IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


යතුරු පැදියෙන් ‘ගතමන්ට්’ එකක් ගන්න ගිය රාළහාමි කබලෙන් ළිපට වැටිලා

මාර්ග පරීක්‍ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමා ඉදිරියට එන යතුරු පැදියක් අතින් සංඥා කොට නවතා ගත්තේය. යතුරු පැදියේ පැමිණි පුද්ගලයා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. කෙතරම් මිල මුදල් තිබුණ ද ඔහු තම යතුරුපැදියට ආදායම් බලපත‍්‍රය හෝ තමාට රියැදුරු බලපත‍්‍රය ලබාගෙන නොතිබුණි. එහෙත් තම කාරියට බාධා පැමිණෙන සෑම විටම නුවණ මෙහෙයවා ඉන් ගැලවීමට ඔහු සමත්ය.
තම නුවණ මෙහෙයවා මෙතැනින් බේරී යා හැකි බව සිතූ ඔහු පොලිස් නිලධාරියාට මෙසේ කීය.
”ආනේ රාළහාමි! මං මේ කොල්ලෙකුගෙන් බයික් එකක් ඉල්ලගෙන ටවුමට දුවල යන්න ආවේ” යි පැවැසුවේය.
 ”ඒ කතාවලින් මට වැඩක් නෑ. තමුන්ටත් බයික් එකටවත් ලයිසන් සහ ඒ මදිවට හෙල්මට් එකකුත් නෑ..” රාලහාමි කීය.
 ”ලියන්න නම් එපා රාලහාමි, අපි මොකක් හරි කරන්න බලමුකෝ” පැවසීය.
 ”අන්න තමුසෙට තේරුණා. දැන් තමයි නියම පීල්ලට ආවේ”යි නිලධාරියා කීය.
  ”හා හොඳයි මම මේක මෙතැනින් ‘ක්ලෝස්’ කරල ඉවරයක් කරල දානවා ලියන්නේ නෑ...... තමුන් අර සෙඞ් එකෙන් පෙට්ට‍්‍රල් ගහන මල්ලිට රුපියල් 500   ක් දීලා යනවා. ආයේ එහෙම මගේ අතට අහුවෙන්න එපා” යැයි තරයේම කියා සිටියේය.
 මේ එන්නේ අල්ලසක් ගැනීමට බව වටහාගත් ව්‍යාපාරිකයා ”අද උන්දෑට දෙන්නම් හොඳ ලණුවක්” යැයි සිතින් මුමුණමින් යතුරුපැදිය පදවාගෙන ගිය ඔහු තරුණයාට මෙසේ පැවසීය.
 ”මල්ලී! අර ඩියුටි කරන රාලහාමි මට කිව්වා මල්ලිට කියන්න කියලා රු. 500ක පෙට්ට‍්‍රල් ගහගන්න කියලා, ඩියුටි ඉවර වෙලා යන කොට දෙන්නම් කියලා.”
එවිට යාබද මාර්ගයේ රාජකාරි කළ නිලධාරියා දෙස බැලූ තරුණයාට නිලධාරියා එය අනුමත කළා මෙන් හිසින් සංඥා කළේය.  ව්‍යාපාරිකායා අල්ලස්  මුදල වූ රුපියල් පන්සීයක් තරුණයාට දෙනවා වෙනුවට පන්සියයක පෙට්ට‍්‍රල් යතුරුපැදියට ගසා ගත්තේය.
 තමාගේ නුවණේ මහිමය ගැන ආඩම්බර සිතින් ව්‍යාපාරිකයා රාලහාමි අසලට ගොස් ”රාලහාමි වැඬේ හරි මම යන්නම්” යැයි පැවැසීය.
 නිලධාරියා තරුණයා දෙස බැලූ විට ඔහුද එය අනුමත කර හිසින් සංඥා කළේය. ”හා! හා! යනවා, හැබැයි ආයෙ මේ පැත්ත පළාතෙ එන්න එපා”යි  එවරද අවවාද කළේය.
රාජකාරි නිමවී අල්ලස් මුදල ලබාගැනීමට තරුණයා හමුවූ පොලිස් නිලධාරියා ඔහු පැවැසූ වදන් හමුවේ නිරුත්තර විය.
”මොන සල්ලිද රාලහාමි, මිනිහා රාලහාමි කිව්වා කියලා රු. 500ක තෙල් ගහගත්තා”යි කියන විට තරහා සිතින් පොකැට්ටුව ඇද රු. 500 නෝට්ටුවක් පෙට්ට‍්‍රල්වලට ගෙවා ”ආයෙ මට උන්දෑ අහුවෙන් නැතැ”යි පවසමින් ගියේය.
පසුව මෙම සිද්ධිය පිළිබඳ පුවත ප‍්‍රදේශය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. එය පොලිස් නිලධාරියා රාජකාරි කළ පොලිස් ස්ථානයට ද ආරංචි විය.
එහි ස්ථානාධිපතිවරයා නීතිගරුක වූවෙකි. සිද්ධිය කනවැකුණු ඔහු ඉදිරියට කැඳවූ සිද්ධියට සම්බන්ධ නිලධාරියා තමාටත් තම සේවා ස්ථානයටත් සිදුවූ අපකීර්තිය ගැන ඔහුට තරයේ අවවාද කර පරීක්‍ෂණයක්ද පැවැත්වීය.
පසුව එම නිලධාරියා ස්ථාන මාරුවීමක් ලැබගෙන ගියේය.



