(වලපනේ අරුණ ඩයස්)
නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තියෙන් යුත් යෞවනියකි. විවාහ වීමට සිය නිසි කළ වයස පැමිණි පසු ඇයගේ මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමේ කටයුත්තට අත තැබුවේ සිය දියණියට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සැමියකු සොයාදීමේ අරමුණෙනි.

මේ අනුව ඇගේ මව තමා දන්නා කියන සැම දෙනාගෙන්ම ඉල්ලීමක් කළේ තම දියණියට සුදුසු සහකරුවකු සොයා දෙන ලෙසය. ඒ අනුව නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයෙන් තම දියණියට ගැලපෙන සහකරුවකු සොයාගැනීමට හැකිවිය.
ඒ අනුව මනාලියගේත් මනාලයාගේත් මවුපියන් සිය ඥාති හිත මිතුරන්ට ද දන්වා විවාහ මංගල්‍යය ජයටම පැවැත්වීමෙන් පසුව මනලයා සිය නිවසට මනාලිය කැඳවාගෙන යාමට පෙර මධුසමය ගත කිරීමට ගොස් සිටියදී මනාලිය හත්මස් ගැබිනියක් බව දැන ගත් මනාලයා පසුදා දෙපාර්ශයේම මවුපියන් කැඳවා මනාලිය පදිංචි ප්‍රදේශයේ පොලිසියට ද මේ පිළිබඳ පැමිණිලි කර සිය සහකාරිය ලෙස තෝරා ගත් මනාලිය ඇගේ මවුපියන්ට ආපසු බාර දුන්නාය.
මනාලිය විවාහවීමට පෙර තමා පදිංචි ප්‍රදේශයේම තරුණයකු සමග ඇතිකරගනු ලැබූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් ඇය ගැබිනියකුවූ බව ප්‍රදේශවාසී ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය මනාලිය හත්මස් ගැබිනියක බව දනගත් මානාලයත් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි සිත් වේදනාවෙන් පසුවෙනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලෙන් කසාද බන්දල දුන්නහම ඔහොම වෙනව. දෙමව්පියො විදියට ඉස්සෙල්ල හොයන්න එෟන තමන්ගෙ දරුවට මොකක් හරි සම්බන්ධයක් තියනවද තියනවනම් ඉස්සෙල්ල ඒ ගැන හොයල බලල ගැලපෙනවනම් කරල දෙන්න ඕන.කේන්දරේ මුලට දාගෙන කරන්න බෑ දෙන්නගෙ අදහස් තමා ගැලපෙන්න ඕන. මොකද හදහන් ගලපන කසාද ගොඩක් වෙලාවට දික්කසාද වෙනව එහෙම නැත්තං විවාහය සාර්ථක නෑ ඉන්නවට ඉන්නව. මොකද දෙන්නගෙ අතරෙ ආදරයක් නැති නිසා.මේ සිද්ධියෙදිත් ඉස්සෙල්ල හොයන්න තිබුණ මේ ගෑණු ළමයට සම්බන්ධයක් තියනව ද කියල ගොඩක් දුරට ගෙදරින් බල කරන්න ඇති මේ කසාදෙම කරගනින් කියල ඉතින් මේ ළමය එතනදි අසරණයි.

මෙවැනි දෙයින් බොහෝ විට අසරණ වන්නේ දෙමව්පියන්ය..
මා හිතන්‌නේ මනාලයාටත් ඇස් කන් දුර්වල ඇති මාස 3 4 ක ගැබිණියක් වු විට උදරය ලොකුවෙනවා එසේ නොවුනා නම් හරිම පුදුමයක් ඒ්ක
ජයා, හැම ගැබිනියක්ගේම උදරය එකවගේ පේන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ, මාස 7ක් ගිහිල්ලත් උදරය ලොකුවට නොපෙනෙන අයත් ඉන්නවා
වලපනේ පැත්තේ උදවිය නම් එහෙම්මමයි