නැගෙනහිර පළාතට අයත් වෘත්තීය සේවාලාභීන් පුහුණු කරන ආයතනයකි. එහි පැමිණෙන අයගේ යතුරුපැදිවල ආරක්ෂිත හිස්වැසුම් ඉඳහිට සොරකම් කිරීම පිළිබඳව අසන්නට ලැබුණත් පසු කලෙක එය මහා පරිමාණයෙන් සිදුවීම නිසා ආරක්ෂක නිලධාරීහු සෙවිල්ලෙන් සිටියහ.
පසුගියදා ආරක්ෂිත හිස්වැසුම් හොරා අසුවිය. පුහුණුවට ආ සියලූදෙනාම එක්ව තම තමන් සතුව තිබූ ආරක්ෂිත හිස් වැසුම් සියල්ලම ඔහුට එල්ලා නගර මධ්‍යයෙන් පොලිසිය කරා පෙරහැරෙන් ගියේ අපූරු දර්ශනයක් මවමිනි.
සෙලවෙන හිස් වැසුම් ගොඩක් ලෙස ඈතට පෙනුන සොරාගේ දර්ශනයෙන් පොලිස් නිලධාරීහුද මවිත වූහ.
වැරදිකරුවකුවනතුරු මේ ආකාරයට අවමන් නොකරන ලෙස පොලිස් බලධාරීන් කීවත් මෙය මෙහෙයවූ අය කීවේ මොහු වරද පිළිගෙන ඇති බවක්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරන එක පවක් උනත් නැතත් එය වරදක්. එමනිසා දඬුවම් ලැබිය යුතුයි. සොරකම නිසා පාඩු උන අයටයි අමාරුව බලන් ඉන්න අයට නොවෙයි. එම නිසා කැමති විදිහකට දඬුවම් කරන්න. කැමති නම් ෂරියා නීතියට අනුව හෝ දඬුවම් කරන්න.(නදී)
ප්‍රසන්න, රාජු, ඔහෙලත් ඒවගේ වැඩකරන අය වෙන්න ඇති.(නදී)
රාජූට හා ප්‍රසන්නට හොරකමේ යන්නට තමයි එයාලගේ ගෝලයාව මුලින් යවා හෙල්මට් හොරකම් කෙරෙවුවේ. (නි)
ෂරියා නීතිය එපා කියන්නේ නීතියේ දරුණුකම නිසාද? හොරකම අනුමත කරන නිසාද? ලංකාවේ පැරණි නීති බොභෝම දරුණුයි. නීති බොහොම තද වුණොත් දඬුවම් තද වුණොත් වැරදි අඩුවේවි.. (නි)
මෙය හොඳ දඩුවමකි. (නි)
ඇත්තටම මේ දඬුවම යොජනා කරපු හාදය අල්ලල හිරේ දාන්න ඕනි නීතිය අතට අරගෙන යකා නැටුවාට! (ස)
මම කතා කරන්නේ මේ ලෝකේ කිස්සිම කෙනක් ගැන වෛරයෙන් නෙමෙයි. මම කතා කරන්නේ ඇත්ත. අපි වගේ අය මේ කන්තදර වලට ඇවිල්ලා දුක්විදින්නේ හොරකම් කරන්න එක ආගම අනුව පවක් නිසා. අපි කවදාහරි මැරෙනවා කියල හිතාගෙන ජිවත් වුණොත් අපේ රට ගොඩක් ලස්සනයි. (නි)
මම කතා කරන්නේ මේලෝකේ කිසිම කෙනක් ගැන වෛරයෙන් නොවේ. මම කතා කරන්නේ ඇත්ත. අපි වගේ අය මේ කාන්තාරවලට ඇවිල්ල දුක්විදින්නේ හොරකම් කරන එක ආගම අනුව පවක් නිසා. අපි කවදා හරි මැරෙනවා කියල හිතාගෙන ජිවත් උනොත් අපේ රට ගොඩක් ලස්සනයි. (ස)
ඔය තම්බින්ගේ ෂරියා නීතිය ගැන කතා නොකර හිටියොත් තමයි හොඳ... (නි)
මෙක නම් මහ නින්දිත පළිගැනීමක්! (නි)
සනත් මහත්මයා, ෂරියා නීතිය අනුව දඬුවම් කරන්න මේක අරාබිය නෙවෙයි. ඔබතුමාට කැමතිනම් එහෙ ගිහින් කැමති විදියකට දඬුවම් ගන්න පුළුවන්. (නි)
පොලිසි ගියාම වෙන්නෙ නිවැරදිකාරයාටත් දඩ ගහන එකනේ... (නි)
විලි ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුලු. (නි)
ඔය වැනි දේවල් වලින් මිනිස්සු තවත් නොමගයන එක තවත් වැඩි වනවා (ස)