මුදලාලි දැන් එනු ඇතැයි කියමින් රක්ෂණ නියෝජිතයකු පැය හයකටත් වැඩි කාලයක් තිස්සේ රස්තියාදු කරවමින් සේවකයකු ලෙස පෙනී සිටි මුදලාලි කෙනකු පිළිබඳව මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
කලක් තිස්සේ දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයින් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ කටයුතු සාධාරණය. හොර බොරු නැත. අසල්වාසීන්ට ඔහුගෙන් සිදුවන්නේ මහත් සෙතකි. මුදලාලි වුවත් උඩුකය නිරුවත්ව කොට කලිසමකින් පමණක් සැරසී සිටීම ඔහුගේ පිළිවෙතය. ඒ තරමටම නිහතමානීය.
ව්‍යාපාරය ආරම්භ කළ අවදියේදීම ආ රක්ෂණ නියෝජිතයකුගේ උපදෙස් අනුව ව්‍යාපාරය රක්ෂණය කළේය. මෑතක දී සිදුවූ සොරකමක් නිසා මහත් පාඩුවක් වුවත් ඒ නියෝජිතයා ඔහු ගැන බැලීම මග හැරීමෙන් ඔහු අසරණ වූයේය. එදා සිට මේ ව්‍යාපාරිකයාට රක්ෂණ නියෝජිතයන් ගැන ඇත්තේ පිළිකුලකි.
දින කිහිපයකට ඉහතදී රක්ෂණ ආයතනක නියෝජිතයකු ඔහු හමුවට ආයේය. සේවය ලබා ගැනීමේ වටිනාකම ගැන කියා දුන්නේය. පළමු රක්ෂණ නියෝජිතයාගේ වැඩපිළිවෙල ගැන කලකිරී සිටි ව්‍යාපාරිකයා අනේ මහත්තයා මුදලාලි ගමනක් ගියා එයා බලාගෙන හිටියේ මහත්තයෙක් එයි කියලමයි. ආවාම විස්තර කියන්න. මම ඕව ගැන දන්නෙ නැහැ. ඔහු නියෝජිතයාට කීවේය.
මේ වදනින් ප‍්‍රබෝධමත් වූ නියෝජිතයා කොට කලිසමින් පමණක් සැරසී සිටි ගෝලයා දුන් තේ කෝප්පය ද පානය කරමින් බලා සිටියේ මුදලාලි එනතුරුය. පැය එක දෙක වී හයකටත් ආසන්නය. මුදලාලි තවමත් නැත. ඉර බැහැගෙන යයි. ”මහත්තයා මුදලාලි තවමත් නැහැනේ. මම දැන් කඬේ වහලා යනවා” කී මුදලාලි නිවසට ගියේ පැරණි අමනාපයට නියෝජිතයා පැය හයක් තිස්සේ රස්තියාදු කරවීමෙන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ. රක්ෂණ නියෝජිතයො වැඩිමනක් හොරු. (නි)
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. රක්ෂණ මහත්වරුන්‍ට හොඳ පාඩමක් (ස)
අමිලට නංගිලා එහෙම නැද්ද? (නි)
දන්නේ නැති නිසා අහන්නේ . මීරිගම කොහෙද තියෙන්නේ ?(ස)
හිත හොද මුදලාලිගේ කඩෙත් හොරු කඩලා නේද ? (ස)
මටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා ඔහු කළදේට මමත් එකගයි..!(නු)
මේවා කාටත් හොද පාඩම්. (දී)
මගේ නම් රක්ෂණය හොදට ගෙවුවා. එයාලා දැන් හරියට මගේ පවුලේ අය වගෙයි. (නි)
රක්ෂණ කරුවන් සත පහකට විශ්වාස කරන්න එපා (ස)
අමිල ඕවා ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා (ස)
නියම කතාවක් (දී)
අර කියුවා වගේ රස්සාවනේ (දී)
මුදලාලි දකුණේ හිටපු කෙනෙක් වෙන්න ඇති (ස)
රක්ෂණ නියෝජිතයන්ට හොඳ පාඩම. මුදලාලි ඔබ හරි (ස)
අමිලගේ පවුලත් රක්ෂණ නියෝජිතයෙකුට රැවටිලා වගෙයි. (නි)
මටත් අත්දැකීම් තියෙනවා. හදිස්සියකට වන්දියක් ගන්න ගියහම මුලින් තිබුණ සැළකිළි නැහැ. (නි)
ලංකාවේ කොහේ නමුත් මේ කර දෙය මමද අනුමත කරමි (ස)
මුදලාලි කළ දේ බොහොම අගෙයි. (නි)
රක්ෂණ කරුට මුදලාලි කරපු දේ හරියට හරි (ස)
හොද වැඩේ. (නි)
රක්ෂණ නම් මතක් කරන්න එපා (ස)
රක්ෂණයට මේ මෑතකදි හොද නිර්වචනයක් මම දෑක්කා. " හානියක් වු විට එය හෑර අන් සියල්ලක්ම ඔබේ රක්ෂණයෙන් ආවරණය වී ඇත" යන්නයි. අපේ රටේ රක්ෂණ ආයතනයක් වසර පහක් නොකඩවා ගෙවමින් සිටි මටත් ඔහොම වෑඩක් කළා. එදා සිට මමත් කරන්නේ ඔය මුදලාලි කරපු දේම තමයි නමුත් ටිකක් වෙනස් විදියකට. (නි)
අමිල කටුනායක ගේ පවුලේ කෙනෙක් වෙන්න ඇති ඉන්ෂුරන්ස් එකේ ඉන්නවා ඇත්තේ නැතිනම් ඉන්ෂුරන්ස් එකේ හිටපු ගර්ල් කෙනෙක්ව පවුලේ කෙනෙක් කර ගන්න ඇති (ස)
මීරිගම තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ . ඒ පැත්තේ හොඳ මොල කාරයෝ ඉන්නවා (ස)
රස්සාවනේ මොනවා කරන්න ද (දී)
පව් අසරණයා (දී)
මීරිගම තියෙන්නේ ගම්පහ (ස)
මේවා කාටත් හොද පාඩම්. (දී)
වගකීමක් නැති ආයතන ගැන හොයල බලන්න ඕනේ (දී)
කමක් නැහැ වෙන වැඩකුත් නැතිව ඇති ඒ මනුස්සයට (දී)
ඇති ඔය විදිහට බේරුනා. (දී)