බසයකදී හමුවී කෙටි ඇසුරකින් මිතුරකු වී කළ උපකාරයට ප‍්‍රතිඋපකාර දැක්වූ තරුණ සැමියකුට අලි අකර තැබ්බයකට මුහුණ පා හිස් අතින් ගෙදර යාමට සිදුවූ පුවතක් වාරියපොලින් වාර්තා වෙයි. පුවත සැකවින් මෙසේය. ඔහු තරුණ සැමියෙකි. බිරියත් සමග අලූතින් ඉදිකළ නිවෙසට සුබ මොහොතින් ගෙවැදීමෙන් පසු බිරියගේ පළමු ඉල්ලීම වූයේ ”අනේ මෙයා! අපි අලූත් ගෙට අලූත් මොඩල් එකේ ටී.වී. එකක් ගනිමු” යන්නය. සැමියා පසුදාම ගනේවත්තෙන් වාරියපොල බලා පිටත්වූයේ බිරියගේ ප‍්‍රථම ඉල්ලීම ඉටුකිරීමේ අදහසිනි. වාරියපොල බලා යන බසයට නැගුණු ඔහුට වාඩිවීමට ඉඩ ලැබුණේ යුරෝපීය ඇඳුමෙන් සැරසුන ලිපිගොනුවක් අතැති පි‍්‍රය මනාප පෙනුමැති තරුණයකු සිටි අසුනකය. ටික දුරක් යද්දී තරුණයා ”අයියා කොහොද යන්නේ”යි ඇසීය. ”මල්ලි මම වාරියපොල යනවා” ඔහුගේ කෙටි පිළිතුර විය. ඔහුට හොරෙන් ඔහුගේ අතමිට නිරීක්‍ෂණය කළ තරුණයා ”අයියා ඇයි වාරියපොල යන්නෙ.” ”මල්ලි මම ටීවී එකක් ගන්න හිතාන යන්නෙ”. ”ෂෝක්නෙ අයියෙ මමත් වාරියපොල ටියුෂන් ක්ලාස් එකක ටීච් කරනවා. මං අඳුරන කඩයක් තියෙනවා තව ගමේ තියා නගරයේවත් අරන්නැති මොඩල් එකක් ගන්න මං සපෝට් කරන්නම්. ලොකු ඩිස්කවුන්ට් එකකුත් අරන් දෙන්නම්. කතාව ඇසූ තරුණ සැමියාට දැනුනේ පුදුම සතුටකි. ”මල්ලි මට දෙය්යො දුන්නා වගේ” කියා ටි.වී. එක ගන්න පේවී මිතුරා අනුගමනය කළේය. කිව්වා වාගෙම නොසිතූ මුදලක් ඉතිරිකර දෙමින් ටීවී එක අරන් දුන්නේය. සියල්ල පෙට්ටියක අසුරා පැත්තක තබා ”ඔය අයියා අපේ නැතිවුන අයියා වගේමයි. යමු අයියෙ තේ එකක් බීල ඇවිත් අරන් යන්න” බසයේදි හමුවූ මිතුරා කීවේය. ”පිස්සුද මල්ලි. මල්ලි ගානේ එපා. මං ගාව සල්ලි තියනවා අපි හොඳ හෝටලයකින් බත්ම කමු” ”අයියගෙ කැමැත්තක්” දෙදෙනා හෝටලයකට ගියෝය. ටියුෂන් දෙන මල්ලී අයියා කන්නකො මගෙ නෝට්ස් වගයක් මේ ළඟ කෙනෙක් ගාව තියනවා ටක් ගාලා අරන් එන්නම්” කියා ගියා ගියාමයි යළි ආවේ නැත. හෝරාවක් පමණ බලා සිටියත් යාළු මල්ලියා නොපැමිණි නිසා ඔහු කඬේට ගොස් ටීවී එක ඉල්ලූ විට මුදලාලි දුන්නේ අපූරු පිළිතුරකි. ”ඇයි මහත්තයො අර මහත්තය ටීවී එක අරන් ගියානෙ. ඔය මහත්තයා මග ඉන්නවා කිව්වායි කීවේය. උඩ බිම බැලූ ඔහුගේ තොලකට වේලී යන අයුරු දුටු මුදලාලි කතාව අසා පැවසුවේ. ”මහත්තයා කපටියකුට අහුවුණා. ඔය වාගෙ පණ දීල කතා කරන හොරු දැන් කොහෙත් ඉන්නා කාලයක් මේ” යනුවෙන්ලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් මහත්තයෝ, ඔබ විශිෂ්ඨයි (ස)
