(හෝමාගම - එම්. හිරිපිටිය)
පාදුක්ක නගරයට ආසන්න විහාරස්ථානයක පසුගිය දිනක පින්කමකි. මෙම පින්කමට පාදුක්ක හා ඒ අවට පදිංචි අය අතර එක්තරා මැදි වියේ කාන්තාවක් ද පැමිණ ඇත. ඇය කාඞ්බෝඞ් පෙට්ටියක් රැුගෙන පැමිණ විහාරස්ථානය අසලින් තබා විහාරස්ථානයේ පින්කමට එක්වී ඇත.
මද වේලාවකින් බලූ පැටවුන්ගේ හඬන ශබ්දයක් අඛණ්ඩව ඇසීමට පටන් ගැනීමත් සමග පින්කමට පැමිණි කීප දෙනකු ඒ අවට විමසා බැලීමේ දී පෙට්ටියක් තුළින් එම ශබ්දය ඇසී ඒ අසලට ගොස් පෙට්ටිය විවෘත කිරීමේ දී බලූ පැටවුන් තිදෙනකු සිටිනු බව දැක ඇත. බලූ පැටවුන්ට අමතරව එම පෙට්ටියේ ජාතික හැඳුනුම්පතක් හා බැංකු පොතක් තිබී එය විහාරාධිපති හිමියන්ට ලබා දී තිබේ. බලූ පැටවුන් දමා ගෙන ආ පෙට්ටියේ තමන්ගේ හැඳුනුම්පත හා බැංකු පොත එහි වැටී ඇති බව නොදන්නා මෙම කාන්තාවට විහාරස්ථානයේ සිට නිවසට පැමිණ මද වේලාවකින් විහාරාධිපති හිමියන්ගේ පණිවිඩයක් ලැබී තිබේ. ඒ විහාරස්ථානයට පැමිණෙන ලෙසට පණිවිඩය ලැබුණු විගස වහා පැමිණි කාන්තාවට විහාරාධිපති හිමියන් ”ආ... උපාසක අම්මේ අර විහාරස්ථානය ළඟ බලූ පැටවු දමා ගිය පෙට්ටියේ උපාසක අම්මාගේ හැඳුනුම්පතයි බැංකු පොතයි තිබුණා. මේ දෙකත් එක්ක අර බලූ පැටවුන් ටිකත් රැගෙන යන්න” කියා පැවසූ විට ”අනේ හාමුදුරුවනේ මට සමා වෙන්න” කියා බලූ පැටවුන් තිදෙනාත් රැුගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බලූපැටවුන් දමා පන්සලට ගෙනා පෙට්ටියේ කාන්තා හැඳුනුම්පතක්
කාන් Monday, 05 January 2015 08:30 AM
ඔයාගේ අදහස නම් සහතික ඇත්ත කුසල්. (ස)
ඉසුරන්දි Monday, 05 January 2015 08:33 AM
ඒ මනුස්සයට තුන් දෙනෙකුගේ බරක් කරගහන්න තරම් වත්කමක් නැතුව ඇති.(නදී)
සුනිල් Monday, 05 January 2015 08:43 PM
රට ජාතිය බේරාගන්නවා කියලා කෑගහපු උපාසක මහත්තයෙකුත් හිටියා. දැන් එයත් යන්න ගිහින්. (නි)
යොමාල් Monday, 05 January 2015 11:33 PM
හොඳ වැඩේ ඒ කාන්තාවට (නි)
කුසල් Monday, 05 January 2015 02:19 AM
සිල් ගන්න, නිතර පින්කම් කරන බහුතරයකගෙ තත්ත්වය ඕක තමයි. අපායේ යන්න බයේ පින්කම් කළාට හිතේ කිසි ශ්‍රද්ධාවක් නැහැ. (නි)
සම්පත් Monday, 05 January 2015 09:47 AM
මේ හැමෝටම "උපාසක අම්මා" කියන එක නවත්තන්න ඕනේ. (හේ)
මාධවී Tuesday, 06 January 2015 11:45 PM
ගොඩක් කට්ටිය ඉන්න නිසා කැමති කෙනෙක් රැගෙන යාවි කියලා හිතන්න ඇති. (නි)
සමන්ති Wednesday, 07 January 2015 12:34 AM
සමහර පුරාණ පන්සල් තිබියදී එම ස්ථාන අසළම තවත් ආගමික ස්ථාන හදනවා. අර පන්සල වහන්න වෙන විදියට මිනිසුන් මුලාකරමින් මිනිසුන්ගේ මුදල් සහ භක්තිය සුරාකන්න කටයුතු කරනවා. පුරාණ පන්සලේ තිබුන නිදහස් බව අලුත් තැන විඳිය නොහැකි බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ (නි)
සරත් පර්ත් Monday, 05 January 2015 03:50 AM
වැඩිදෙනක් පන්සලට ගිහින් බණ අහලා ඒ බණ පන්සල ඇතුළෙම තියලා කගේහරි ඕපාදුපයක් දොඩවමින් ගෙදර යනවා (නි)
රෝහිණී Wednesday, 07 January 2015 03:23 AM
අපේ ගෙදරට පසුපස ගෙදර උදවියත් සිල් ගන්නවා. ඊටපස්සේ අසල්වැසියන්ට හිරිහැර කරනවා (නි)