IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බයිසිකලේ ගෙදර තියා ඇවිත් නගරය පුරා හොයලා

ඔහු නගරයට ගියේය. යතුරු පැදිය නැතිවිය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගියේය.

ඔහු නිතරම සෑම ගමනක් බිමනක්ම යතුරු පැදියෙන් යන්නෙකි. ඔහු පසුගිය සති අන්තයේ නගරයට ගියේ බසයෙනි.

නගරයේ සිය අවශ්‍යතා ඉටුකරගත් ඔහු තමන් පුරුදු පරිදි යතුරු පැදිය නවතන ස්ථානයට ආයේය. යතුරුපැදිය එහි නැත. සාක්කුවට අත දමා බැලූවත් යතුරද නැත. ඔහුගේ හිස ගිනි ගත්තේය. අලූත් යතුරුපැදිය මිලට ගෙන මාස දෙක තුනකි.

ඔහු දැඩි කල්පනාවෙන් සිටියදී මිතුරෙක් හමුවිය. මිතුරාට සිද්ධිය කීවේය. පොලිසියට පැමිණිල්ලක් කරන්නැයි මිතුරා උපදෙස් දුන්නේය. ඔහු පොලීසියට පියමං කළේය. දන්නා හඳුනන පොලිස් නිලධාරියකුට සිද්ධිය කීවේය.

මෝටර් සයිකලේ වර්ගය හා අංකය පොලිස් නිලධාරියා විමසීය. එහි වර්ගය කිව්වත් අංකය කියන්නට ඔහුට මතක තිබුණේ නැත. ඔහු කළේ නිවෙසට දුර ඇමතුමක් ගැනීමය. අනේ බයිසිකලේ නොම්මරය කියන්නකෝ. ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේය. ඒ මොකටදැයි බිරිය විමසුවාය. යතුරුපැදිය නැතිවූ පුවත ඔහු බිරියට කීවේය.

අනේ, අනේ... බයිසිකලේ මේ ගෙදර තියෙන්නේ. ඔයා අද බස් එකේනේ ටවුන් ගියේ. ඇය එහුට කියද්දී සියල්ල යළි සිහිපත් කළ හෙතෙම පොලිස් නිලධාරියාට ”වැරදීමක් වුණා.” කියා නිවෙස බලා පියනැගීය. ඔහු සියනෑවේ වැසියෙකි.



අදහස් (0)

බයිසිකලේ ගෙදර තියා ඇවිත් නගරය පුරා හොයලා

මුදිත Wednesday, 12 March 2014 10:22 AM

පිස්සු කෙනෙක්. ගෙදර අයවත් ඔහොම අමතක වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජානක Sunday, 16 March 2014 01:47 PM

සමාජයේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් (දී)

:       0       0

ජගත් සෞදි Sunday, 16 March 2014 01:47 PM

රටේ ප්‍රසිද්ද මානසික වෛද්‍ය වරෙක් දවසක් ගාල්ලේදී ඔහොම කරදරයක් වුනා . ඔහුගෙ කාර් නවත්තපු තැන අමතක වී (දී)

:       0       0

ගමගේ Wednesday, 12 March 2014 10:30 PM

මේක විහිළුවක් නොවේ. අද කලේ ගොඩක් අයට තියෙන ලෙඩක්. ඒකට බෙහෙත් ගන්න ඕනේ. ඒත් මිනිස්සු කැමති නෑ ඇත්ත පිලී ගන්න.(නදී)

:       0       0

පිටිගල Wednesday, 12 March 2014 12:02 PM

තව පොඩ්ඩෙන් සියනෑවෙ වැසියාට සියතින්ම නා ගන්න වෙනවා!(දී)

:       0       0

සදුපමා Wednesday, 12 March 2014 12:06 PM

මෙයාව හොද දොස්තර කෙනෙක්ට පෙන්නන්න (දී)

:       0       0

නිරුවන් Friday, 14 March 2014 10:06 AM

මොනවා උනත් හිනා වෙන්න හොදයි (දිල්)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 13 March 2014 08:54 AM

අපෝ ඔවැනි දේවල් කටත් වෙනවා. ඕකට කියන්නේ ටෙම්පරරි මෙමරි ලොස් කියල. සමහර වෙලාවට කාපු පිඟාන හෝදලා ශීතකරනෙට දාන වෙලාවල් තියෙනවා. යම් දෙයක් නිතර නිතර කරනකොට පුරුද්දට යාම නිසයි එහෙම වෙන්නේ. (අ)

:       0       0

සරත් Wednesday, 12 March 2014 02:14 PM

ඕව ඔහොම තම. මම නාන්න ගිය දවසක් සබන් කෑල්ල කියලා ෆෝන් එක අරගෙන. (දී)

:       0       0

ජනකී Thursday, 13 March 2014 12:04 PM

අනේ මට හිනා යනවා ,(අ)

:       0       0

රවිඳු Wednesday, 12 March 2014 03:54 PM

මේක නම් විස්වාස කරන්න බැහැ . අඩු ගානේ හෙල්මට් එකවත් තියෙන්න එපයි මෝටර් සයිකලේ ආවා කියල හිතනකොට. (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 15 March 2014 10:10 PM

එදා බීලා වැඩිවුණා මනුස්සයාට බයිසිකලේ හොයා දුන්නෙත් පොලිසියෙන් නේද?මේ එයාමද?(දී)

:       0       0

මලිත් Wednesday, 12 March 2014 04:05 PM

මේක මහා විහිලු කතාවක් වගේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 13 March 2014 04:18 PM

ණයක් ගත්තු මිනිහෙක්ට හැදෙන්න ඕන හොදම ලෙඩේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 07:23 PM

පුදුම අමතක වීමක්නේ එක.යතුර හොයද්දීවත් මතක් උනේ නැද්ද අනේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site