IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මියගිය සැමියාගේ දේහය ඉල්ලා කාන්තාවෝ දෙන්නෙක් ඇවිත්

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මියගොස් සිටි අසුඑක් වැනි වියේ පසු වූ අයෙකුගේ දේහය ඉල්ලා බිරියන් දෙදෙනකු හිමිකම් පෑම නිසා දේහය ලබාදීමට සුදුසු බිරිය තෝරා බේරා ගැනීම පිණිස අධිකරණ නියෝගයක් ලබාගැනීමට සිදුවූ බව හලාවත පොලිසිය කියයි.

හලාවත මයික්කුලම අසරප්පාවත්තේ විසූ නොමදියාපිල්ලේ අබ්දුල් රසාක් නමැති (81) වියේ පසුවන අයගේ සිරුර මහමග තිබිය දී පසුගිය සිකුරාදා (1) සොයාගෙන තිබූ බවත් පසුව ඔහුගේ දුවගේ ස්වාමි පුරුෂයා මේ බව පොලිසියට දන්වා මෘත ශරීරය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

මෙම මෘත ශරීරය වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත් වී මිය ගොස් ඇත්තේ තම ස්වාමිපුරුෂයා බවත් සිරුර තමන් වෙත බාර දෙන ලෙසත් ඉල්ලා කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුව පොලිසිය බී වාර්තාවක් මගින් හලාවත අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කර සිරුර බාරදිය යුතු අය හඳුනා ගැනීමට අවසර ඉල්ලා ඇත. ඒ අනුව හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. චමින්ද ප්‍රදීප් රුද්‍රිගු මහතා සිරුරේ හිමිකාරිත්වය නීත්‍යනුකුල භාර්යාවට බැවින් ඒ අනුව ඇයට සිරුර ලබාදෙන ලෙසත් අවසන් කටයුතු සඳහා සිරුර නගරයේ අවමංගල්‍යාගාරයක තැන්පත් කර සමාදානයෙන් සිරුර මිහිදන් කිරීමට නියෝග කර ඇති බවත් පොලිසිය කියයි.

ඒ අනුව මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු අධිකරණ නියෝගය අනුව සිරුරේ අයිතිය පිළිබඳ පරීක්ෂණය කරනු ලැබීය. ඒ අනුව මෘත ශරීරයට හිමිකම් පෑ බිරියන් දෙදෙනාට පෙර මෙම පුද්ගලයා පුලිච්චාකුලම ප්‍රදේශයේ කාන්තාවක විවාහකර ගෙන සිට ඇති අතර ඇය මෘත ශරීරයට කිසිදු හිමිකමක් නොපෑ බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසියේ කොස්තාපල් බී.එම්.ඒ. විජේබණ්ඩාර මහතා හලාවත පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීය.



අදහස් (1)

මියගිය සැමියාගේ දේහය ඉල්ලා කාන්තාවෝ දෙන්නෙක් ඇවිත්

terrance Tuesday, 05 December 2017 09:23 PM

එතකොට මෙම පුද්ගලයා කාන්තාවන් තුන්දෙනෙක් සමහ විවාහ වෙලා ඉදලා තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site