තම කාර්යාලයේ යෙහෙළියගේ දොලදුක සංසිඳවීමට ගමෙන් ගෙනා කජු හා පොලොස් සහිත බත්මුල තොප්පි මුලක් වීමේ අරුම පුදුම සිදුවීමක් පසුගියදා අනාවරණය විය. කොළඹ ප‍්‍රධාන කාර්යාලයක ලිපිකාරිණියක් ලෙස සේවය කළ ඇය කුරුණෑගල සිට දිනපතා කොළඹ දක්වා ගියේ හිමිදිරි පාන්දර 5.20 දුම්රියෙනි.
කොළඹ කාර්යාලයට පැමිණි දින සිටම කාර්යාලයේ මිතුර මිතුරියන්ගේ සිත් දිනාසිටි ඇය විසින් ගෙනෙන ලද පළතුරු, පොලොස් ඇඹුල්, කෙසෙල්මුව, කොස් වැනි දේ ආහාරවේලේදී දිනපතා ඔවුහු ප‍්‍රිය කළහ. ඒ අතරතුර ඇයගේ යෙහෙළියක දොළදුකකින් පෙලූණාය. ගමේ පොලොස් කජු සහිත බත්මුලක් කෑමට උපන් ආශාව ඇය කුරුණෑගල මිතුරියට හෙළිකළාය. එදින සඳුදා දිනයක්වූ නිසාම මගීන් අතර තෙරපෙමින් දුම්රියට ගොඩවූ කුරුණෑගල මිතුරිය ඉතා අමාරුවෙන් අසුනක් ලබාගත්තාය.
දිනපතා පාන්දර අවදිවන නිසාම දුම්රියට ගොඩවූ ඇය පැයක් පමණ දෙනෙත් පියාගෙන අසුනේ විවේකයෙන් ගමන් කළාය. තමා අසළ හිටගෙන සිටි මගීන්ගේ ගමන්මලූ කීපයක්ද ඇය තම ඔඩොක්කුවේ තබාගත්තාය. පැය දෙකකට ආසන්න කාලයකදී ඇය කොළඹ කොටුවට පැමිණි දුම්රියෙන් බැසගත්තේ නොසන්සුන්වූ මගීන් අතර තෙරපෙමිණි. දෙදෙනකුට නොව පස්දෙනෙකුට පමණ ඇතිවන්නට පාන්දරම උයාගත් බත්මුල අමතක නොකර ඇය අතට ගත්තාය. දිනපතා කොටුව දුම්රියපොළෙන් බැසගත් ඇය ලහිලහියේ දිවගියේ කොටුවට නොදුරින්ම පිහිටා ඇති තම කාර්යාලය වෙතය.
කාර්යාලයට ගොඩවනවාත් සමග ඇය වටකරගත් මිතුරියෝ ඈ අත තිබූ පාර්සලය රැගෙන දිවගියේ ගෙන එන බත්මුල පිළිබඳ කලින් දින දැනගෙන සිටි නිසාමය. ”රස නම් නැතුව ඇති ළහි ළහියෙමයි ඉව්වේ...” බත් පාර්සලය දෙන ගමන් ඇය කීවාය. දිනපතා උදේ ආහාර ගැනීමද කාර්යාලයේ කොටසකදී සිදුවූ නිසාම ඇයද එයට එකතුවූවාය.
ඇය යනවිටත් යෙහෙළියන් බත්මුල ලෙහමින් සිටියේ දොළදුක තිබූ මිතුරියත් සමගමය. ආප්පද.... කාර්යාලයේ මිතුරෙක් බත්මුල දෙසට එබී බලමින් කීවේය. පාර්සලය දිගහැරිණි. එය දැකීමෙන් කුරුණෑගල මිතුරියගේ මුහුණ අඳුරුවිය. ගමෙන් ගෙනා බත්මුල වෙනුවට එහි තිබුණේ තොප්පි පාර්සලයකි. ඇයට සියල්ල වැටහීයන විට සියල්ල සිදුවී හමාරය. දුම්රියේදී තමා හිටගෙන ගමන් කළ මගීන් කීපදෙනකුගේ බෑග් තමා ඔඩොක්කුවේ තබා ගත් බව ඈට හොඳටම මතකය.
ඒ අතර කලූපාට ටියුලිප් බෑගයක්ද තිබූ බව ඈට සිහිවිය. තමාට අම්මා විසින් බත් ඔතා දෙනු ලැබුවේද එවැනිම කළු ටියුලිප් බෑගයක බව ඈට මතකය. බෑග් දෙක මාරුවී ඇති බව ඈ වටහාගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරුව නිසා තොප්පියක් නොවැටුණ නිසා හොඳට ගියා (ම)
මේ කට්ටිය උදේට බත් කාලා ඔෆිස් එකේ වැඩ කරන කොට නිදිමත එන්නේ නැද්ද දන්නේ නැහැ (අ)
දොලදුක තියෙන කෙනෙකුට ගෙනා බත් එක කන්න කි දෙනෙක් ද..? එහෙම කරන්න හොඳද මං අහන්නේ...? (බ)
ඔයිට හොඳයි අපේ රුපවති නගාට කිවනම් , සුපිරි එකට කජු මාළුවක් හදල පොලොස් අැම්බුල්කුත් එක්ක අර බඩ දරු අම්මගේ දොලදුක නිවනවා සිකුරුයි දෙකක් නැහැ (බ)
අනේ පවු අනිත් අයට උදවූ කරන්න ගිහින් තමයි ඇයට මේ දේ වුනේ. යහපත් ගුණ ඇති හොඳ මිතුරියක්. (බ)
සහතික ඇත්ත ජයා. (නි)
පවු අර ගර්භනී අම්මා! (නි)
අනේ! කටට කෙළඋනන කතා කියන්න එපා පිටබැද්දර ජයා. අපේ අප්පච්චියි අම්මයි ඉන්න කාලේ හදාපු කජු ගස්වල හැම කජුවාරෙකම කජු පිරිලා.ඒත් මට කන්න ණය නැහැ. (නි)
බඩදරු අම්මෙකුට කන්න ගෙනාපු බත් එකට බැල්ම හෙලූ කල්ලියට නම් හොඳම වැඩේ කියලා තමයි මම නම් කියන්නේ. හිත හොඳ වුණා කියලා දුරක ඉඳලා එන කෙනෙකුගෙන් ඔහොමත් කඩා වඩා ගන්න සිරිතක් තියනවාද..? ඕවාට තමයි කියන්නේ "අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණා"කියලා. (නි)