IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිතුරියට දෙන්න ගෙනා බත් මුල තොප්පි පාර්සලයක් වෙලා

තම කාර්යාලයේ යෙහෙළියගේ දොලදුක සංසිඳවීමට ගමෙන් ගෙනා කජු හා පොලොස් සහිත බත්මුල තොප්පි මුලක් වීමේ අරුම පුදුම සිදුවීමක් පසුගියදා අනාවරණය විය. කොළඹ ප‍්‍රධාන කාර්යාලයක ලිපිකාරිණියක් ලෙස සේවය කළ ඇය කුරුණෑගල සිට දිනපතා කොළඹ දක්වා ගියේ හිමිදිරි පාන්දර 5.20 දුම්රියෙනි.

කොළඹ කාර්යාලයට පැමිණි දින සිටම කාර්යාලයේ මිතුර මිතුරියන්ගේ සිත් දිනාසිටි ඇය විසින් ගෙනෙන ලද පළතුරු, පොලොස් ඇඹුල්, කෙසෙල්මුව, කොස් වැනි දේ ආහාරවේලේදී දිනපතා ඔවුහු ප‍්‍රිය කළහ. ඒ අතරතුර ඇයගේ යෙහෙළියක දොළදුකකින් පෙලූණාය. ගමේ පොලොස් කජු සහිත බත්මුලක් කෑමට උපන් ආශාව ඇය කුරුණෑගල මිතුරියට හෙළිකළාය. එදින සඳුදා දිනයක්වූ නිසාම මගීන් අතර තෙරපෙමින් දුම්රියට ගොඩවූ කුරුණෑගල මිතුරිය ඉතා අමාරුවෙන් අසුනක් ලබාගත්තාය.

දිනපතා පාන්දර අවදිවන නිසාම දුම්රියට ගොඩවූ ඇය පැයක් පමණ දෙනෙත් පියාගෙන අසුනේ විවේකයෙන් ගමන් කළාය. තමා අසළ හිටගෙන සිටි මගීන්ගේ ගමන්මලූ කීපයක්ද ඇය තම ඔඩොක්කුවේ තබාගත්තාය. පැය දෙකකට ආසන්න කාලයකදී ඇය කොළඹ කොටුවට පැමිණි දුම්රියෙන් බැසගත්තේ නොසන්සුන්වූ මගීන් අතර තෙරපෙමිණි. දෙදෙනකුට නොව පස්දෙනෙකුට පමණ ඇතිවන්නට පාන්දරම උයාගත් බත්මුල අමතක නොකර ඇය අතට ගත්තාය. දිනපතා කොටුව දුම්රියපොළෙන් බැසගත් ඇය ලහිලහියේ දිවගියේ කොටුවට නොදුරින්ම පිහිටා ඇති තම කාර්යාලය වෙතය.

කාර්යාලයට ගොඩවනවාත් සමග ඇය වටකරගත් මිතුරියෝ ඈ අත තිබූ පාර්සලය රැගෙන දිවගියේ ගෙන එන බත්මුල පිළිබඳ කලින් දින දැනගෙන සිටි නිසාමය. ”රස නම් නැතුව ඇති ළහි ළහියෙමයි ඉව්වේ...” බත් පාර්සලය දෙන ගමන් ඇය කීවාය. දිනපතා උදේ ආහාර ගැනීමද කාර්යාලයේ කොටසකදී සිදුවූ නිසාම ඇයද එයට එකතුවූවාය.

ඇය යනවිටත් යෙහෙළියන් බත්මුල ලෙහමින් සිටියේ දොළදුක තිබූ මිතුරියත් සමගමය. ආප්පද.... කාර්යාලයේ මිතුරෙක් බත්මුල දෙසට එබී බලමින් කීවේය. පාර්සලය දිගහැරිණි. එය දැකීමෙන් කුරුණෑගල මිතුරියගේ මුහුණ අඳුරුවිය. ගමෙන් ගෙනා බත්මුල වෙනුවට එහි තිබුණේ තොප්පි පාර්සලයකි. ඇයට සියල්ල වැටහීයන විට සියල්ල සිදුවී හමාරය. දුම්රියේදී තමා හිටගෙන ගමන් කළ මගීන් කීපදෙනකුගේ බෑග් තමා ඔඩොක්කුවේ තබා ගත් බව ඈට හොඳටම මතකය.

ඒ අතර කලූපාට ටියුලිප් බෑගයක්ද තිබූ බව ඈට සිහිවිය. තමාට අම්මා විසින් බත් ඔතා දෙනු ලැබුවේද එවැනිම කළු ටියුලිප් බෑගයක බව ඈට මතකය. බෑග් දෙක මාරුවී ඇති බව ඈ වටහාගත්තාය.



අදහස් (0)

මිතුරියට දෙන්න ගෙනා බත් මුල තොප්පි පාර්සලයක් වෙලා

දුමින්ද Friday, 18 September 2015 08:11 AM

මාරුව නිසා තොප්පියක් නොවැටුණ නිසා හොඳට ගියා (ම)

:       0       0

පූජිත Friday, 18 September 2015 12:34 PM

මේ කට්ටිය උදේට බත් කාලා ඔෆිස් එකේ වැඩ කරන කොට නිදිමත එන්නේ නැද්ද දන්නේ නැහැ (අ)

:       0       0

චන්දි Friday, 18 September 2015 12:59 PM

දොලදුක තියෙන කෙනෙකුට ගෙනා බත් එක කන්න කි දෙනෙක් ද..? එහෙම කරන්න හොඳද මං අහන්නේ...? (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 September 2015 01:57 PM

ඔයිට හොඳයි අපේ රුපවති නගාට කිවනම් , සුපිරි එකට කජු මාළුවක් හදල පොලොස් අැම්බුල්කුත් එක්ක අර බඩ දරු අම්මගේ දොලදුක නිවනවා සිකුරුයි දෙකක් නැහැ (බ)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 18 September 2015 09:15 AM

අනේ පවු අනිත් අයට උදවූ කරන්න ගිහින් තමයි ඇයට මේ දේ වුනේ. යහපත් ගුණ ඇති හොඳ මිතුරියක්. (බ)

:       0       0

චන්දි Friday, 18 September 2015 05:22 PM

සහතික ඇත්ත ජයා. (නි)

:       0       0

තාරුක Friday, 18 September 2015 05:37 PM

පවු අර ගර්භනී අම්මා! (නි)

:       0       0

රූපවතී Friday, 18 September 2015 06:08 PM

අනේ! කටට කෙළඋනන කතා කියන්න එපා පිටබැද්දර ජයා. අපේ අප්පච්චියි අම්මයි ඉන්න කාලේ හදාපු කජු ගස්වල හැම කජුවාරෙකම කජු පිරිලා.ඒත් මට කන්න ණය නැහැ. (නි)

:       0       0

පාලින්ද Friday, 18 September 2015 07:32 PM

බඩදරු අම්මෙකුට කන්න ගෙනාපු බත් එකට බැල්ම හෙලූ කල්ලියට නම් හොඳම වැඩේ කියලා තමයි මම නම් කියන්නේ. හිත හොඳ වුණා කියලා දුරක ඉඳලා එන කෙනෙකුගෙන් ඔහොමත් කඩා වඩා ගන්න සිරිතක් තියනවාද..? ඕවාට තමයි කියන්නේ "අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණා"කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site