IMG-LOGO

බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා

සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත. මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය. මනාලියද එය අතට ගෙන බලා මේ මොන මගුලක්ද ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්න මිනිහෙක් එක්කද මම ආවේ කියමින් ගෙදර එකම ගාලගොට්ටියක් විය. ලිපියේ ලියා තිබුණේ ආදර වස්තුවේ ඔයා බැන්දට මගේ තරහක් නැහැ. හැබැයි මාවයි දරුවයි බලාගන්න වුණ පොරොන්දුව නම් කඩ කරන්න එපා. මෙයට ඔබේ සදාදර ලතා යනුවෙනි. මෙය සුනිල්ගේ යහළුවන් කළ ඇස් රතුවන නොමනා විහිළුවක් බව තේරුම් කර දීමට වැඩිහිටියන් මහත් උත්සාහයක් දැරූ අතර මගුල් ගෙදර මෙතෙක් පැවැති සතුට සන්තෝසය නැත්තටම නැතිවී ගොස් ඇති බව දක්නට ලැබිණි.



අදහස් (0)

බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා

සැන්ඩෝ Friday, 27 July 2012 10:56 AM

මේ වගේ මෝඩ වැඩ වලට හොඳයි කියන මෝඩයොත් ඉන්නවනේ හැබෑට ඈ....(ස)

:       0       0

ලලිත් Saturday, 21 July 2012 11:12 AM

මේ වගේ යාළුවෝ ආශ්‍රයටත් හොඳ නෑ..... (ස.වි)

:       0       0

කපුවා Thursday, 19 July 2012 09:07 PM

මගේ ගාණ තවම ලැබුනේ නැහැ

:       0       0

කපුවා Thursday, 19 July 2012 03:06 PM

මේ වැඩ වලින් මම තමයි කපෝති වෙන්නේ.

:       0       0

ස්වීටි Friday, 20 July 2012 08:12 PM

පිස්සුද මන්දා (අ)

:       0       0

යූ.ඒ.ඊ. කොල්ලා Thursday, 19 July 2012 10:49 AM

අනේ මෙහෙමත් මනමාලියෝ.. ඔය පොඩි විහිළුවවත් තේරැම් ගන්න බැරිද? ඕවගේ දේව්ල් වලින් තමන්ගෙ සැබෑ ස්වරෑපය පෙනෙනවා...

:       0       0

ලක්මාල් Thursday, 19 July 2012 10:49 AM

ඇති ඔයින් ගියා.....

:       0       0

ගිහාන් Friday, 20 July 2012 11:27 AM

ඔවැනි විහිළු හොද නැහැ.ජීවිත හානි පවා විය හැකියි නේද? (නි)

:       0       0

හිරන් Thursday, 19 July 2012 10:56 AM

මේක හොද විහිළුවක් නෙමෙයි..

:       0       0

ශෂීමාල් Thursday, 19 July 2012 02:58 PM

පව් වැඩේ...පවුල් කඩාකප්පල් වෙන විහිළු කරන්න හොඳ නෑ.....

:       0       0

akila dulaj Friday, 20 July 2012 09:22 PM

අනේ මනුෂ්සයෝ මේවා විහිළුද? මේවගේ දේවල්කරන්න එපා කියන එක තමා මගේ ඉල්ලීම (අ)

:       0       0

ෆෙරාර් Sunday, 22 July 2012 05:23 PM

සීන් එකනම් නියමයි. නමුත් වැඩේ කැතයි.

:       0       0

පාලිත මාලදිවයින Thursday, 19 July 2012 11:08 AM

මේවගේ වැදගත් දවසක ඇස් රතුවන විහිළු කරන්න හොද නැහැ.. ඒ පවුලේ අනාගතයට කුමක් වේවිද?

:       0       0

නිලු Sunday, 22 July 2012 06:32 AM

කවුරු නමුත් හොඳට මොළේ තියෙන කෙනෙක් කරලා තියෙන්නේ.පින්නට එහෙම යන්න එපා.මොළේ පෙගෙයි. (නි)

:       0       0

උපුල් Sunday, 22 July 2012 06:02 PM

වැඩේ නරකයි. (නි)

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:32 PM

මෝඩයන් ඇසුරෙන් වලකින්න පින්වත .

:       0       0

සහන් Thursday, 19 July 2012 11:51 PM

යාළුවාගේ වැඩෙත් කැතයි.මනමාලිගේ වැඩෙත් කැතයි. මොළේ කළඳක්වත් නැද්ද ඇත්තට ඔහේලට?

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:51 PM

බල්ලොත් එක්ක බෑ .........

:       0       0

සිංහබාහු Thursday, 19 July 2012 03:31 PM

අපේ ගෙවල් කිට්ටුව ඉන්න සුනිලුත් ගිය ඉරිදා කසාද බැන්දා. දැන් මේ පත්තරේ තියෙන කතාව දැකල මිනිහත් අප්සෙට් ගහලා. මේක උනේ මගේ මගුලේ නෙවෙයි කිය කියා තැන තැන ඇවිදිනවා. ඇයි ඉතින් මේ විස්තරේ ගැන නම සදහන් කලාට ගම සදහන් කරලා නැහැනේ.

