විවාහ මංගල්‍ය උත්සවයකදී චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීමට යාමේදී මනාලිය දැක්වූ අප‍්‍රසන්න ක‍්‍රියාකාරකම් නිසා කලකිරුණු මනාලයකු ඇය අතහැර යාමට තැත්කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. යෝජිත විවාහයක මේ මනාලයා ඉතා තැන්පත් ගුණයෙන් යුත් තැනැත්තකු වූ අතර මනාලිය කෙළිලොල් රූමතියක් වූවාය. පැමිණ සිටි ඥාතීන් පිළිගැනීමේ දී ඇය ස්ත‍්‍රී පුරුෂ භේදයක් හෝ වයස් භේදයක් නැතිව සිප වැළඳගැනීම ගැන උරණව සිටි මනාලයාගේ රතු ඉර පැන්නේ ඇය සංගීත රාවයට අනුව යහළු යෙහෙළියන් සමග ආලිංගන නැටුමක යෙදීම නිසාය. තමාට ද ඊට ආරාධනා කළත් එය දැඩිව ප‍්‍රතික්ෂේප කළ මනාලයාට ඇගෙන් සරදම් වචනද එල්ල විය.
මේ පිළිබඳව මනාලයා මවුපියන්ට කරුණු කීවත් ඔවුන්ගේ බලවත් ඉල්ලීම පරිදි අවසන් මොහොතේ මධුසමය ගත කිරීම සඳහා හෝටලයකට යාමට වාහනයට නැග්ගත් අතරමගදී ඇතිවූ වචන හුවමාරුවක් නිසා රියැදුරුට කියා වාහනය නැවැත්වූ ඔහු වෙනත් වාහනයකින් ගෙදර ගියේ මනාලියට ඕන ”තූත්තුකුඩියක යන්නැ”යි කියමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මනමාලි මට ගෙනත් දෙන්න. හණමිටි කාරයෝ (නදී)
කලින් මේවා හොයල බලල නැද්ද ? යෝජිත විවාහයකදී හතර අතේ හොයල බලනවා නේද ? පොත්තේ පාටට හරි දෑවද්දට හරි රැවටෙන්න ඇති. (නදී)
කේන්දර බලල නෙමේද කලේ? (නදී)
නියම මනමාලයෙක්. (ර)
මට පේන්නේ මේක මනමාලයාගේ දෙමව්පියන්ගේ උවමනාවට සිද්ධ වුන දෙයක් වගේ. (නදී)
සමාජයේ සිටින මිනිසුන්ගේ සිතුම් පැතුම් විශාල පරාසයක් තුල විහිදිලා තියනවා. එය අතිශය විවිදාකාරයි. එම අන්ත දෙක අතර තම අපි කවුරුත් සිටින්නේ. එහිදී පරාසය තුල තමා සිටින ස්ථානය අවබෝද කරගෙන එම ස්ථානය අසල සිටින කෙනෙක් ජීවිතයට ලං කරගන්න එක වටිනවා. මම හිතන්නේ ජෝතිශ්‍රය ආදී යෙන් කරන්නේ මේ දේ.. අනෙක අපි සමාජයේ පුද්ගලයෙක් හනමිටිකරුවකු හෝ රැඩිකලයකු ලෙස දකින්නේ, පරාසය තුල අපි සිටින ස්ථානයට සාපේක්ෂවයි. (නදී)
රීටා සම්බාහන ආයතනයක හිමිකාරියක් වගේ. රැකියාවක් දෙන්න වගෙයි අදහස. හොඳයි, හොඳයි.(නදී)
මනමාලය හරි (නදී)
මනමාලයා හරි. එහම කරපු එක දෙන්නටම හොඳයි. (ස)
දෙන්නෙක් ජීවත් වෙද්දී අදහස් තමයි වැදගත්. එහෙම උන එක හොඳයි (නදී)