අදහස් (0)

යතුරු පැදියෙන් ‘ගතමන්ට්’ එකක් ගන්න ගිය රාළහාමි කබලෙන් ළිපට වැටිලා

අරුණි Wednesday, 20 March 2013 03:14 PM

මේක එහෙම්ම තියෙනවා සන්ඩේ කියන හින්දි ෆිල්ම් එකේ. (නදී)

:       0       0

අකිල Wednesday, 20 March 2013 09:07 PM

හොරා පොලිස්ට හොද වැඩේ. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 20 March 2013 03:24 PM

මේක ඇත්තනම් කව්රු උනත් හොද වැඩක් තමයි කරලා තියෙන්නේ.(නදී)

:       0       0

සරත් Wednesday, 20 March 2013 10:13 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කැලුම් Thursday, 21 March 2013 05:48 PM

හොද පාඩමක් මේ දේ (දී)

:       0       0

විමල් Wednesday, 20 March 2013 10:26 AM

රාලාහාමි දැන්වත් වැරදි වැඩ නොකර ඉන්න (දී)

:       0       0

සකු Wednesday, 20 March 2013 10:35 AM

අනේ රාලහාමි (දී)

:       0       0

ලාල් Wednesday, 20 March 2013 10:30 AM

පිරවුම් හලටත් දඩුවම් කරන්න මොකද මේ පළමු වෙනි ක්‍රියාව නොවෙයිනේ. මේ රාලහාමි ගන්න අල්ලස් මුදල් භාර ගන්නේ ඒ පිරවුම් හලයි (දී)

:       0       0

අබ්දුල් Wednesday, 20 March 2013 10:23 PM

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ ඉතාමත් අවංක මහත්මයෙක් ඔහුගේ ධුර කාලයේ පැවැති අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන් වලදී මෙවන් කතා සෑම තැනකදීම ප්‍රකාශ කළා. (නි)

:       0       0

සම්පත් Friday, 22 March 2013 08:30 AM

මේක ඇත්තනම් කව්රු උනත් හොද වැඩක් තමයි කරලා තියෙන්නේ. (ස)

:       0       0

රාජු Wednesday, 20 March 2013 04:19 PM

අයිය්පෝ සල්ලි (දී)

:       0       0

ජයා Friday, 22 March 2013 10:32 PM

ජරාව කන ඒවායින් කියෙන් කියද හෙළිදරවු වෙන්නේ.ඕක ඉතින් අමුතු දෙයක් නොවේනේ. හැමදාම සිදුවෙන දෙයක්නේ. (ස)

:       0       0

අමිලා Wednesday, 20 March 2013 10:50 AM

නියම දඩුවම තමයි දීලා තියෙන්නේ (දී)

:       0       0

ඒකල සුනිල් Thursday, 21 March 2013 07:11 PM

යතුරු පඩියට රාලහාමි ගතමන්ට් එකක් දීලා (දී)

:       0       0

කනිෂ්ක Thursday, 21 March 2013 07:11 PM

රාලහාමි නැවත ඔය වගේ වැඩ කරන එකක් නම් නැහැ (දී)

:       0       0

ශානි Wednesday, 20 March 2013 11:02 AM

අදනම් නියම කතාවක් තියෙන්නේ (දී)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 11:07 AM

