ඔහු මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනයක මන්ත‍්‍රීවරයෙකි. පැවති ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුගේ ප‍්‍රධාන ගෝලයකු ලෙස සිටි මොහු ප‍්‍රදේශවාසීන්ගේ විවිධ විවේචනයන්ට පාත‍්‍ර වූ අයෙකි.
මොහු තම යතුරුපැදියේ නිවෙසට ගියේ බොහෝ රෑ බෝ වෙලාය. නිවෙසට යාමට පෙර මොහුට විශාල අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු විය.
යතුරුපැදි එළියක් සමඟ පාර හරහා පැන්න ඉත්තෑවෙක් මොහුගේ යතුරු පැදියේ ගැටීම නිසා මොහුද විසිවී පාරට වැටුණේ තුවාල රැසක් ද සමඟිනි.
යතුරුපැදිය කොතරම් වේගෙන් වැදුණද කිවහොත් ඉත්තෑවාද මැරී මන්ත‍්‍රීවරයා අසලම වැටුණි. දැන් රෑ දොගොඩ හරියේය. දෙන්නම පාර මැදය. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට නැගිටීමට නොහැකි වූයේ ඔහුගේ අත බිඳී තිබුණු නිසාය.
කෙසේ වෙතත් බයිසිකලය පෙරළුණු ශබ්දයට ගමේ කීප දෙනකු එතැනට ආවේ ඇතිවූ ශබ්දය බැලීමටය.
තම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයා තුවාල සහිතව පාර මැද වැටී සිටිනවා වගේම මැරී සිටි ඉත්තෑවාද ඒ අසල සිටිනවා දුටු පිරිස මුලින්ම අතට ගත්තේ ඉත්තෑවාය.
ඔවුහු ඉත්තෑවා රැුගෙන යන්න ගියහ. අසල තිබූ පොලිස් ස්ථානයක නිලධාරීහු ඔහු ප‍්‍රදේශයේ රෝහලට ඇතුළත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සකම බල්ලට ගිහින්. මන්ත්‍රීවරයෙක් නෙමෙයි තමන්ගේ කෙනෙක් උනත් අසරණ උනහම ඔහොම කරනවද? සිංහල ජාතිය ඔහොම ජාතියක් නෙමෙයි ඉතිහාසයේ නම්. (ස)
ජරාව කන මන්ත්‍රීට වඩා ස්වභාවික අහාර අරන් හැදෙන ඉතාම හොඳයි කියල මිනිස්සු අරන් යන්නැති (බ)
ජනතාවගෙන් ඈත්වීමේ ප්‍රතිඵල. ප්‍රාදේශීය සභාවල අයත් හිතන්නේ ඇමතිවරුන් වගේ. උඩින් ඉන්න අයට හොඳ දඬුවමක් තමයි (නි)
ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාට වැඩිය ඉත්තෑවා ඡන්දදායකයන්ගේ හදවතට ළංවෙලා වගේ. (නි)
ඉත්තව වටිනවා අඩුගානේ මසට, මේ පලා බබාලට වැඩිය. (ස)
රස බොජුන් අත ලඟට එනකොට අහල පහල වෙන දේවල් ගැන මොකටද හිතන්නේ.එහෙම නේද? (ම)
තල වපිරුවොත් තල නෙළගත හැකියි (අ)
කොහොමත් දැන් ඉන්න ප්‍රාදේශීය දේශපාලකයෝ ඉත්තාවේකුටත් වැඩිය වටිනා කමෙන් අඩුයි කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්න ඇති. ඒ නිසා වටිනා දේ අරන් ඒ ගොල්ල මාරු වෙලා.(ම)
තාමත් ඉන්නේ පරණ පලා බබ්බු සෙට් එකනේ. (නදී)
මටනම් පේන්නේ මනුසකම බල්ලට නෙවෙයි ඉත්තෑවට ගිහින් කියලයි ! මොනවා වුනත් මනුස්සයෙක් නේද කියලවත් හිතන්න තිබුන නැද්ද හා ? (බ)
මොකද නැත්තේ ජයා, මනුස්සකම් අතින් මිනිස්සු තිරිසන් වෙලා වැරදිලාවත් මේ මනුස්සයට ගොඩක් තුවාල වෙලා ලේ ගිහින් ජීවිතය නැති වුනානම්....? (බ)
පව් මිනිස්සුන්ට බනින්න එපා. සමහරවිට එතුමා තමන්ගේ බලය තියන කාලවකවානුවේ කූරූ පුම්බගත් ඉත්තෑවෙක් වගේ ඉන්න ඇති ..එ්ක මතක්වෙන කොට..... මිනිස්කමක් නොදත් මිනිසාටවඩා ඉත්තාවගේ අවසන් කටයුතුවලට මුල් තැනක් දෙන්න හිතන්න ඇති...මිනිසාමයි. ලොව දෙවියන් වන්නේ...මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. (ස)
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ මේ ප්‍රාදේශීය දේශපාලකයාගේ ක්‍රියා ගැන මේ මිනිස්සු කොතරම් කලකිරිලද කියල පෙන්නේනේ ඔහු මැරුණත් කමක් නැහැ කියල මගදමා යන්න ඇත්තේ ඔහු ඇත්තටම දුෂිත දේශපාලකයෙක් නිසා වෙන්න ඕනේ. (ස)
එයාට ලබන ඡන්දෙදි ඉත්තෑවා ලකුණෙන් ඉල්ලනවානම් දිනන්නත් හැකි වේවි. මොකද මිනිස්සු ඉත්තාවටවත් ඡන්දෙ දේවි (බ)
අපි ඉත්තෑවට ඉත්තෑවා අපිට (ම)