බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මුනුබුරා රාත‍්‍රි මළගෙදරක යාම සඳහා තම මවට හොරෙන් අරක්කු කාලක් ගෙනවිත් ඇති අතර කාල සැඟවීමට තැනක් කල්පනා කිරීමේදී සීයාගේ බෙහෙත් ළඟින් සැඟවීමට තීරණය කර ඇත.
පසුව සීයාගේ ඇඳ ළඟින් අරක්කු කාල තබා මළගෙදර යාමට සැරසී කලබලයෙන් අරක්කු කාල සොයද්දී හමුවී ඇත්තේ සීයාගේ අරිෂ්ට බෙහෙත් කාලයි. අරක්කු කාල යැයි සිතා මුනුබුරා බෙහෙත් කාල ඉණේ ගසාගෙන මළගෙදර යාමට පිටත්ව ඇත.
පසුව හැන්දෑවේ ඔහුගේ මව සීයාට බෙහෙත් ලබාදීමේදී අරක්කු කාලෙන් හැඳි දෙකක් සීයාට පොවා ඇත.
අරක්කු බීමට රුසියකු වූ සීයා තම දියණිය ගිය පසු අමාරුවෙන් අරක්කු කාල ගෙන පානය කළේ දෙවියන්ට ස්තුති කරමිනි. පසුව සූර් වූ සීයා සින්දු කියමින් කෑ ගැසීමට පටන්ගත් අතර සීයාගේ බෑණා පැමිණි පසු ඔහුට අරක්කු දුන්නේ කව්දැයි අසා ඇත. එවිට ඔහුගේ බිරිය පවසා ඇත්තේ වෙද මහතා විසින් ලබාදුන් බවය.
මොහොතින් ගෙට පැමිණි මුනුබුරා අරිෂ්ඨකාල බී වැඬේ වැරදුන බව තේරුම් ගෙන සීයාගේ ඇඳ යට අරක්කු කාල සොයද්දී ගෙදර අයට කාරණය වැටහී ඇත
2025 ඔක්තෝබර් මස 08
1322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුනුබුරා ගෙනා අරක්කු කාල අරිෂ්ට යැයි සිතා සීයා බීලා
දුල්මි Friday, 06 November 2015 10:22 AM
පමණට වැඩිය අරිෂ්ඨ පාවිච්චිය නිසා අක්මාවේ සිරෝසිස් සැදි අපේ ගමේ කාන්තාවක් නැති වුණා. මට නම් මෙය මුලින් දැනගත්තාම විශ්වාස කරන්නත් බැරි වුනා. (ම)
රාධා Saturday, 07 November 2015 12:47 AM
දුල්මි,පමණට වැඩිය මොන දේ වුණත් පාවිච්චිය අගුණයි. ලද පමණින් සතුටට පත්වන්න. (නි)
පිටබැද්දර ජයන්ත Friday, 06 November 2015 12:16 PM
හොඳ වෙලාවට කාලක් තිබුණේ (නි)
ජයරත්න Friday, 06 November 2015 06:09 AM
සීයයි මුනුබුරයි එක වල්ලෙ පොල්.(රේ)
ගීතා Saturday, 07 November 2015 06:23 AM
බොනකොට තේරෙන්නේ නැද්ද.? සීයා බබා පාර්ට් එකේ පොතක් පෙරලලා වගේ. (ර)
ජයරත්න Friday, 06 November 2015 06:21 AM
වයසක මනුස්සය ඔච්චරම කෑමති නම් ඉදහිට අරක්කු ටිකක් දුන්නට කමක් නෑ. හෑමදාම ජීවත් වන්නේ නෑනේ. (ම)
සන්ධුන් Friday, 06 November 2015 06:20 AM
සීයට ගොඩක් සතුටු හිතෙන්න ඇති. මොකෝ බාර් එකකට ගිහිල්ල ගන්නත් බැහැනේ (ම)
ජූඩ් Friday, 06 November 2015 08:40 AM
රහ කර කර බොන්න ඇති. පවු (බ)
සම්සුදීන් Friday, 06 November 2015 08:48 AM
යක්කුන්ට කුක්කු පොවලා කොක්කු පෙන්නන්න ඒපා (ම)
සුනිල් Monday, 09 November 2015 02:02 AM
අරිෂ්ට කියන්නෙත් මධ්‍යසාර නොවුණාට ඒ හා සමාන දෙයක්. කසාය වුණත් වැඩිය බොන්න හොඳ නැහැ (නි)