(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)
මියගිය පුද්ගලයකුගේ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේ සිට රැුගෙන ඒමට සිදුව තිබූ බැවින් අවමංගල රථයක් ඒ සඳහා පිටත් කරන ලදී.
රියෙහි සහායකයාද හදිසි අවශ්‍යතාවක් නිසා නොපැමිණි බැවින් රථයේ රියැදුරාට පමණක් ඒ ගමන යාමට සිදුවිය.
සිරුර රෝහලෙන් රැගෙන එනවිට හොඳටම ? බෝවී තිබිණි. අවාසනාවකට මෙම කැලය මැදදී විශාල හඬක් නන්වා එහි රෝදයක හුළං ගියේය. රියැදුරා වාහනය මාර්ගය අයිනට කර නැවැත්විය.
ඝණ කැලෑව හේතුවෙන් අන්ධකාරය දෙගුණ තෙගුණ වී තිබිණි.
රියදුරා බිමට බැස්සේ මේ මොහොතේ කාගේ හෝ පිළිසරණක් අපේක්ෂාවෙනි. ඔහු මාර්ගයේ යන එන වාහන ගැන සැලකිලිමත් වූවත් වාහනයක ශබ්දයක් ඇසෙන පේන තෙක් මානයක නැත. හදිසියේම කුඩා වෑන් රථයක් එනු දුටු රියැදුරා මාර්ගයට පැන එය නවතා ගත්තේය. වාහනයට සිදුව ඇති ආබාධය පැවසූ රියදුරා පිටුපස තිබූ අමතර රෝදය ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකතනයේ එළියෙන් දොර හැරියේය.
දොර ඇරෙන විට එහි තිබූ මළමිනිය දුටු සැනින් කලබලයටපත් වාහනයේ පැමිණි දෙදෙනා වහවහා තම වාහනයට නැග පලා ගියේ භීතියෙනි. තමා තවත් අසරණ වූ බවත් රියැදුරාට දැනුණි.
රියෙහි සීට් එක යට සඟවා තිබූ අරක්කු බෝතලය සිහියට නැගිණි. එය කඩා කටට වත්කර ගත් රියැදුරා හිතට හයියක් ගත්තේය.
තම ජංගම දුරකතන එළියෙන් එහි හුළං ගිය රෝදය පිරික්සන්නට විය. පුදුමයකි වාහනයේ රෝද හතරම නිරුපද්‍රිතව තිබිණි. සිදුවුයේ කුමක් දැයි ඔහුටත් විමතියකි.
වහවහා රිය පණ ගන්වා පැමිණි ඔහු ආපසු බැලූවේ මල්ශාලාවේදීය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මිනිය ගෙනෙද්දී රියෙන් නැගුණු ශබ්දයෙන් රියැදුරුට එලොව පොල් පෙනිලා
Ugitha Wednesday, 23 August 2017 11:25 AM
හුලන් ගියා කියනවා ආයේ තියෙනව කියනවා, බොරු කතා
මංගල Thursday, 24 August 2017 03:20 AM
ඝණ කැලයක් මැද කියලනේ කියන්නේ. අනිවාර්යයෙන්ම සත්තුන්ට බැදපු තුවක්කුවක් පත්තු වෙන්න ඇති ලගපාතින්. හොද වෙලාවට නුල් බදින්න වුනේ නැත්තේ.