දඹුල්ල ප‍්‍රදේශයේ සංචාර හෝටලයක එකට සේවය කරන ගජමිතුරන් දෙදෙනෙකි. තම නිවෙසේ දිනක් ගත කිරීම සඳහා පැමිණෙන්නැයි මිතුරාගෙන් ලද ඇරියුමක් පිළිගත් අනෙක් මිතුරා සිය හොඳම මිතුරාගේ නිවස බලා යාමට පිටත් වූයේ නිවසේ රැය පහන් කර පසු දින දෙදෙනාම එකටම සේවයට යාමට ද කතිකා කරගෙනය.
ගමන බසයෙනි. දුර කිලෝමීටර තිහ හතළිහකි. මිතුරාගේ ගම් පළාතට බසය ළංවෙද්දී තරමක් රෑ බෝ වෙමින් තිබිණ. මිතුරා කියූ පරිදි අදාළ ස්ථානයෙන් බැස ගත් මිතුරා නිවෙස හිමි මිතුරාට දුරකතන ඇමතුමක් දී කියූ පරිදි නිසි තැනින් තමන් බසයෙන් බැසගත් බව පවසා තිබේ.
එවිට දුරකතනයට පිළිතුරු දුන් මිතුරා පවසා ඇත්තේ බසය ගමන් කරන දිසාවටම ටික දුරක් පයින් ඇවිද එන ලෙසය
මෙය තමන්ට නුපුරුදු පළාතක් නිසාත් අවට පෙනෙන නොපෙනන තරමට අඳුර ද පැතිර රෑබෝ වෙමින් තිබූ නිසාත් තම මිතුරාගේ කීම අනුව මිතුරා අසල සිටිනු ඇතැයි අනුමාන කර බසයෙන් බැසගත් මිතුරා ප‍්‍රධාන මාර්ගයේ ටික දුරක් ඉදිරියට ගමන් කර ඇත.
සිදුවූයේ නොසිතූ දෙයකි. පාරේ රැස්ව සිටි කොලූ රංචුවක් ඔහු නවතාගෙන ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ පොලිසියටත් ඉහළිනි. තඩිබාන්න ද ඔන්න මෙන්නය.
ප‍්‍රශ්න කිරීම්වලින් සෑහීමකට පත්විය නොහැකි බව පැවසු කොලූරංචුව මෙන්න සර් හොරෙක් යැයි පවසා අසල වූ පොලිස් මුරකුටියකට ඔහු භාර දී තිබේ.
මේ අල්ලපනල්ලේ පොලිසියට තමා යන ගමන හා කාරණය තේරුම්කර දී යළි මිතුරාට ඇමතුමක් ගෙන ඇත්තේ තමා පත්ව ඇති අකරතැබ්බය මිතුරාට දැනුම් දීමට සිතාගෙනය. එහෙත් ඔහු පුදුම කරමින් මිතුරාගේ දුරකතනය විසන්ධි වී ඇත.
මිතුරාගේ නිවෙස පිහිටි ස්ථානය සොයා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරුවද එකක්වත් සාර්ථක වූයේ නැත. දැන් පොලිසියට ද සැකයකි.
සිය අනන්‍යතාව හා සත්‍ය කතාව හෙළිකළ ඔහු පොලිස් නිලධාරීන්ගේ ද සහය ඇතිව මිතුරාගේ නිවෙස සොයා ගැනීමට ගත් උත්සාහය පැය ගණනකි.
නිවෙසට එන්නැයි ආරාධනා කළ මිතුරාගේ දුරකථනයට පොලිස් නිලධාරීන් ද ඇමැතීමට පටන් ගත්තේය. එහෙත් එය විසන්ධි වූ තත්ත්වයේමය. ආපසු යාමට බස් ද නැත. දැන් රෑ බෝවී හමාරය. ඊට කිලෝමීටර 20 කට පමණ එපිටින් තම පවුලේ ඥාතියකු සිටින බව ඔහුට සිහියට නැඟිණි. ඒ බව පොලිසියට දැනුම් දුන් ඔහු ඥාතියාගේ නිවෙසට ඇමතුමක් ගෙන තමන්ට සිදුවූ අකරතැබ්බය ගැන පැවසීය.
වේලාව රාත‍්‍රී දහයටත් ඉතා ආසන්නය. තරමක් වේගයෙන් පැමිණි කළු පැහැති ත‍්‍රීවීලරයක් පොලිස් මුරපොළ අසල නැවතීය. ඉන් බැස එන තම ඥාතියාගේ මුහුණ දුටු ඔහුගේ සිත සතුටින් පිනා ගියේය. පැමිණි ඥාතියා සිය අනන්‍යතාව පොලිසියට තහවුරු කර සිය පවුලේ සාමාජිකයා ද කැටුව යාමට ත‍්‍රීවීලරයට ගොඩ වූයේ පොලිස් නිලධාරින්ට ද ස්තුති කරමිනි. මල්ලි ඉස්කෝලේ යන කාලේ වළහ ගේ කතාව කියවලා තියෙනවාදැයි මිතුරා සොයා ආ මිතුරාට පිටත්ව යාමට පෙර පොලිසියෙන් පැනයකි. ඔව් සර් එදා වගේම අදින් පස්සේ අපේ මිතුරුකමත් ඉවරයි කියූ ඔහු ඥාතින් සමග පිටත්ව ගියේ තව ඩිංගෙන් මට ආණ්ඩුවේ බෝඩිමෙනුත් කන්න වෙනවා. හැමෝටම ගුඞ්නයිට් යැයි කියමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතේදී අතහැරයන නුබලවගේ මිතුරන් ආශ්‍රය නොකරනෛ වලස රහසින් කිඋවේ බොරුවටද . (ස)
අම්මෝ! ඔයින් ගියා මදැයි... (නි)
හරිම නරක කෙනෙක්නේ. යාළුවා අමාරුවේ දාලා. (ස)
සමරවිට යාලුවා කසිප්පු කාරයෙක්ද දන්නෙ නැහැ (නි)
වෙන්න ඇති නේ මුතුකුඩ (ත)
පාප මිත්‍රයින් ඇසුරු නොකරන්න. අවේලාවේ ගමන් බිමන් නොයන්න.(නදී)
පාප මිත්‍රයින් ඇසුරු නොකරන්න අවේලාවේ ගමන් බිමන් නොයන්න. (ස)
නාදුනන පළාතකට යනකොට ටිකක් වේලාසනින් යන්න ඕනේ. මේවා හැම දෙනාටම හොද පාඩම්.(නදී)
නියම යාළුවෙක්නේ. එයාට හොද පාඩමක් උගන්වන්න. (නි)
යාලුවෝ අවශ්‍යයි. නමුත් අතේදුර ගුණදායකයි. (ස)
අවේලාවේ වීදි සංචාරය හොද නෑ කියන්නේ ඕකට තමයි! (ස)
එහෙම ගමකට ගියා කියල අල්ලගන්න හෝ අත්අඩංගුවට ගන්නේ කොමොමද? මේ පුද්ගලයා ලංකාවේ පුරවැසියෙක්නෙ (ස)
අයියෝ සල්ලි(දී)
ඒ මිනිහා යාළුවෙක් නෙවෙයි.. (ස)
මම වගේ නම් ඕකව ඉතුරු කරන්නේ නැහැ පහුවදාට .(නදී)
සමහරවිට දුරකථනයේ බැට්‍රිය බැස්සාද දන්නේ නෑනේ පසුව සොයා බලමු. (ස)