IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ කොහිල වෑංජනය මතක්වී පොළෙන් ගෙනා කොහිලත් විසිකරලා

හැමදාමත් අල්ලපු ගෙදරින් පුවත්පත ඉල්ලාගෙන බලන ඇය ඔවුන් සමග වූ අමනාපයක් නිසා  පොළට යාමට සූදානම් වූ සැමියාට කීවේ පුවත්පතක්ද රැගෙන එන ලෙසටය. සැමියා පොළෙන් එළවළු ගත් පසු අසල වෙළෙඳ සලකින් ‘ලංකාදීප’ පුවත්පතද මිලදී ගත්තේය. සැමියා ගෙදර ආ පසු එළවළු මල්ල මඳක් පරීක්‍ෂා කොට එය රාක්කයේ තබා පුවත්පත රැගෙන ඇය ඉස්තෝප්පුවට ආවාය. එහි මුල් පිටුවේ වූ වාර්තාවක් කියවූ ඇය ‘‘හත් දෙයියනේ’’ කියාගෙන යළි කුස්සියට දිවවිත් එළවළු මල්ල යළි පරීක්‍ෂා කළාය. එහි තිබූ කොහිලඅල කීපය තෝරා පසෙකින් තැබූ ඇය ‘‘මේවා අල්ලන්නට වත් එපා’’ යැයි සැමියාට කීවේ බියෙනි. ”ඇයි?” සැමියා ඇසීය. ඇය පුවත්පතේ මුල් පිටුව පෙන්වුවාය. එහි තිබුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ උයා තිබූ කොහිල ව්‍යංජනයක සයනයිඞ් අඩංගු බවකි. සැමියා සිනාසුණත් ඇය කොහිල අල ටික එළියට දැමුවේ ‘‘ඔයාට තව හිනා’’  කියමින් ලූ.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ කොහිල වෑංජනය මතක්වී පොළෙන් ගෙනා කොහිලත් විසිකරලා

ජගත් Wednesday, 19 December 2012 01:55 PM

නෝනා මහත්තයට ගොඩක් ආදරේ ඇති (ස)

:       0       0

දයා-සවුදි Wednesday, 19 December 2012 02:32 PM

මට කියන්න දෙයක් හිතට එන්නෙම නැහැනේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 21 December 2012 04:51 PM

මම අදනේ දන්නේ කොහිල වල ඒවත් තියෙනවා කියලා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 December 2012 10:17 PM

කොහිල කටු ඇනෙන එක ඉවසන්න පුලුවන් කියලා හිතෙයි අපේ යාලුවන්ගේ ප්‍රතිචාර දැක්කහම. (නි)

:       0       0

හිල්මි Wednesday, 19 December 2012 10:33 PM

අපරාදේ කොහිල ටික විසිකෙරුවේ... (නි)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 05:04 PM

අනේ මෙහෙමත් ගැහැණු? (නි)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 10:31 AM

සයිනයිට් කන්න මොකටද නේද (දී)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 10:38 AM

හතර හිනා !! (ස)

:       0       0

හේරත් Thursday, 20 December 2012 01:22 AM

නුවණ හැදිමිටේ සල්ලි පොළේ කොහිල කුණු වළේ... (නි)

:       0       0

සරත් Wednesday, 19 December 2012 11:21 AM

දෙපාරක් හිත හිතා ඉන්න ඕනෑ නැහැ කියලා කාන්තවට හිතෙන්න ඇති. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 19 December 2012 11:57 AM

කොහෙටද විසි කරේ . . . (ස)

:       0       0

දමිත් Wednesday, 19 December 2012 12:02 PM

මෙයාල‍ට කොහිල ගුණයි (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 20 December 2012 04:21 AM

පාර්ලිමේන්තුව උත්තරීතරයි. (නි)

:       0       0

සාලිය Wednesday, 19 December 2012 12:42 PM

මේ ගෙදරත් පාර්ලිමේන්තුව වගේ ගහමරාගන්න තැනක් වෙන්න ඇති. (නි)

:       0       0

වසන්ත Wednesday, 19 December 2012 12:38 PM

හිනා ගලා එයි .. ටිකක් වෙලා යයි . (ස)

:       0       0

චානක Wednesday, 19 December 2012 01:00 PM

මෙයාලට කොහිල කටු පිටින් දුන්නත් අගුණයක් නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site