බලංගොඩ ප්‍රදේශයේ රජයේ ආයතනයක සේවය කරන මැදිවියේ පුද්ගලයෙකි. මොහු සෑම දිනකම සේවය නිමකර නගරයේ මත්පැන් අලෙවිසලකට ගොස් කුඩා මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සිරිතකි.
මොහු මත්පැන් බොන්නේ කාටත් හොර රහසේය. දිනක් කුඩා මත්පැන් බෝතලය මිලදීගෙන එය පානය කිරීමට ස්ථානයක් නොමැතිව වටපිට බලා එක්තරා බැංකුවක කාඞ්පත් මගින් මුදල් ලබා ගන්නා කුටියක් තුළට ගොස් මත්පැන් බෝතලය මුවට හලා ගත්තේය. හත්තිලව්වයි. මේකේ කැමරා හයි කරලා තියෙනවා නේද? ඔහුට ඉබේටම කියැවිණි.
මේ දිනවල එක්තරා විද්‍යුත් රූපවාහිනී නාලිකාවක දවසේ වැරැද්ද නමැති වැඩසටහන ප්‍රචාරය වේ. මෙම රජයේ නිලධාරියාට මත්පැන් උගුරු ගැන දෙවියන් සිහිවූයේ සීසීටීවී කැමරා පද්ධතිය දුටු විටය. රූපවාහිනී නාලිකාවෙන් දවසේ වැරැද්දට මෙය පෙන්වුවහොත් ගෙදර බිරියගෙන් බැනුම් තමයි අහන්න වෙන්නේ. අනෙක මගේ ආයතනයේ යාළුවො ටික දැක්කොත් ඉඳලා ඉවරයි. එසේ සිතු ඔහු වහාම තම නිවස වෙත ගියේය. ඒ වනවිට බිරිය රාත්‍රි ආහාර සකස් කිරීම සඳහා මුළුතැන්ගෙයි වැඩ කටයුතු කරමින් සිටියාය. නිවසට ගිය ඔහු වහාම රූපවාහිනී යන්ත්‍රය පොළවේ ගැසුවේය.
මෙම ශබ්දය ඇසී බිරිඳ සාලයට දිව ආවාය.
පූසෙක් පැනලා දිව්වා. එතකොට ටීවී එක බිමට පෙරළුණා.
ඒකට කමක් නෑ. අපි හෙට අලුත් ටීවී එකක් ගේමු. ඔහු බිරියගේ සිත සැනසුවේය.
රූපවාහිනිය පොළවේ ගැසූ ඔහු සිතුවේ අදම මෙය දවසේ වැරැද්දට පෙන්වාවි කියාය. මක් නිසාද ඔහුගේ බිරියගේ දවසේ ප්‍රධාන රාජකාරිය වන්නේ රූපවාහිනිය නැරඹීමයි. ඔහු කළ වැරැද්ද බිරියගෙන් වසන් කිරීමට රූපවාහිනිය පොළවේ ගැසුවද එය එදිනම කෙසේ හෝ රූපවාහිනී නාලිකාවේ දවසේ වැරැද්ද වැඩ සටහනට පෙන්වා තිබිණ.
පසුදා ආයතනයේ සේවයට ගියවිට ඔහුට මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළුවලට ලක්වීමට සිදුවිය. කෙසේ වෙතත් එදිනම සේවය නිමකර සවස නිවසට ගියේ ගෙවීමේ පදනම මත නවතම රූපවාහිනියක් රැගෙනය. නමුත් ඒ වනවිට මෙම සිද්ධිය බිරියට ආරංචිවී තිබිණි. ඔයා ඊයේ මට ලොකු බොරුවක් කළේ.
බලන්න ටීවී එක පොළවේ ගහලා අලුත් එකක් ගේන්න වුණා නේද. ඔය ජරා බීම නතර කරානම් කිසි කරදරයක් වෙන්නේ නැහැනේ. බිරිය ඉතා ලෙන්ගතුව කීවාය.
(බලංගොඩ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අර ටීවී එක (නි)
ටී.වී එක පොළොවේ ගහුඅ එක නම් අපරාධයක්. (හේ)
දැන් ඉතින් මෝඩකම නිසා පාඩු කීයක්ද? (නි)
අලුත් රූපවාහිනියක් ගන්න ගිය සල්ලි වලින් කාලයක් බොන්නත් තිබුණා, පොඩ්ඩක් මොළය කල්පනා කළා නම් (නි)
හම්බ කරන්නේ තමන් නම්, බිවුවම කාටවත් කරදරයකුත් නැත්නම්, අැයි හැංගිලා බොන්නේ? (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
බැංකු වල කැමරා කරන දේවල් කොහොමද එළියට යන්නේ? එ්ක අපේ ආරක්ෂාවට තර්ජනයක්. අපේ බැංකු ගිණුම්වල රහස්‍යභාවයටද තර්ජනයක්. (නි)
බැංකු වල සීසීටීවී පටිගත වූ දර්ශන රූපවාහිනී චැනල් වලට දෙන්නේ කොයි බැංකුවද? (බ)
අනේ මෙහෙම ගොන් මෝඩ තකතිරුවෙක් ! (අ)