පෙට්‍රල් ගහලා පොලිසියට ගිහිල්ලා පමිනිලිත් කරලා නියමයි (දී)

:       0       0

ශාන්ත Wednesday, 20 March 2013 11:08 AM

අන්න මිනිස්සු (දී)

:       0       0

ශානි Wednesday, 20 March 2013 11:08 AM

පොලිසියට ආණ්ඩුවෙන් පැදියක් තියෙනවා නේද, ඒක මදි වෙලාද (දී)

:       0       0

ප්‍රේමරත්න Friday, 22 March 2013 09:40 AM

මොනවා වුනත් වයාපාරිකයා කපටි කමෙන් ජීවත් වෙන කෙනෙක්. එයාටත් හොද පාඩමක් උගන්වන්න ඕනේ. අලල්ස් ගන්න පොලිසියේ නිලධාරීන්ට හොදම වැඩේ. එයාලට ඔයිට වැඩිය පාඩම් උගන්වන්න ඕනේ.(නදී)

:       0       0

සුසිල් Thursday, 21 March 2013 12:53 PM

වැරදි වැඩ කරන අයට හොද පාඩමක් (දී)

:       0       0

නිශාන්ත Wednesday, 20 March 2013 11:24 AM

අන්න කරනවානම් වැඩේ (ද)

:       0       0

මුතුකුඩ Wednesday, 20 March 2013 05:27 PM

සමාජයේ සිදුවන දේ චිත්‍රපටි වල පෙන්වනවා. චිත්‍රපටි වල පෙන්වන දේ සමාජයේ සිදුවෙනවා. (නි)

:       0       0

රංග Wednesday, 20 March 2013 11:36 AM

රු 500 ගත්තාද දුන්නාද (දී)

:       0       0

නැතුමි Friday, 22 March 2013 04:10 PM

ඔහොම තමයි, ආපස්සට දෙන්න ඕන ඔය අයට.(නදී)

:       0       0

සමගි Thursday, 21 March 2013 03:20 AM

අයියෝ රාලහාමි (දී)

:       0       0

ගමගේ Wednesday, 20 March 2013 12:04 PM

වැරැද්ද පිලි ගන්නේ ඒ වෙන මොනවා කරන්නද (දී)

:       0       0

ඇසල Thursday, 21 March 2013 04:11 AM

අද කාලේ පොලිසියේ කෙනෙකුට ඔහොම කළොත් බොරුවට ගංජා මිටියක් , නැත්නම් කුඩු පැකට් එකක් දාලා බොරු නඩුවකට පටලයි , හොඳම වැඩේ නීතියට අනුව ජිවත් වෙන එක (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 March 2013 09:41 AM

අලවුවේ පොලිසියේ මහත්වරු මේ ගැන සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

විමල් Wednesday, 20 March 2013 12:10 PM

වැරදි වැඩේ වැරදිමයි, අර මනුස්සයාට දඩ ගහන්නේ නැද්ද (දී)

:       0       0

චන්දන Wednesday, 20 March 2013 12:18 PM

මාරු කලේ මොකටද, මෙවන් වැරදි කරන අනෙකුත් අයට පාඩමක් වෙන්නත් එක්ක අයින් කලානම් ඉවරයි (දී)

:       0       0

නන්දලාල් Thursday, 21 March 2013 06:16 AM

හොද වැඩේ (දී)

:       0       0

හේවාවිතරණ Friday, 22 March 2013 04:46 PM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ.(නදී)

:       0       0

හේවාවිතරණ Monday, 25 March 2013 04:14 AM

සරා ගොයියා හරි මිනිහා කියන එකට නම් රාලහාමිව ගැලපෙනවා.(නදී)

:       0       0

සමන් Wednesday, 20 March 2013 12:39 PM

මේ කතාව අහල තියෙනවා මිට අවු. 4කට කලින්. අර 'සුපර් සික්ස්' කියන බයිස්කෝප් එකෙත් ඔයවගේ සිද්ධියක් තිබුනා, හිඟන්නෙකුට අල්ලස් මුදල දෙන්න කියන.(නදී)

:       0       0

දුමී Friday, 22 March 2013 05:25 PM

පොලිසියේ අයට මෙහෙම වෙලා මදි.(නදී)

