හැමදාමත් අල්ලපු ගෙදරින් පුවත්පත ඉල්ලාගෙන බලන ඇය ඔවුන් සමග වූ අමනාපයක් නිසා පොළට යාමට සූදානම් වූ සැමියාට කීවේ පුවත්පතක්ද රැගෙන එන ලෙසටය. සැමියා පොළෙන් එළවළු ගත් පසු අසල වෙළෙඳ සලකින් ‘ලංකාදීප’ පුවත්පතද මිලදී ගත්තේය. සැමියා ගෙදර ආ පසු එළවළු මල්ල මඳක් පරීක්‍ෂා කොට එය රාක්කයේ තබා පුවත්පත රැගෙන ඇය ඉස්තෝප්පුවට ආවාය. එහි මුල් පිටුවේ වූ වාර්තාවක් කියවූ ඇය ‘‘හත් දෙයියනේ’’ කියාගෙන යළි කුස්සියට දිවවිත් එළවළු මල්ල යළි පරීක්‍ෂා කළාය. එහි තිබූ කොහිලඅල කීපය තෝරා පසෙකින් තැබූ ඇය ‘‘මේවා අල්ලන්නට වත් එපා’’ යැයි සැමියාට කීවේ බියෙනි. ”ඇයි?” සැමියා ඇසීය. ඇය පුවත්පතේ මුල් පිටුව පෙන්වුවාය. එහි තිබුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ උයා තිබූ කොහිල ව්‍යංජනයක සයනයිඞ් අඩංගු බවකි. සැමියා සිනාසුණත් ඇය කොහිල අල ටික එළියට දැමුවේ ‘‘ඔයාට තව හිනා’’ කියමින් ලූ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනා මහත්තයට ගොඩක් ආදරේ ඇති (ස)
මට කියන්න දෙයක් හිතට එන්නෙම නැහැනේ. (නි)
මම අදනේ දන්නේ කොහිල වල ඒවත් තියෙනවා කියලා. (නි)
කොහිල කටු ඇනෙන එක ඉවසන්න පුලුවන් කියලා හිතෙයි අපේ යාලුවන්ගේ ප්‍රතිචාර දැක්කහම. (නි)
අපරාදේ කොහිල ටික විසිකෙරුවේ... (නි)
අනේ මෙහෙමත් ගැහැණු? (නි)
සයිනයිට් කන්න මොකටද නේද (දී)
හතර හිනා !! (ස)
නුවණ හැදිමිටේ සල්ලි පොළේ කොහිල කුණු වළේ... (නි)
දෙපාරක් හිත හිතා ඉන්න ඕනෑ නැහැ කියලා කාන්තවට හිතෙන්න ඇති. (නි)
කොහෙටද විසි කරේ . . . (ස)
මෙයාලට කොහිල ගුණයි (ස)
පාර්ලිමේන්තුව උත්තරීතරයි. (නි)
මේ ගෙදරත් පාර්ලිමේන්තුව වගේ ගහමරාගන්න තැනක් වෙන්න ඇති. (නි)
හිනා ගලා එයි .. ටිකක් වෙලා යයි . (ස)
මෙයාලට කොහිල කටු පිටින් දුන්නත් අගුණයක් නෑ (ස)