මනාලයා මමනම් මදුසමය ඉවර වෙනකන් කොහොමහරි ඉවසගෙන ඉන්නවා. අපරාදේ චාන්ස් එක. (ස)
චන්ද කතා අහලා දැකල මනමාලයටත් එහෙම හිතෙන්න ඇති නාස්තිය දුෂණය...වංචාව, (අ)
ඉහත සඳහන් බහුතරයම පිරිමි පක්ෂයේ අය. මේ හැම කෙනාම මනාලියට තමා දොස් කියල තියෙන්නේ. මේකෙන් තේරෙනවා ලංකාවේ පිරිමින්ගේ මානසිකත්වය. හුඟක් පිරිමි හොඳට ගණිකාවෝ ඇසුරු කරලා පස්සේ ළඳ බොලඳ වැඩකාරකම් කරන්න පුළුවන් කෙල්ලෙක් හොයනවා මේක තමයි ආසියාවේ පිරිමින්ගේ හැටි (බ)
දැන් ලංකාවේ හැමතැනම ඩාන්ස්. පසුගිය අවුරුදු 20 තුළ කිසිම චාරයක් නැහැ (බ)
ඉස්සර මිනිස්සු කෙල්ලගේ ගෙදර පිළිකන්න පැත්තෙන් ගියේ සහ ඇගේ අම්මගේ චරිතේ බැලුවේ ඔය නිසා තමා. (ස)
මධු සමයේ සතුට විදින්න හිටපු මනමාලිට කරපු ලොකු අසාදාරනයක්. (නදී)
මේක මෙහෙම මදු සමයට කලින් ඉවර වූන එක ලොකු දෙයක් , මදු සමයට ගියානම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නේ , මේ කාන්තාවගේ හැසිරිමට , නොගැලපෙන දෙන්නෙක් ඔහොම ඉවරවූ එක හොඳයි , පස්සේ ජිවිත විනාශ කර නොගෙන.(හේ)
මෙලනිගේ ප්‍රකාශයට මමත් එකඟයි.(හේ)
අනේ මන්දා.? (ර)
බහුතරයක් කොල්ලෝ කැමති අහිංසක ලජ්ජා,බයට හැදිච්ච කෙල්ලන්ට. මේ මනමාලයා කරපුදේ 50%ක් හරි. අපරාදේ තිබ්බ චාන්ස් එකත් නැතිකරගත්තා. (නදී)
මේ මනමාලිය ඊළඟ ජනාධිපති තරඟයට පුරුදුවෙනවා වෙන්න ඇති. දකින දකින හැමෝම බදාගෙන සිපගන්න උදවිය මේ දවස් වල ඉන්නේ අර අතළොස්සේ විතරනේ. (නි)
ඉතා තැන්පත් ගුණයෙන් යුතු නම් යන්ඩ එපායැ මහණ වෙන්ඩ. ඇයි මීට කලින් මගුල් ගෙවල් වල ඩාන්ස් කරනවා දැකල නැද්ද? (නදී)
රුවන් ඔය කියන විදියේ මහිලාවෝ දැන් මිහිපිට ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. ලජ්ජා බය කෙසේ වෙතත් අද කාලයේ බවලතුන්ටත් රස්සාවක් නොකර ඉන්න බැරි තත්වයට ඇවිල්ලනේ. ඉතින් එලි පහලියට බහින්න සිද්ධ වෙනවා. (නදී)
මේක පත්තරෙන් ආපු යෝජනාවක් වෙන්න ඇති. නැතිනම් කපුවාගේ දත් සෙට් එක බඩට යැව්වා කියලත් මේකේ ලියවන්න ඉඩ තිබුනා. (ර)
පෙම් කැකුල පිපි එනවිට මහදේ එය පරව ගියා. මා හෙලා මේ දුක් අන්දකාරේ. (නදී)
