IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බිරිය වන්දනාවේ ගිය පසු සැමියාගෙන් බල්ලාට අපූරු සංග්‍රහයක්

(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
වන්දනා ගමනක් ගිය බිරියගේ දුරකතන පණිවුඩය එද්දී සූර්වී සිටි සැමියකු දැක් වූ අපූරු ප්‍රතිචාරයක් පිළිබඳව මාවතගමින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


වයඹ පළාතේ එක්තරා නිවසක සැමියකු හා බිරිය සාමයෙන් සතුටින් ජීවත්  වූ අතර ඔවුන්ගේ දුකට සැපට දෙකටම සිටියේ ආදරයෙන් ඇති දැඩි කළ බල්ලා පමණි.


බිරිය බල්ලාට කෑම වේල අඩුවක් නැතිව දුන්නේය. එක් දිනක් බිරිය වන්දනාවේ ගියාය. නිතර සැමියාට දුරකතනයෙන් කතා කළ ඇය කෑම බීම ගැන විපරම් කළාය.


“හරි ඔක්කොම හරි හොඳට වැඳගන්න. ඒවා ගැන හිතන්න එපා”


බිරියගෙන් වෙන්ව සැනසුම අපේක්‍ෂා කළ සැමියා ලද නිදහසින් සතුටට පත්ව බෝතලයක් ගෙදරටම ගෙනැවිත් හොඳින් සප්පායම් වූයේය.


එදින රාත්‍රි ආහාරයට පෙති පාන් රාත්තලක් ගෙනා ඔහු මාළු මිරිස් හොද්දක් ද සාදා ගත්තේය.


රාත්‍රි එළඹි පැය දෙක තුනක් ගතවෙද්දී බිරියගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය.


මේ ඔයා රෑට කෑව ද? අනේ කන දෙයක් අමතක නොකර බල්ලාටත් දෙන්න” තම බිරියගේ ඉල්ලීම අකුරටම ඔහු පිළිපැදීය.


වන්දනා නඩය ආපසු පැමිණියේ සිතුවාටත් වඩා කලින් බිරිඳ ගෙට ගොඩවිය. ඈට දක්නට ලැබුණේ පිඟානකට දමන ලද පාන්පෙති දෙකක් හා පීරිසියකට දෙන ලද මාළු මිරිස් කරලක් හා හොදි ස්වල්පයක් බල්ලා අසල තබා ඇති අයුරුය. බල්ලා නිහඬව ඒ දෙස බලා සිටියේය. සැමියා හොඳටම සූර්වි පුටුවක නිදා සිටින අයුරු දකින්නට ලැබුණි. සැමියා බල්ලාට කළ අපූරු සංග්‍රහය පිළිබඳව බිරියගේ කෝපය ඉහවහා ගියේය.

 



අදහස් (0)

බිරිය වන්දනාවේ ගිය පසු සැමියාගෙන් බල්ලාට අපූරු සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site