IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බීඩියක් හිලව්වට දී මුඛ ආවරණයක් ණයට අරන්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මුඛ ආවරණයක් නොමැතිව ආයතනයකට ඇතුළුවීමට  නොහැකිව අතරමං වූ පුද්ගලයෙකු බීඩියක් හිලව් පිණිස දී වෙනත් අයෙකු පැළඳ සිටි මුඛ ආවරණයක් තාවකාලිකව ඉල්ලාගෙන එම ආයතනයට ඇතුළු වීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


ඇතුගල්පුරයට අයත් උපනගර සීමාවක පදිංචි පිරිසක් කොළොම්පුරවරයට රාජකාරිමය කටයුත්තකට ගොස් ඇත.


එදින රාත්‍රියේ එහි නවාතැන් ගත් පිරිසට හවස් යාමයේ මත් වතුර තොළ ගෑමේ අවශ්‍යතාවක් ඇති වුණි.


ඒ අනුව කණ්ඩායමෙන් මුදල් ඉල්ලාගෙන එක් අයෙකු අවට පිහිටි ‘‘සුපිරි වෙළෙඳසල’’ වෙතට පිය මැන්නේ අරක්කු බෝතලයක් ගෙන ඒම සඳහාය.


පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් මීටරයක දුර තබාගෙන අරක්කු ගැනීමට තිබූ දිගු පෝළිම අතරට ඔහුද එක් වුණි.


පෝළිමේ රැඳී සිට ඇතුළු වීමට උත්සාහ කළත් මුඛ ආවරණයක් පැළඳ නොමැති නිසා ආරක්ෂක අංශයේ සේවයේ රැඳී සිටි කාන්තාවක ඔහුට ඇතුළුවීමට ඉඩ දී නොමැත.


වහා පෝලිමෙන් ඉවත් වූ ඔහු අවට සිටි අයෙකුගේ පිහිට පැතීය.


‘‘අයියේ මට උදව්වක් කරන්න. රාත්‍රි නවයට ආසන්නයි. මම ඉන්න සේවා ස්ථානයට ගොස් ආපසු එනවිට බාර් එක වහනවා. මට අරක්කු බෝතලයක් ගන්න ඇතුළට යන්න තාවකාලිකව අයියාගේ මුඛ ආවරණය දෙන්න.’’


එලෙස ආයාචනය කළ තැනැත්තා අතේ බීඩි කිහිපයක් තිබෙනු දුටු මුඛ ආවරණ පැළඳ සිටි තරුණයා බීඩියක් දුන්නොත් මුඛ ආවරණය දෙන බවට පොරොන්දු විය.


අත තිබූ බීඩි අතරින් එකක් වහා ඔහුට දුන්නේය.


ඒ අනුව එම තැනැත්තාද බීඩිය අතට ගෙන මුඛ ආවරණය ඉල්ලූ තැනැත්තාට එය ගලවා දුන්නේය.


එය පැළඳ ගත් ඔහු සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් වහ වහා යළි පෝලිමට එක් වී අරක්කු බෝතලයක් මිලදී ගෙන පිටතට පැමිණියේය.


ඔයා නොහිටින්නට අද අපිට අඩියක් ගහන්න ලැබෙන්නේ නැහැ. කළ උදව්වට බොහොම ස්තුතියි කියා තාවකාලිකව පැළඳ සිටි මුඛ ආවරණය ගලවා එය හිමි තැනැත්තාට බාර දී ඔහු බෝතලයත් ගෙන පිම්මේ සේවා ස්ථානය වෙත ගියාලු.



අදහස් (1)

බීඩියක් හිලව්වට දී මුඛ ආවරණයක් ණයට අරන්

කමල් Friday, 26 June 2020 04:38 AM

බේබද්දන් ගැන කාලකන්නි කථාවක්. මොනවටද මේවා?

:       1       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site