IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බසය ඇතුලේ අනුකම්පාව භූමි කම්පාවට පෙරළේ

 

(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
කොළඹ සිට කතරගම බලා යන පෞද්ගලික බස් රථයකි. එය තංගල්ල බස් නැවතුම් පොළට පැමිණීමත් සමග කීප දෙනකු ඉන් බැසගිය අතර තවත් කීප දෙනෙක් බසයට ගොඩවූහ. ඒ අතර තරුණයන් දෙදෙනෙක්ද වූහ.
තංගල්ලේ සිට කිලෝමීටරයක් පමණ ගිය පසු එක් තරුණයෙක් කුඩා දරුවෙකුගේ ඡායාරූපයක් හා ලියකියවිලි කීපයක් පෙන්වමින් මගීන් අමතන්නට විය.


ඒ අතර තුර අනෙක් තරුණයා බසයේ පිටුපසට ගියේය.


තරුණයා මේ ඡායාරූපයේ ඉන්නේ මගේ නංගි හෘදයේ සිදුරක්. සැත්කමට ලක්ෂ 5 ක් යනව. මේ තියෙන්නේ වෛද්‍ය වාර්තා. මේවා හෘද රෝග විශේෂඥවරයාගේ පරීක්ෂණ වාර්තා. ග්‍රාමසේවා සහතිකය මේක. මගේ නංගිගේ ජීවිතය තිබෙන්නේ ඔබේ අතේ. නෝනා මහත් වරුණි අපට උදව්වක් කරන්න. ඔබලාට බුදු බව අත්වෙනවා. ඔහුගේ ඇස්වලින් කඳුළු කඩා නොහැලුණා පමණි. ඉතාම සංවේදී ලෙස මගීන් අමතා කතා කළේය. ඔහු ඉදිරි පස සිට පිටුපසටත් පිටුපසට ගිය තරුණයා ඉදිරියටත් මුදල් එකතු කරන්න සූදානම් විය.


එවිටම මැදිවියේ පුද්ගලයකු හිඳගෙන සිටි අසුනෙන් නැගිට බසයේ ඉදිරියට ගොස් කිසි කෙනෙක් සල්ලි දෙන්න එපා. මේ පට්ට හොරු දෙන්නෙක්. ඔය ළමයා මගේ ගමට අල්ලපු ගමේ. ළමයා මැරිල අවුරුද්දකටත් වැඩියි. ඩ්‍රැයිවර් මහත්තය අල්ලන්න බසය පොලීසියට යනුවෙන් මහහඬින් කියා ගෙන ගියේය.


දැන් බසයේ කාගෙත් අවධානය එම පුද්ගලයා වෙතය.


බසයේ රියදුරු මහතා මේ කලබැගෑනිය ඇසී බසයේ වේගය තරමක් අඩු කළේය.


ඒ සමගම තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉදිරිපස දොරෙන්ද අනෙක් තරුණයා පිටුපස දොරෙන්ද බසයෙන් පැන දුවන්නට වූහ.



අදහස් (0)

බසය ඇතුලේ අනුකම්පාව භූමි කම්පාවට පෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site