(මිරිස්ස - සුනිල් ධර්මබන්දු ද සිල්වා)
පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි.
කාන්තාව 24 හැවිරිදිය. පුරුෂයා 37 හැවිරිදිය. ඔහු රියැදුරු රැකියාවේ යෙදෙන්නෙකි. අනියම් පුරුෂයා රැකියා විරහිත අයෙකි. කාන්තාව පුරුෂයාට නොදැනෙන්නට කලක සිටම ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.
සිද්ධිය වූ රාත්‍රියේ පුරුෂයා, කාන්තාව හා දරු දෙදෙනාට නින්ද ගොස් සිටියදී අලුයම් 2.20ට පමණ පුරුෂයා නින්දෙන් අවදිව ඇත. කාන්තාව ඇඳේ නොසිටි නිසා ඔහු කලබලයට පත්ව එළිවෙනතුරා කාන්තාව සොයා අන්තිමේදී වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව කරන ලද විමර්ශනයේදී කාන්තාව අනියම් පුරුෂයාගේ නිවෙසේ සිටියදී පොලිසියට කැඳවාගෙන විත් ඇත.
ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා විසින් කාන්තාව, පුරුෂයා හා අනියම් පුරුෂයා සමග සාකච්ඡා කොට නැවත වරක් කාන්තාව හා සැමියා එකතු කිරීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නැත.
කාන්තාව එක හෙලාම කියා ඇත්තේ තමන්ට අනියම් පුරුෂයා සමග යාමට අවශ්‍ය බවයි. අනියම් පුරුෂයාද ඇය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
මෙම කතාබහට සවන්දී සිටි පුරුෂයා කාන්තාව අනියම් පුරුෂයාට බාරදීමට කැමැත්ත ප්‍රකාශ කර දරු දෙදෙනා තමන් බාර ගන්නා බව පවසා ඇත.
අවසානයේදී කාන්තාව අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිටවී ගිය අතර පුරුෂයා දරු දෙදෙනා සමග පිටවී ගියේ ඉදිරියේදී දික්කසාද නඩුවක් පවරා බිරිඳගෙන් අයින් වෙන බව පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉතින්, ඉන්න බෑ කියනවනම් මොන එහෙකටද බලෙන් තියාගෙන ඉන්නේ.
ඔය කාන්තාව ඔය මිනිහවත් දාල යනවා අනිවාර්යෙන්ම
අනේ දෙයියනේ අර දරුපැට්ව් දෙන්නා... අම්මගේ ආදරේ ළමයින්ට කොච්චර වටිනවාද? මේවගේ ගැහැණුන්ට කවදාවත් මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්න එපා...
දරු දුක දන්නා පිය වරුන්ට සොබා දහමේ පිහිට ලැබේවා.!!!
මෙම දරුවන්ගේ පියා ගෙන ඇත්තේ හොද තීරණයකි. ඇනකොටාගෙන ජිවිත හානිවලින් කෙලවර වෙන මෙවැනි සිදුවීම් වලට මෙම පුරුෂයා හොද ආදර්ශයක් දී ඇත. ඔබව සහ දරුවන් සොබාදර්මය විසින් රකිනු ඇත.