සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත. මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය. මනාලියද එය අතට ගෙන බලා මේ මොන මගුලක්ද ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්න මිනිහෙක් එක්කද මම ආවේ කියමින් ගෙදර එකම ගාලගොට්ටියක් විය. ලිපියේ ලියා තිබුණේ ආදර වස්තුවේ ඔයා බැන්දට මගේ තරහක් නැහැ. හැබැයි මාවයි දරුවයි බලාගන්න වුණ පොරොන්දුව නම් කඩ කරන්න එපා. මෙයට ඔබේ සදාදර ලතා යනුවෙනි. මෙය සුනිල්ගේ යහළුවන් කළ ඇස් රතුවන නොමනා විහිළුවක් බව තේරුම් කර දීමට වැඩිහිටියන් මහත් උත්සාහයක් දැරූ අතර මගුල් ගෙදර මෙතෙක් පැවැති සතුට සන්තෝසය නැත්තටම නැතිවී ගොස් ඇති බව දක්නට ලැබිණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ වැඩ වලට හොඳයි කියන මෝඩයොත් ඉන්නවනේ හැබෑට ඈ....(ස)
මේ වගේ යාළුවෝ ආශ්‍රයටත් හොඳ නෑ..... (ස.වි)
මගේ ගාණ තවම ලැබුනේ නැහැ
මේ වැඩ වලින් මම තමයි කපෝති වෙන්නේ.
පිස්සුද මන්දා (අ)
අනේ මෙහෙමත් මනමාලියෝ.. ඔය පොඩි විහිළුවවත් තේරැම් ගන්න බැරිද? ඕවගේ දේව්ල් වලින් තමන්ගෙ සැබෑ ස්වරෑපය පෙනෙනවා...
ඇති ඔයින් ගියා.....
ඔවැනි විහිළු හොද නැහැ.ජීවිත හානි පවා විය හැකියි නේද? (නි)
මේක හොද විහිළුවක් නෙමෙයි..
පව් වැඩේ...පවුල් කඩාකප්පල් වෙන විහිළු කරන්න හොඳ නෑ.....
අනේ මනුෂ්සයෝ මේවා විහිළුද? මේවගේ දේවල්කරන්න එපා කියන එක තමා මගේ ඉල්ලීම (අ)
සීන් එකනම් නියමයි. නමුත් වැඩේ කැතයි.
මේවගේ වැදගත් දවසක ඇස් රතුවන විහිළු කරන්න හොද නැහැ.. ඒ පවුලේ අනාගතයට කුමක් වේවිද?
කවුරු නමුත් හොඳට මොළේ තියෙන කෙනෙක් කරලා තියෙන්නේ.පින්නට එහෙම යන්න එපා.මොළේ පෙගෙයි. (නි)
වැඩේ නරකයි. (නි)
මෝඩයන් ඇසුරෙන් වලකින්න පින්වත .
යාළුවාගේ වැඩෙත් කැතයි.මනමාලිගේ වැඩෙත් කැතයි. මොළේ කළඳක්වත් නැද්ද ඇත්තට ඔහේලට?
බල්ලොත් එක්ක බෑ .........
අපේ ගෙවල් කිට්ටුව ඉන්න සුනිලුත් ගිය ඉරිදා කසාද බැන්දා. දැන් මේ පත්තරේ තියෙන කතාව දැකල මිනිහත් අප්සෙට් ගහලා. මේක උනේ මගේ මගුලේ නෙවෙයි කිය කියා තැන තැන ඇවිදිනවා. ඇයි ඉතින් මේ විස්තරේ ගැන නම සදහන් කලාට ගම සදහන් කරලා නැහැනේ.
තමන්ගේ යාලුවට වඩා අලුතෙන් කැන්දාගෙන ආ කෙනා ගැන අවබෝඅධයක් නෙතිව කරපු විහිලුව භයානකයි .
ඒක හොද අදහසක් (ත)
මෙවැනි විහිළු වලින් කඩාකප්පල් වුණු පවුල් ජීවිත දික්කසාදයෙන් කෙළවර වූ අවස්ථා අනන්තවත් තිබෙනවා.
යෝජනාවකින් සිද්ධ වූ කසාදයක් නිසා මනාලියට තරහ එන එක සාධාරණයි. (අ)
මනමාලි පළවෙනි පරීක්ෂණයෙන් ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?
මනමාලි පළවෙනි ටෙස්ට් එකෙන්ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?
පාලිත මහත්තයා හරි. U.A.E කොල්ලටත් ඔහොම දෙයක් වෙන්නයි තිබුණේ වැඩේ කොහොමද බලන්න.
කලබල නොවී හොද සංයමයකින් විසදා ගත්තා නම්......... (නි)
ඇයි වෙනදට සද්දේ ඇහිලම නැද්ද ???? (සවි )
මගෙ අදහස නම් මෙය ඉතාම කාලෝචිත අදට ගැලපෙන විහිලුවක් බවයි. මෙය මනාලියගෙ දැනුම සහ දරාගැනීමේ ශක්තිය මැනගන්න කළ යුතුම පරීක්ෂණයක්.
අනේ පවු .
ඔව් ඔව් දැං කාලෙ ලංකාවෙ අය ඕන නැති විහිළු කරල එයාලා සතුටුවෙනවා වැඩියි..පව් වැඩේ මේ බැදපු කොලුවා..
මරු විහිළුව. හී හී හී හී හී හී හී හී හූ.................
සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි........... සුනිල් එහෙම උනාට සුනිල්ට ඉඳල තියෙන්නෙ පාප මිත්‍රයො විතරක්නෙ... මෙහෙම විහිළුත් කරන යාළුවො ඉන්නවද??
මේ අය යාලුවෝ ද යාලු වෙසින් ඉන්න සතුරෝද
එපාමකරපු යාලුවෝ පිරිසක්...
ඇස් රතුවන විහිළු පව් ඒ කොලුවා..!!(නු)
ආ......................
මේක නම් පොඩි විහිළුවක් විතරයි. දැන් ලියුම් ලිය ලිය ඉන්න කාලයක් ද? ඒකවත් තේරැම් ගන්න බැරි මනාලිය හා වැඩිහිටියෝ... ඒ ගනු කෙනාට මගුල කඩාකප්පල් කරන්න ඕන නම් දරැවොත් එක්ක එතනටම ඇවිල්ල හිදියි. ඇත්තටම බැදපු කෙනෙක් දෙවෙනි කසාදේ කරගෙන හෝටලෙන් ගෙදරට එනකොට පැරණි ගැහැණු කෙනා පොලීසිය එක්ක හිටිය කතාව දන්නව නේද අපේ සහෝදරයෝ ටික.... (දී)
මේ වගේ දෙයක් මටත් වුනා. මගුල් ගෙදර අවසන් වී හනිමුන්යන දවසේ නිදාගන්න ඇද යට සීනුවක් එල්ලලා. පස්සේ බැරිම තැන බිම තමයි නිදිය ගත්තේ.