හොරණ දක්වා ධාවනය වන සේවක බසයට නාරාහේන්පිට කාර්යාලයේදී සේවක සේවිකාවෝ ගොඩවූහ. රියදුරු මහතා බසය කාර්යාලයෙන් ඉවතට ගෙන මාර්ගයේ රැඳී සිටි මඟීන්ට ගොඩවීමට ඉඩ සැලසීය. මඟීන්ගෙන් පිරුණු බසය ඉදිරියට ඇදෙන්නට විය. පැය භාගයක් ගතවිය.
බසයේ සිටි සමහරුන් නිදිකිරා වැටෙන්නට වූහ. මේ අතර කාන්තාවක්, ”මගේ ෆෝන් එක නැහැ” කියමින් කෑ ගැසුවාය. ඇයගේ කෑ ගැසීමට අවදිවූ මගිහු අන්දමන්ද වූහ. බසය මාර්ගයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකු අසල නැවැත්විණි. කොන්දොස්තර මහතා නැතිවූ දුරකතනය පිළිබඳව ඔහුට දැන්වීය.”එහෙමනම් කට්ටියගේ බෑග් චෙක් කරන්න වෙනවා” පොලිස් නිලධාරියා පැවසීය. කිසිවෙකු එයට එකඟ නොවුයේ පරීක්‍ෂා කිරීමේදී පැයකට අධික කාලයක් මිඩංගු වන හෙයිනි. එවිට පොලිස් නිලධාරියා බසය පොලිස් ස්ථානයට රැුගෙන යන ලෙසට උපදෙස් දුන් අතර ඒ අනුව බසය ආපසු හරවා ගෙන පිළියන්දල පොලිස් ස්ථානය වෙත රැුගෙන එන විට, පෙරකී කාන්තාවගේ හඩ නැවතත් ඇසිණි.”හරි හරි ෆෝන් එක හම්බු වුනා. ඇය පැවසුවාය. ජංගම දුරකතනයේ ඇයගේ අත් බෑගයේ සාක්කුවක තිබී හමුවිය. බසයේ ගමන් කළ අයගේ ඇණුම් බැණුම් මැද කාන්තාව මුවින් නොබැන සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට උනත් වරදින වෙලාවල් තියෙනවා.. (දී)
ජගත් ඔයාගේ කතාව හරි (දී)
රජයේ කාර්යාලයක කාර්මික නිලධාරියෙක් තමාගේ පැට්‍රල් මෝටර් රථය ගෑස්වලට හරවා ගෑස් සිලින්ඩරයක් දමාගෙන ගමනක් ගියා .මගදී ගෑස් ඉවරවී රථය නැවතුනා.පැට්‍රල් ෂෙඩ් එකකින් පැට්‍රල් නොගසා ත්‍රි රෝද රථයකින් ගෙදර අවුත් කුස්සියේ ගෑස් සිලින්ඩරය ගෙනගොස් වාහනය ගෙනාවා .(අ)
දුරකතනය නැති වුණහම කළයුතු ඉතාම සරල දේ වෙනත් දුරකතනයකින් එම අංකයට ඇමතුමක් දීමයි. (නි)
ඔය වගේ මෝඩ වැඩ කරන කාන්තාවන් කොතෙකුත් අප සමාජයේ සිටිනවා. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. කටට එන දේ කියවනවා. ඉතින් අනිත් අයටයි කරදරේ. (නි)
පොලිස් නිලධාරියෙකු හට කාන්තාවන්ගේ අත් බෑග් පරික්ෂා කිරීම තහනම් නැද්ද?[පොලිස් කාන්තාවක් නැතුව] (නි)
බසයේ සිටි අය අඩනින්දේ සිටි නිසා සෑම්ගේ යෝජනාව මතක් වුණේ නැහැ කියමුකෝ. ඒත් මේ පොලිස් නිලධාරියාට ඒක කරන්න තිබුනානේ. (නි)
