IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මංගල සාදයේ තෑගි කවරය ආපසු ගෙදරටම ඇවිදින්

ඔහු රාජ්‍ය සේවයේ යෙදුන නිලධාරියෙකි. සත්කෝරළයට අයත් සරුසාර පොල් රුප්පාවන්ගෙන් පිරුණ ප්‍රදේශයක පදිංචිකරුවකු වූ ඔහු කෙදිනකවත් විවාහ නොවී තනිකඩව ජීවත් වීමට අදිටන් කරගෙන සිටියත් මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයක් කර ගැනීමට තීරණය කළේය. යෝජනාවකට අනුව රැකියාවක නියුතු කාන්තාවක්ම මනාලිය වූවාය. ඒ අනුව විවාහ මංගල උත්සවයට දින නියම කරගත් අතර මංගල උත්සවය පැවැත්වීමට සුදුසු හෝටලයක් ද තෝරා ගැණුනි.


මංගල උත්සවය සඳහා රාජ්‍ය සේවා නිලධාරීන්ට ආරාධනා කොට තිබුණි. ඒ සඳහා ආරාධනා පත් කල්වේලා ඇතිවම හිතමිතුරන් වෙත යවා තිබුණි.


වැඩි වශයෙන්ම මංගල උත්සව අවස්ථාවල දී බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ කෑමට වඩා බීමටය. ඒ නිසා කෑමට පෙර බීමට වාඩිවන හිත මිතුරන්ට බීම වැඩිවී කෑම ගැනීමට අමතක වන අවස්ථා ද නැතුවා නොවේ.


මෙම මංගල උත්සවයට පැමිණි රාජ්‍ය සේවයේ නිලධාරියකු වූ එක් මිතුරෙකු තමාට තමන්ව පාලනය කර ගැනීමට පවා නොහැකි තරමටම මත්වතුර බීවේය. පසුව ඔහු හිතමිතුරන් සමග ගීත ගායනා කරමින් විනෝද වූයේය. වෙරි වීම ඔහුට දරාගත නොහැකි විය. බත් කෑම ද අමතක වූ ඔහුට අවසානයේ මුදල් කවරය පරිත්‍යාග කිරීම පවා අමතකවී යහළුවන් කීප දෙනෙකුගේ කරමතින් ගෙදර ගොස් තිබිණි. ඔහුට නිවැරදි සිහිකල්පනාව ඇවිත් තිබුණේ ගෙදර ගිය පසුවය. පසුදින මෙම රක්ෂණ සේවකයාගේ ඇඳුම් ඔහුගේ බිරිඳ විසින් සෝදන්නට ළිඳ ළඟට ගෙන ගොස් වතුර බේසමට දැමීමට පෙර ඇඳුම් පරීක්ෂා කළාය.


කලිසමේ එක් සාක්කුවක් තුළ තිබී ලියුම් කවරයක් එළියට ගත්තාය. මොන බීමක් බොන්න ඕනෑ ද මෙහෙම අමතක වෙන්න ඇය තමාටම කියා ගත්තාය.


පසුව මේ සිද්ධිය පිළිබඳව ස්වාමිපුරුෂයාටත් නොකියා බිරිඳ ඒ මොහොතේම මනාලයාගේ නිවස වෙත ගොස් මුදල් බහා තිබූ කවරය මනාලයාට පිළිගන්වා සිද්ධිය තේරුම් කර දුන්නාය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)



අදහස් (1)

මංගල සාදයේ තෑගි කවරය ආපසු ගෙදරටම ඇවිදින්

sudda Sunday, 13 October 2019 07:18 AM

මේ පරණ කතාවක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site