කොන්දොස්තර “රාක්කෙ හැදුවෙ මම නෙමෙයි. ඒක මණ්ඩලේ වැඩක්” කීවෙන් මේ කැකිල්ලේ තීන්දුවටට බසයේ වූවෝ සිනාසුනහ. හිස තුවාල වූ මගියාට ද සිනා ගියේය.

(තිහගොඩ උපසේන ලියනගම) 



අදහස් (0)

රාක්කයේ තිබූ බෑගය ඔළුවට වැටුණු මගියාට ඩෝං ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site