:       0       0

දුමී Friday, 22 March 2013 05:20 PM

පොලිසියේ අයට මෙහෙම වෙලා මදි.(නදී)

:       0       0

අරුණ Thursday, 21 March 2013 07:44 AM

මිනිස්සුන්ගෙන් අනවශ්‍ය ලෙස සල්ලි ගන්න එපා (දී)

:       0       0

මිහිරංග Thursday, 21 March 2013 07:51 AM

මට හරි හිනා (දී)

:       0       0

සරත් Thursday, 21 March 2013 10:36 PM

සිද්ධිය ළග ඉදලා දැක්කා නම් මම පිළිගන්නවා. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 March 2013 06:06 PM

ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ නෙමෙයි. ගහෙන් වැටුනු ගොනාට මිනිහා ඇන්න වගේ.(නදී)

:       0       0

ධම්ම Thursday, 21 March 2013 04:16 PM

මොනවා වුණත් රාලහාමි පොකැට්ටුව ඇද රු.500යේ නෝට්ටුවක් පෙට‍්‍රල් වලට ගෙව්වා කියන එක නම් පිළිගන්න අමාරුයි. (නි)

:       0       0

නිල්මිණි Wednesday, 20 March 2013 02:37 PM

වැරදි කරන අයට හොද පාඩම් (දී)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 03:53 AM

රාලහාමි හීනෙකින්වත් හිතන්න නැතිව ඇති එයාට මෙහෙම වෙයි කියලා. එයා හිතුවේ ව්‍යාපාරිකයාට පාඩමක් උගන්වන්නනනේ. රාලහාමි කටවහගෙන රාජකාරිය කළා නමි කාට කාටත් නම්බුයි.(නදී)

:       0       0

සරත් Sunday, 24 March 2013 11:50 AM

ඒක පරණ කතාවක්.(නදී)

:       0       0

සරත් Wednesday, 20 March 2013 09:47 AM

බොහෝ විට බොහෝ දෙනා කරන වැඩක් තමයි මේක (දී)

:       0       0

තිසර Wednesday, 20 March 2013 02:49 PM

ඔය කතාව ඉස්සල්ලා අහලා තියෙනවා. ඔහොම වෙලා මදි.(නදී)

:       0       0

බ්‍රයන් Sunday, 24 March 2013 12:07 PM

මේක මෑතකාලීන චිත්‍රපටියක කොටසක්නේ (ස)

:       0       0

සම්පත් Wednesday, 20 March 2013 09:46 AM

අයියෝ වෙච්ච දෙයක් (දී)

:       0       0

රංජන් Friday, 22 March 2013 08:49 PM

ෂා! නියම වැඩක් තමයි දීලා තියෙන්නේ.(නදී)

:       0       0

සමීර Thursday, 21 March 2013 09:59 AM

කරපු වැඩේ වැරදී. රාලහාමි ගාවදනින් නැමිල බේරිලා එයාටම වලකපපු එක අනුමත කරන්න බැහැ. (දී)

:       0       0

වන්නි Wednesday, 20 March 2013 09:50 AM

නම්බුව සල්ලි වලට යට කරන්න එපා (දී)

:       0       0

ගුණවර්ධන Saturday, 23 March 2013 07:43 PM

නියම කතාවක් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 491 0

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


මාසෙට ලක්ෂයක් ගන්න ගිහින් ‘කපුටකුට’ අහුවෙලා
2024 මැයි මස 03 1030 1

වැඩිහිටි දීමනාව මාසයකට ලක්ෂයක් ලබා දෙන බව පවසමින් කාන්තාවක රවටා ඇය සතු ලක්ෂ හයක් පමණ වටිනා රන්ආභරණ රැගෙන පලාගිය වංචාකරුවෙකු පිළිබඳ කතා පුවතක් අරලගන්


වදයෙන් බේරෙන්න අපූරු උපායක්
2024 මැයි මස 02 1215 1

සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී විදුහල්පතිගේ හිත සතුටු කරවන්න ඔහුගේ පුතා නාට්‍යයට සම්බන්ධ කරගත් අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අස


මිනිය මාරුවී ගුටි නොකා බේරිලා
2024 අප්‍රේල් මස 30 1119 0

කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.


පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්
2024 අප්‍රේල් මස 29 984 0

තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා
2024 අප්‍රේල් මස 27 1022 0

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 514 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1975 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site