(බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත කඩවසම් තරුණයෙකි. ඇඳ පැළඳ සිටියේ විධායක තනතුරක් දරන අයෙක් පරිදිය. තරුණියන්ගේ ඇසුර ප‍්‍රියකරන මොහු බදුල්ලේ සිට කොළඹ බලා යන බස් රථයකට ගොඩවී වාවීවූයේද කඩවසම් තරුණියක් සිටි අසුනකය.
තරුණියද මද සිනහවක් පා ඔහු පිළිගත් අතර ටික වේලාවකදී මේ අය කෙරෙන් දැඩි මිතුරුකමක් දැකගත හැකි විය.
ඇය කාර්යාල සේවිකාවක් ලෙසත් ඔහු පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් ලෙසත් දෙදෙනාට දෙදෙනා හඳුනාගත්හ. ටික දුරක් යනවිට ඔවුන්ගේ හඳුනාගැනීම දැඩි හිතවත්කමක් බවට පත්විය.
මේ අතර බස් රථය හෝටලයක් අසල නතර වූයේ උදේ තේ පානය සඳහාය. මගීන් ලහි ලහිනේ තේ පානය සඳහා බැස ගිය අතර තරුණයා ද තම ජංගම දුරකතනයත් අත් බෑගයත් තරුණිය අත තබා වැසිකිළියට ගියේ ඉක්මනින් එන බව පවසමිනි. පිරිස වැඩි නිසා ඔහු පැමිණීමට තරමක් ප‍්‍රමාද විය. ආපසු පැමිණි ඔහුට තරුණිය දකින්නට නොසිටියෙන් වට පිට හැමතැනම සොයා බැලීය. තරුණිය පෙනෙන්නට නැත. ඔහු කලබල විය.
මේ සිද්ධිය බලා සිටි වැඩිහිටියෙක් කීවේ ඔය හදිසියේ හඳුනාගන්නා කෙල්ලෝ ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. අද රටේ හැටි ඔහොම තමයි යැයි කියාය. තරුණිය වෙනත් බස් රථයක නැගී ගිය බව ඔහු දැනගත්තේ එතැන සිටි මගීන්ගෙනි. මුදල් බෑගයක් ජංගම දුරකතනයත් අහිමි කරගත් තාවකාලික හැඳුනුම්කම නිමාවූයේ එලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කිම තමයි! (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම් (නදී)
ඔය ඉතින් ගැහැණුන්ගේ මායම් හැට හතරෙන් එකක් වෙන්න ඇති. (නි)
අපේ කොල්ලන්ටත් ඇහැට කනට පේන කෙල්ලෙක් හිනාවුනත් ඇතිනේ. පව් අසරණ කොල්ලා. එ්ත් ඕවා හොඳ පාඩම් බස් වල ලව් කරන්න යනවට. (නදී)
දුරගමන් යන බස්වල ලස්සන කෙල්ලෙක් ළඟ වාඩිවෙන්න කොල්ලොහරි ආසයි [විශේෂයෙන්ම හොඳට ඇඳලා]මේ ගැහැණු ළමය හොරකමක් කෙරුවත් මනමාල කුරුල්ලන්ට දෙන්න තියන නියම දඬුවමතමා දීල තිබෙන්නේ. (ස)
පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් කීවට අමු මෝඩයෙක්. (ස)
ඕව ඔහොම තමා මල්ලි. " ආදරයේ උණුසුම ලඟ දුර පෙනෙන්නේ නෑ" ---- දුර පෙනුනත් බලන් ඉන්න මෙමට උනත් බෑ" (ස)
පුදුමාකාර සිරිත් අපේ රටෙන් කවද තුරන්වෙයිද? (ස)
ආයතන වල ඉන්න සමහර ලොකු නිලධාරීන් ආයතන පාලනය කරන්නෙත් එහෙමම තමයි (නි)