තිලක් ඔබ ඉතා උසස් කෙනෙක්...ඔබ වැනි තවත් බොහෝ පිරිස් සිටිනවා.. ඒ ගැන සතුටුයි (ස)
රංජිත් මහත්තයා හරි වෙන්න පුළුවන්, මුදලාලි ඔය හොරාව අදුරනවා..(ස)
නියම යාළු මල්ලියෙක්නේ! (නි)
මේකට කියන්න මට වචන එන්නෙ නැහැ (නි)
ඇත්තටම වුණාද? (නි)
මට අහුවුන මේ වගේ කෙනෙක්ට මම හොඳ වැඩක් දුන්නා.. (ස)
කඩේ මුදලාලිගේ ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්..(ස)
තිලක් මහත්තයෝ ඔබ හරි ශ්‍රේෂ්ඨයි..(ස)
ගොඩක් හාදකම් පවත්වන්නේ ගොඩක් නරක අය.. (ස)
"මේ හොරකමට කඩේ මුදලාලිත් සම්බන්ධ ඇති. මුදල් ගෙවා භාණ්ඩය නිකුත් කරන විට බිල්පතෙහි එය සටහන් කළ යුතුයි. රිසිට්පත නොමැතිව වෙන අයෙකුට භාණ්ඩ නිකුත් කළානම් මුදලාලිත් වැරදියි." තමන්ගේ වැඩේ කරගන්න අනුන්ගේ ඇගේ එල්ලෙනවාට හොඳ පාඩම්. (නි)
ඕවගෙන් පේන්නේ මොකද්ද ?? ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම පිරිහිලා කියන එක නෙමෙයිද ?? කාටහරි ගින්නක් දීලා තමන්ට ගානක් හොයාගන්න හදන්නේ.. (ස)
පව් . මිනිස්සු කවුරුත් විශ්වාසය සමඟ සෙල්ලම් කරන්න හොඳ නෑ.ඒවා තම තමන්ටම කැරකිලා එනවා කවදහරි (ස)
ඔහොම රවට්ටන්න ගියොත් නම් මෙයාට කසාදෙත් නැති වේවි.. (ස)
පනින්න පෙර සිතා බලනු. (ස)
අපරාදෙ ටී.වී. එක.(නු)
අනුන්ට ගින්දර දීලා ලබන සැප කුමක්ද? අවංක සිතින් උපකාරයක් කරලා ලබන සතුට මිල කරන්න බැරි තරම්. මම ඒවගේ උපකාර කිහිපයක්ම කරලා තියෙනවා. මගේ ජීවිතේ තියෙන තුරු ඒවා සිහිකරලා ලබන සතුට මිලමුදලින් ගන්න බැරි අපූරු සුවයක්. එක අත්විදලම බලන්න ඕනෑ, ඒ සතුට තේරුම් ගන්න. ගංවතුර ගලලා බස් යන්නේ නැති දවසක රැ හතට විතර කරවනැල්ලේ අතරමන් වුනු හැටන් වල තරුණියක් නිරුපද්‍රිතව එක්ක ගිහින් උදේ බස් එකට ඇරලලා තියෙනවා. අද සමහර පුංචි දැරිවියෝ පවා දූෂණය කරනවා. බැංකුවක ඒටීඑම් යන්ත්‍රයෙන් ලංකාවේ මුදලින් 50,000ක විතර මුදලක් අරගන්න හදලා වැටහීමක් නැතිකමට සල්ලි එන්න පෙර යන්න ගිය පකිස්තාන් ජාතිකයෙකුට අඬගහලා සල්ලි ටික දුන්නා. සල්ලි ටික ආපසු යන්නට පෙර මගේ අතට අරන් කෑගහලා පස්සෙන් එළවලා දුන්නේ. ඒ මනුස්සයා බ්‍රදර් කියලා බදාගත්ත මොහොතේ සතුට ඒ මුදල් අරගත්තා නම් මට අද විඳින්න ලැබෙනවද? අපේ සමාජය අසුන්දර කරන්නේ අපිමයි. එය සුන්දර තැනක් කළ හැක්කේත් අපටමයි. අඳුරට බැණ බැණ ඉන්නේ නැතඅව එක පහනක් දල්වමු. අපි එක එක්කෙනා නිවැරදි දේ කරමු. එතකොට සමාජය සුන්දර තැනක් වේවි. (නි)
