සියනෑවේ දේවාලයකි. මෙම දේවාලයේ කපුවකු නැත. බැතිමත්හු වැල නොකැඩී එහි පැමිණෙති. බාර හාර වෙති. යමක් ඉටුවූ පසුව දේවාලයට ගොස් බාර වූ දෙය දෙවියන්ට පුදා ඉතිරිය එහි පැමිණියවුන්ට බෙදා හදාදීම සිරිතය.
නොබෝදා තම බාරයක් ඔප්පු කිරීමට වැඩිහිටි කතක් පැමිණියාය.
ඇය දේවාලයට නිර්මාංශ බත්මුල් පහළොවක් පිදීමට බාරයක් වී ඇත. ඇය දෙවියන්ට වූ පොරොන්දුව පරිදි බත්මුල් දහසයක්ම ගෙනවුත් එකක් දෙවියන්ට පිදීමට ගියේ ඉතිරි බත්මුල් සුදුසු තැනෙක ආරක්ෂිතව තබමිනි.
දෙවියන්ට බත්මුල පූජා කර ඉතිරි බත්මුල් දෙවියන්ට පින් පතා එහි සිටියවුන්ට බෙදාදීම ඇගේ අරමුණය.
ඇය බත්මුල් දේව පාමුල පූජාකොට ඉතිරි බත් මුල් තිබූ තැනට පැමිණියාය.
ඒවා එහි නොවීය. කවුදෝ බත්මුල් උස්සලාය.
දෙවියනේ.... දෙවියන්ට වූ බාරය ඔප්පු කළා... බෙදන්නට ගෙනා බත්මුල් හොරු අරගෙන. හොරු කෑවත් ඒ පින් ඔබවහන්සේට ලැබේවා.... යි දේවපාමුල දුක කියා ඇය පිටව ගියාය.
(දූනගහ බටේපොල විජයසිරි)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බාරය ඔප්පු කරන්න ගෙනා බත්මුල් දෙයියන්ටත් හොරෙන් උස්සලා