IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මඟුල් දා රෑ ‘රහස’ හෙළි වී මනාලිය ගෙදර යවලා

(වලපනේ අරුණ ඩයස්)
නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තියෙන් යුත් යෞවනියකි. විවාහ වීමට සිය නිසි කළ වයස පැමිණි පසු ඇයගේ මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමේ කටයුත්තට අත තැබුවේ සිය දියණියට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සැමියකු සොයාදීමේ අරමුණෙනි. 


මේ අනුව ඇගේ මව තමා දන්නා කියන සැම දෙනාගෙන්ම ඉල්ලීමක් කළේ තම දියණියට සුදුසු සහකරුවකු සොයා දෙන ලෙසය. ඒ අනුව නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයෙන් තම දියණියට ගැලපෙන සහකරුවකු සොයාගැනීමට හැකිවිය. 


ඒ අනුව මනාලියගේත් මනාලයාගේත් මවුපියන් සිය ඥාති හිත මිතුරන්ට ද දන්වා විවාහ මංගල්‍යය ජයටම පැවැත්වීමෙන් පසුව මනලයා සිය නිවසට මනාලිය කැඳවාගෙන යාමට පෙර මධුසමය ගත කිරීමට ගොස් සිටියදී මනාලිය හත්මස් ගැබිනියක් බව දැන ගත් මනාලයා පසුදා දෙපාර්ශයේම මවුපියන් කැඳවා මනාලිය පදිංචි ප්‍රදේශයේ පොලිසියට ද මේ පිළිබඳ පැමිණිලි කර සිය සහකාරිය ලෙස තෝරා ගත් මනාලිය ඇගේ මවුපියන්ට ආපසු බාර දුන්නාය.


මනාලිය විවාහවීමට පෙර තමා පදිංචි ප්‍රදේශයේම තරුණයකු සමග ඇතිකරගනු ලැබූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් ඇය ගැබිනියකුවූ බව ප්‍රදේශවාසී ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය මනාලිය හත්මස් ගැබිනියක බව දනගත් මානාලයත් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි සිත් වේදනාවෙන් පසුවෙනවාලු. 

 



අදහස් (6)

මඟුල් දා රෑ ‘රහස’ හෙළි වී මනාලිය ගෙදර යවලා

vihanga Saturday, 03 November 2018 09:53 AM

බලෙන් කසාද බන්දල දුන්නහම ඔහොම වෙනව. දෙමව්පියො විදියට ඉස්සෙල්ල හොයන්න එෟන තමන්ගෙ දරුවට මොකක් හරි සම්බන්ධයක් තියනවද තියනවනම් ඉස්සෙල්ල ඒ ගැන හොයල බලල ගැලපෙනවනම් කරල දෙන්න ඕන.කේන්දරේ මුලට දාගෙන කරන්න බෑ දෙන්නගෙ අදහස් තමා ගැලපෙන්න ඕන. මොකද හදහන් ගලපන කසාද ගොඩක් වෙලාවට දික්කසාද වෙනව එහෙම නැත්තං විවාහය සාර්ථක නෑ ඉන්නවට ඉන්නව. මොකද දෙන්නගෙ අතරෙ ආදරයක් නැති නිසා.මේ සිද්ධියෙදිත් ඉස්සෙල්ල හොයන්න තිබුණ මේ ගෑණු ළමයට සම්බන්ධයක් තියනව ද කියල ගොඩක් දුරට ගෙදරින් බල කරන්න ඇති මේ කසාදෙම කරගනින් කියල ඉතින් මේ ළමය එතනදි අසරණයි.

:       0       1

vihanga Saturday, 03 November 2018 09:55 AM

බලෙන් කසාද බන්දල දුන්නහම ඔහොම වෙනව. දෙමව්පියො විදියට ඉස්සෙල්ල හොයන්න එෟන තමන්ගෙ දරුවට මොකක් හරි සම්බන්ධයක් තියනවද තියනවනම් ඉස්සෙල්ල ඒ ගැන හොයල බලල ගැලපෙනවනම් කරල දෙන්න ඕන.කේන්දරේ මුලට දාගෙන කරන්න බෑ දෙන්නගෙ අදහස් තමා ගැලපෙන්න ඕන. මොකද හදහන් ගලපන කසාද ගොඩක් වෙලාවට දික්කසාද වෙනව එහෙම නැත්තං විවාහය සාර්ථක නෑ ඉන්නවට ඉන්නව. මොකද දෙන්නගෙ අතරෙ ආදරයක් නැති නිසා.මේ සිද්ධියෙදිත් ඉස්සෙල්ල හොයන්න තිබුණ මේ ගෑණු ළමයට සම්බන්ධයක් තියනව ද කියල ගොඩක් දුරට ගෙදරින් බල කරන්න ඇති මේ කසාදෙම කරගනින් කියල ඉතින් මේ ළමය එතනදි අසරණයි.

:       0       1

lakmal Sunday, 04 November 2018 11:17 AM

මෙවැනි දෙයින් බොහෝ විට අසරණ වන්නේ දෙමව්පියන්ය..

:       1       27

Jaya Sunday, 04 November 2018 05:57 PM

මා හිතන්‌‌න‌ේ මනාලයාටත් ඇස් කන් දුර්වල ඇති මාස 3 4 ක ගැබිණියක් වු විට උදරය ‌ල‌ොකුවෙනවා එස‌ේ ‌න‌ොවුනා නම් හරිම පුදුමයක් ඒ්ක

:       3       3

Nilanthi Wednesday, 07 November 2018 09:15 AM

ජයා, හැම ගැබිනියක්ගේම උදරය එකවගේ පේන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ, මාස 7ක් ගිහිල්ලත් උදරය ලොකුවට නොපෙනෙන අයත් ඉන්නවා

:       1       0

indika Tuesday, 20 November 2018 04:32 AM

වලපනේ පැත්තේ උදවිය නම් එහෙම්මමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site