කුරුණෑගල බස්නැවතුමෙන් ඇරැඹි දුර ගමන් යන ලංගම බස්රියකි. පොල් පැටවු ලෙස මගීන්ගෙන් පිරීගිය අතර මේ අතරින් බොහොම අමාරුවෙන් මගීන් අතර තෙරපෙමින් කුඩා ළමයකු අතින් අල්ලාගත් කාන්තාවක්ද වූවාය. කොන්දොස්තරවරයාද කෑ ගසමින් මගීන්ට අණදෙන්නට වූයේ පස්සට යන්න ටිකට් නැති අය ටිකට් ගන්න යැයි කියමිනි.

ළමයා සමග සිටි කාන්තාව දුටු ඔහු ඔය නෝනා තෙරපෙන්නෙ නැතුව පස්සට යනවද? දරුවටත් කරදරයිනෙ. ඒ කීම පිළිගත් ඇය අමාරුවෙන් වුවත් පස්සට ගොස් නැවතත් අසීරුවෙන් රථය මැද්දට ආවාය.
‘ඇයි නෝනා ආයෙත් ඉස්සරහට එන්නෙ. වද දෙන්නෙ නැතුව පස්සට යන්නකො.’ ‘පස්සට තමයි මම ගියේ ඒ වුණත් චිත්‍රපටි බලන්න මට බෑ. අපි අාවේ බස්වල යන්න. නැතුව මේ විකාර බලන්න නොවෙයි.’
ඇයගේ කතාවෙන් පුදුම වූ කොන්දොස්තර තැන පිටුපස බැලීමේදී තරුණ ජෝඩුවක් පසුපස අසුනේ මුල්ලකට වී පෙම්සුව විඳින අයුරු දැක සිනාසෙමින් ඉදිරියට අාවේ ‘කලබල වෙන්න එපා නෝනා ඕව ඉතිං සාමාන්‍ය දේවල්’ යැයි කියමිනි.
මේ දර්ශනය දුටු කටකාර තරුණයෙක්ද ‘නෝනට බලන්න හොඳ නැති වෙයි මගේ හිතේ පොඩි දරුවෙක් ඉන්න නිසා වැඩිහිටියන්ට පමණක් නිසා අහක බලාගෙන යමු නෝනා.’
මේ කතාව ඇසුණ පෙම්වතුන් යුවළ අන්ද මන්ද වී උන්හිටිතැන්ද අමතකව සෙනඟ අතරින් ඉදිරියට ඇදී ඊළඟ නැවතුමේ දී බැස ගියේ කාගේත් උසුළු විසුළු සිනාහඬ මැදය.
කරුණාදාස සපුතන්ත්‍රි - නිකදළුපොත.
2025 ඔක්තෝබර් මස 08
1813
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1476
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බසය ඇතුළේ වැඩිහිටියන්ට පමණයි ලයිව් බයිස්කෝප්