ජයත් ගේ කතාව හරි (දී)
ඕවා ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි (දී)
මොනවා කරන්නද කාට උනත් මේවාගේ දේවල් වෙන්න පුළුවන් (දී)
මේක කලබලේට වෙච්ච අත් වරද්ද්දක් ගැහැනුද පිරිම්ද කියල නැහැ එක කටත් පොදු දෙයක් කට්ටිය සද්ද දාන්නේ නැතුව ඉන්න (දී)
තමන් සතු දේ පරිස්සම් කරගැනීම තමන්ගේ වගකීමකි (ස)
ගෙදරදීත් ඔහොමද දන්නේ නැහැ. මහත්තයට කරදරේ ඇති (නදී)
රුවන් ඇයි එහෙම කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(අ)
කාන්තාවන් ඔහොම තමයි. ගණන් ගන්න එපා. (නි)
ඒ වුණාට සෑම් ගැටළුව කියන්නේ ගොඩක් කාන්තාවන් තමන්ගේ දුරකතන අංකය නොදන්නාකමනේ (නි)
අත්වැරැද්දක්. කව්රුත් මෙවැනි දේ හිතාමතා කරන්නේ නැහැනේ. (නි)
අපේ නෝනත් ඔය වගේමයි (දී)
විමසා,හරියට සොයාබලා කටයුතු නොකිරීමේ වරද (නි)
කලබල උනහම එහෙම තමයි ඉතින්. බයත් හිතෙනවනේ. මට ඔහොම වෙලා තියෙනවා. දුම්රියේ යනකොට කතා කර කර ගියේ. බැස්සම තමයි ෆෝන් එක නැති බව දැනුනේ. දැන් පමා වැඩයි දුම්රිය ගියා. මම දැන් යහළුවන් කට්ටියක් හමුවෙන්න යනගමන්. සම්බන්දයක් කරගන්න ක්‍ර මයක් ඇත්තෙම නැහැ දැන්. ඊලග දුම්රියෙන් ගිහින් සිම් නොම්මරය අවලංගු කලා. එකම එක යාලුවෙක්ගෙ නොම්මරයක් මතකයේ තිබුනා. එයා අාවා මා ගාවට එවෙලේම ( සියලුම නොම්මර තියෙන්නේ ෆෝන් එකේනේ) දැන් පැය 2ක් වගේ ගත වෙලා. අපිට එකතු වෙන මිතුරියන්ගෙන් කෙනෙක් මේ මම ළඟ ඉන්න මිතුරියට කතා කරලා කිව්වා, මගේ ෆෝන් එයා ළඟ කියල. හිතන්නවත් බෑ.වෙලා තිබුනේ මෙහෙමයි. මම දුම්රියෙන් බහින කොටම එතනින් නැගල ගැහැණු ළමයි දෙන්නෙක්. මගේ ෆෝන් එකේ රින්ග්ස් යනකොට දැකල අරන් පිළිතුරු දීලා. මගේ ඒ මිතුරියට දුම්රිය ස්ථානයට එන්න කියලා ෆෝන් එක දීලා. එවෙලේම මම සිම් කඩ එක නැවත ගත්තා. ඇත්තමයි එතන මගේ නොසැලකිල්ල, කලබල උන නිසා එහෙම උනේ. ඒ වගේම කොයි තරම් අවංක ද ඒ ළමයි කියල හිතුනා. ලෝකයේ කොහෙත් ඉන්නවා හොඳ අයත් (නදී)
අනේ! මේ වගේ අයගේ වැඩ නිසා කීදෙනෙක් අමාරුවේද? (නි)
කාන්තාවන් ඔහොම තමයි (නි)
කොහොමද රාළහාමි දන්නේ දුරකතනය බස් එකේදී නැතිවුණා කියලා? (නි)
ඔය ෆෝන් එක පෙනෙන තැනක එල්ල ගත්තා නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. (නදී)