කපටියන්ගෙන් පිරි දූපත .(ස)
අයියෝ සල්ලි
තිලක් සහෝදරයා, ඔබ විශිෂ්ටයි (නි)
තිලක් මහත්තයෝ ඔබ හරි ශ්‍රේෂ්ඨයි..(ස)
ඇත්තටම මනුස්සයෙකුට උදව් උපකාර කිරීමෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බැහැ. අපිට හැම වෙලාවේම ඒක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් . මම දවසක් පිට කෝට්ටේ ලංකා බැංකුව ළඟ රාජකාරියකට ඇවිල්ල ඉන්නකොට මහත්මයෙක් ආව කාර් එකකින බැංකුවට. ඒ මනුස්සය සල්ලි මිටි වගයකුත් අරගෙන බැංකුවට යන්න හදන කොට මම දැක්ක සල්ලි මිටියක් වැටෙනවා. එයා ඒක දැක්කේ නෑ. මම එක ඇහිද ගත්ත රු . 5000.00 කොළ මිටියක් මම බැංකුව ඇතුලට ගිහිල්ල ඒ මනුස්සයට මේකත් බැංකුවට දාන්න කියල සල්ලි මිටිය දුන්න. පස්සේ මම එක ගැන හිතල බොහොම සතුටු උනා (ස)
මේ වංචනික දේවල් ස්ව්‍යං රැකියා ලෙස කරන්නත් බොහෝ දෙනා දැන් පුරුදු වෙලා...අහෝ ආසියාවේ ආශ්චර්‍යය (ස)
ඇති ඔයින් ගියා (ස)
ගෙදර යනකොට අඹුවත් අරන් ගිහින්ද ? අනේ මෝඩ රැල තාම තෙම්පරාදු වෙලා නෑනේ ? නිතරම අනිකා හොරෙක් කියලා හිතන්න.....! (ස)
වැඩි තණ්හාව... (නි)
කෙටි ටෙලිනාට්‍යකට ගොඩනගා පෙන්නුවානම් හරි (ස)
තමන්ගේ වැඩේ කරගන්න අනුන්ගේ ඇගේ එල්ලෙනවට හොඳ පාඩම්.. (ස)
මේ හොරකමට කඩේ මුදලාලිත් සම්බන්ධ ඇති. මුදල් ගෙවා භාණ්ඩය නිකුත් කරන විට බිල්පතෙහි එය සටහන් කළ යුතුයි. රිසිට්පත නොමැතිව වෙන අයෙකුට භාණ්ඩ නිකුත් කළානම් මුදලාලිත් වැරදියි. (නි)
අද තියෙන්නේ කලියුග කාලයක් .50% හොඳ මිනිස්සු ,50% නරක මිනිස්සු .හොඳ මිනිස්සු පරිස්සම් විය යුතුයි...(ස)
උඹ නාඬන්! උඹ නාඬන්!! මේවා නුඹට හොද පාඬම්..(ස)
තමන්ගේ වැඩේ තමන්ම කරගත්තා නම් මේ කිසිම කරදරයක් නැහැනේ (නි)
තිලක් ඔබ ඉතා උසස් මනුෂ්‍යෙයක්.. ඔබ වැනි තවත් බොහෝ පිරිස් මේ ලොවේ සිටිනවා.. මෙය දිගටම රුක ගන්න..!(නු)
කවුරුහරි තමන්ට ඕනිවට වඩා ලන් වෙනවනම් ඔහු භයානක කෙනෙක්...(ස)
තිලක්ගේ අදහස දැකලා මට ගොඩක් සතුටුයි..!(නු)
අනේ මෙහෙමත් හරක් පැටව් ලංකාවේ ඉන්නවනේ තාමත් (ස)
තිලක්, ඔබ හරි වැදගත් පුරවැසියෙක් . ඔබ වැනි අය තව බිහිවේවා (ස)