:       0       0

පොතේගුරා Thursday, 19 July 2012 11:33 AM

තමන්ගේ යාලුවට වඩා අලුතෙන් කැන්දාගෙන ආ කෙනා ගැන අවබෝඅධයක් නෙතිව කරපු විහිලුව භයානකයි .

:       0       0

නීලවංශ බණ්ඩාර Sunday, 22 July 2012 08:15 AM

ඒක හොද අදහසක් (ත)

:       0       0

සුභාෂිණි Thursday, 19 July 2012 11:02 AM

මෙවැනි විහිළු වලින් කඩාකප්පල් වුණු පවුල් ජීවිත දික්කසාදයෙන් කෙළවර වූ අවස්ථා අනන්තවත් තිබෙනවා.

:       0       0

nisansala Saturday, 21 July 2012 02:19 PM

යෝජනාවකින් සිද්ධ වූ කසාදයක් නිසා මනාලියට තරහ එන එක සාධාරණයි. (අ)

:       0       0

ලලිත් Friday, 20 July 2012 01:41 AM

මනමාලි පළවෙනි පරීක්ෂණයෙන් ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?

:       0       0

ලලිත් Friday, 20 July 2012 01:42 AM

මනමාලි පළවෙනි ටෙස්ට් එකෙන්ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?

:       0       0

සජී Thursday, 19 July 2012 11:19 AM

පාලිත මහත්තයා හරි. U.A.E කොල්ලටත් ඔහොම දෙයක් වෙන්නයි තිබුණේ වැඩේ කොහොමද බලන්න.

:       0       0

ශානක Friday, 20 July 2012 01:41 PM

කලබල නොවී හොද සංයමයකින් විසදා ගත්තා නම්......... (නි)

:       0       0

චතුර Friday, 20 July 2012 02:37 PM

ඇයි වෙනදට සද්දේ ඇහිලම නැද්ද ???? (සවි )

:       0       0

තිලක් Friday, 20 July 2012 07:39 AM

මගෙ අදහස නම්‍ මෙය ඉතාම කාලෝචිත අදට ගැලපෙන විහිලුවක් බවයි. මෙය මනාලියගෙ දැනුම සහ දරාගැනීමේ ශක්තිය මැනගන්න කළ යුතුම පරීක්ෂණයක්.

:       0       0

නිශ Sunday, 22 July 2012 11:05 AM

අනේ පවු .

:       0       0

පිලිපිනෝ Thursday, 19 July 2012 12:39 PM

ඔව් ඔව් දැං කාලෙ ලංකාවෙ අය ඕන නැති විහිළු කරල එයාලා සතුටුවෙනවා වැඩියි..පව් වැඩේ මේ බැදපු කොලුවා..

:       0       0

සේනානායක Friday, 20 July 2012 08:30 AM

මරු විහිළුව. හී හී හී හී හී හී හී හී හූ.................

:       0       0

සහෘදයා Thursday, 19 July 2012 06:02 PM

සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි........... සුනිල් එහෙම උනාට සුනිල්ට ඉඳල තියෙන්නෙ පාප මිත්‍රයො විතරක්නෙ... මෙහෙම විහිළුත් කරන යාළුවො ඉන්නවද??

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 07:23 PM

මේ අය යාලුවෝ ද යාලු වෙසින් ඉන්න සතුරෝද

:       0       0

රොෂාන් ඩුබායි Thursday, 19 July 2012 07:04 PM

එපාමකරපු යාලුවෝ පිරිසක්...

:       0       0

ඒ.ජේ.එස්. ජයකොඩි Tuesday, 24 July 2012 11:38 PM

ඇස් රතුවන විහිළු පව් ඒ කොලුවා..!!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 20 July 2012 09:55 AM

ආ......................

:       0       0

බෙන් ටෙන් Friday, 20 July 2012 05:34 PM

මේක නම් පොඩි විහිළුවක් විතරයි. දැන් ලියුම් ලිය ලිය ඉන්න කාලයක් ද? ඒකවත් තේරැම් ගන්න බැරි මනාලිය හා වැඩි‍හි‍ටියෝ... ඒ ගනු කෙනාට මගුල කඩාකප්පල් කරන්න ඕන නම් දරැවොත් එක්ක එතනටම ඇවිල්ල හිදියි. ඇත්තටම බැදපු කෙනෙක් දෙවෙනි කසාදේ කරගෙන හෝටලෙන් ගෙදරට එනකොට පැරණි ගැහැණු කෙනා පොලීසිය එක්ක හිටිය කතාව දන්නව නේද අපේ සහෝදරයෝ ටික.... (දී)

:       0       0

අලිබබා Thursday, 19 July 2012 08:27 PM

මේ වගේ දෙයක් මටත් වුනා. මගුල් ගෙදර අවසන් වී හනිමුන්යන දවසේ නිදාගන්න ඇද යට සීනුවක් එල්ලලා. පස්සේ බැරිම තැන බිම තමයි නිදිය ගත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site