(මාරවිල ටි්‍රක්සි කොන්ස්ටන්)
අත හා ගෙල පැළඳි රන් මාල බ්‍රේස්ලට් මුදු සමඟ මළ සිරුරක් වළ දමා ඇතැයි පැතිර ගිය ආරංචියක් හේතුවෙන් කිසියම් පිරිසක් සිමෙන්තියෙන් බැඳි සොහොන් වල කඩා මිනීපෙට්ටිය විවෘත කර බැලූ සිද්ධියක් මාරවිල තල්විල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය. මාරවිල, මහවැව, තල්විල ප්‍රදේශයේ ඉඩම්, වාහන, නිවාස විකුණන තැරැව්කරුවෙකු (බ්‍රෝකර්වරයකු) ඉකුත් 03දා මියගොස් තිබිණි. ශරීරයෙන්ද උස මහත පුද්ගලයකු වූ ඔහු ජීවත්ව සිටියදී නිතර පළඳින අත් පළඳනාවක්, මුදු කීපයක්, පවුම් 78ක පමණ කර මාලයක් ඇතුළු ස්වර්ණාභරණද පැළඳීමට පුරුදුව සිටියේය. ඔහු අසනීප තත්ත්වයෙන් මියගිය පසු පවුලේ පිරිස් උත්සවාකාරයෙන් අවමංගල්‍ය කටයුතු සිදුකළ අතර සිරුර නිවසේ තබා තිබියදී පෙර කී ස්වර්ණාභරණද දේහයට පළඳවා තිබිණි. අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය 05 වනිදා පස්වරුවේ මාරවිල තල්විල කතෝලික සුසාන භූමියේදීය. ඒ සඳහා සියලු ගෞරව කටයුතු සිදු කෙරනු අතර අලුතින් සාදන ලද කොන්ක්‍රීට් වලක මිනී පෙට්ටිය බහාලීය. කිසියම් පිරිසක් 06 වන දා රාත්‍රී කොන්ක්‍රීට් තට්ටුව කඩා බිඳ දමා මළ සිරුර බහා තිබූ පෙට්ටිය විවෘත කොට පරීක්‍ෂාකර බලා තිබිණි. සිද්ධිය පිළිබඳව පසුව (07 සෙනසුරාදා) ජනතාවට ආරංචිවූ අතර දේවස්ථානයේ පියතුමා හා ප්‍රදේශවාසීන් පැමිණ මිනී පෙට්ටිය යළි වසා කොන්ක්‍රීට් ලෑල්ලද වසා දැමීමට කටයුතු කළේය. මළ සිරුරට පළඳා තිබූ ස්වර්ණාභරණ සමඟ සිරුර භූමදානය සිදු කළ බවට ආරංචියක් පැතිර ගොස් තිබුණද. ඒවා ඉවත්කර සිරුර මිහිදන් කිරීමට පවුලේ ඥාතිහූ කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුම් 78ක පමණ කර මාලයක්.. ආසන්න වශයෙන් ග්‍රෑම් 624ක්... කොහොම මේක බෙල්ලේ දාගෙන හිටියද දන්නේ නෑ.
ඇත්තටම වෙන්න ඇත්තේ ඒ ගෙදර කෙනෙක් අන්තිම මොහොතේ ඒ මාලයේ වටිනාකමට චෙක්පතක් ලියා පෙට්ටිය දමා මාලය අරගන්න ඇති...