යෝජිත විවාහයකදී වුනත් කඩිමුඩියේ පෝරුවට නගින්න යනවාට වැඩිය අඩු වශයෙන් මාස කිහිපයක්වත් එකිනෙකා හඳුනාගන්න ගත කිරීම උචිතයි කියල තමයි මගේ පුද්ගලික අදහස. මේ තැනැත්තිය කෙළිලොල් වුන එක නෙවෙයි වැරැද්ද. ඇගේ ගති ගුණ කලින් දැන ගැනීමට මනාලයාට උවමනාවක් හෝ අවස්ථාවක් නැති වෙන්න ඇති. කෙළිලොල් වීම මේ මනාලයාට හොඳ නැති වුනාට තව කෙනෙකුට ඒක අගය කල යුතු දෙයක් වෙන් පුළුවන්. සමහරු බලාපොරොත්තු වෙන්නේ සමාජශීලි භාර්යාවන්. ඒ නිසා මෙතන මනමාලියට විතරක් දොස් කියන්න බැහැ. කලින් කතා බහ කර දැන් අඳුන ගත්ත නම් ඇගේ මේ ගති ගුණය තමන් අකමැති බව දැන ගෙන අයින් වෙන්න තිබුනා. (නදී)
මෙන්න මේ මනමාලිව එවන්න ඊළඟ පළාත් සභා මැතිවරණයට. (නි)
අපේ ලංකාවේද, පුදුම හිතෙනවා. (නදී)
මල්ලි වැඩේ ගොඩින් බේරාගෙන වගේ. හොද මොළ කාරයෙක්. (නදී)
මනමාලි සිතිය යුතියි " ගමකට මනමාලියක් නොවන වග" (නදී)
අපේ කාලේ නම් වචන හුවමාරු ඇතිවෙන්නේ අවරුදු 10 විතර ගියාට පස්සේ. දැන් පොරුවේදීම. "අනේ කාලේ වනේ වාසේ කිව්වලු" (නදී)
ඇයි මනමාලිගේ මේ ගති ගුණ කලින් වටහා නොගත්තේ. ලඟින් යන යන උදවිය සිප වැලඳ ගන්න පුරුද්ද තියනවා නම් බඳින්න කලින් බලන්න ආපු දවසේ ඉඳල මනමාලයා ගැලවිලා හිටපු එක පුදුමයිනේ. එහෙම නොවුන කියල කොහොමද කියන්නේ. බුලත් හෙප්පුව අතට දීල සිප වැළඳ ගන්නත් ඇති. දැන් ඉතින් බොරුවට තරහා ගන්නවා. (නදී)
කොච්චර විසේකාර කෙල්ලෝ උනත් මගුල් දවසේදී විනීතව හැසිරෙනවා මොකද මුළු නෑදෑ පරපුරම එදාට ඇවිත් ඉන්න නිසා , මේ මනමාලිට එහෙම ලජ්ජාවක්වත් තිබිල නැහැ , මට පෙනෙන්නෙත් පනින්න පුළුවන් ඔක්කොම පිනුම් පැනපු එක්කෙනක් ද කොහෙද (බ)
මනමාලිට මනමාලය නැවුම් නැති උනාට, "මනමාලයට මනමාලි නැවුම් වගේ" (නදී)
අද ඉන්න බහුතරයක් තරුණියන්ට පස්ස කැඩිච්ච කුඹ්බියගේ ලෙඩේ හැදිලා තියෙන්නේ. අනික ඉතින් දෙන්න දෙන්නව තේරුම් නොගෙන කොරන මගුල් වල අන්තිම ප්‍රතිපලය මේක තමා. මවුපියන් තවත් මෝඩ වැඩ නොකර මේ දෙන්නව වෙන් කරන එක තම නුවනට හුරු (නදී)
කවුද දන්නේ මනමාල මහත්තයට වුනේ අර අඬන්න හිටපු එකාට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩක්ද කියල. අපි නොදන්නවද පිරිමින්ගේ හැටි. (බ)
ඔහොම ගිය ඇති. ටිකක් හොයල බලන්න ඕනා ඉතින් තමන්ට ගැලපෙනවද කියලා. නැත්තම් ඕව පස්සට බල පාන්නේ. (නදී)
වැඩ බැරි මානමාලයෙක්ද කොහෙද ? (නදී)
අන්තිම මොහොතෙදි හරි දෙවියෝ අර අහිංසකයගේ මුහුණ බැලුවා. (නදී)
ඔයින් ගියා ඇති. (නි)