වයඹ පළාතේ ප‍්‍රවාහන කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ එක්දරු පියෙකි. තම බිරියටත් දියණියටත් දැඩි සේ ආදරය කළ ඔහුගේ ලොකුම අඩු පාඩුවක් වූයේ හැම දිනකම සවස මත්වතුර තොල ගාගෙන අවසිහියෙන් ගෙදර ඒමයි. ඒත් ගෙදර ආ විගසම දියණියගේ අධ්‍යාපන කටයුතු සෙවීම ඔහුගේ සිරිත විය.
පසුගියදාත් සවස්වරුවේ ගෙදර ආ සැණින් දියණිය ළඟට ඇද ගත්තේ පොත් ටිකකුත් සමඟ ඉගෙනීම සොයා බැලීමටය. ”අද ටීචර් ෂෝක් පාඩමක් කියල දුන්නා තාත්තේ ඒකට සම්බන්ධ පොටෝ තියෙන පති‍්‍රකාවකුත් දුන්නා” කී දියණිය ඔහු අත තැබුවේ මත් වතුරේ ආදීනව දැක්වෙන සටහනකි. පති‍්‍රකාව ද ඔහු අත තැබුවාය. එය කියවමින් ගෙට ගිය පියා නැවත එළියට ආවේ නැත.
වැඩි කතාබහක් නැතිව පසුවදා වැඩට ගිය ඔහු ආපසු ආවේ පරණ සිරිත අතහැර දමාලූ.
මෙම සටහන සහ පති‍්‍රකාව ගුරුතුමියගේ එකක් නොව අම්මා සහ දුව එක්වී සකස්කළ එකක් බව ඔහු තවමත් දන්නේ නැතිලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පියාගේ බේබදුකම මට්ටු කරන්න අම්මයි දුවයි උප්පරවැට්ටියක් දාලා
ටානියා Tuesday, 11 March 2014 03:53 PM
විහිළුවක් විදිහට අපි දැක්කාට පවුලේ සමගිය වෙනුවෙන් කල වැඩක් (දී)
නිලූ විතානගේ Monday, 10 March 2014 05:01 AM
නිලූ විදානගේ සෞදි අරාබිය, ඔයා දිරිය කතක්, (අ)
හේමන්ත Friday, 07 March 2014 10:23 AM
දැන් රහස රැකිලද? එහෙනම් පත්තරයට ආවේ කොහොමද? (අ)
ආරියසේන Monday, 10 March 2014 07:21 AM
කොහොම වුනත් මව සහ දුවගේ නුවනින් පියාගේ බේබදු කම නැති කරා.(දිල්)
ලක්ෂාන් ජයවර්ධන Sunday, 09 March 2014 01:34 PM
බොන්න විදිහක් නැති දුකට බීලා එයිද දන්නේ නෑ නේද? (දී)
භාරත Monday, 10 March 2014 10:55 PM
නියම වැඩක් නුවණක්කාර වැඩක් (අ)
නමස්ක Monday, 10 March 2014 10:55 PM
ඒ වගේම තාත්තද නුවණක්කාර කෙනෙකි (අ)
නනිදසිරි Tuesday, 11 March 2014 02:12 AM
හොඳ අදහසක් ඒවගේම තාත්ත හොඳ නිසා නවත්වල තියෙන්නේ නැත්නම් බොන මිනිහ මොනවා කිව්වත් බොනවා සමහරු මරෙනකල්ම අතාරින්නෙ නැහැ (අ)
ලලිත් Friday, 07 March 2014 11:53 AM
බිරිද දරුවන් කියන දේ අහන තාත්තලත් තම ඉන්නවා එහෙනම්. හොද පව්ලක්. (අ)
චන්දි Tuesday, 11 March 2014 07:47 PM
හුග දවසකින් අදයි පත්තරේ බැලුවේ...!! හොද අම්මෙකුයි, දුවෙකුයි වගේම හොද පියෙක් , පුංචි පවුල රත්තරන් කියනවනේ ...නේද ....? (දී)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 11 March 2014 05:25 AM
මේක පත්තරේ දාපුවාම වැඩේ කණපිට හැරෙනවනේ. තාත්තා දැන් වැඩේ දැනගෙන අම්මාට සහ දුවට වෙන අනතුර ගැන ඕනෑම මෝඩයෙකුට හිතා ගන්න බැරිද? (නදී)
චන්දන Tuesday, 11 March 2014 06:43 AM
ජයවේවා ඔබට මහත්මයාණනි ඔබ,නුබ උසස් පුද්ගලයෙක්, අම්මටයි දුවටයි අපේ උත්තමාචාරය.(නදී)
නිලූ විදානගේ, සෞදි අරාබිය Saturday, 08 March 2014 11:55 AM
මට නම් පෙන්නේ මේ තත්තා පොඩ්ඩක් බිවුවට කමක් නැහැ, මොකද එයා බීල කරදර කරන්නේ නැහැ, පොඩි කෙළියි, අම්මයි කට ගැස්මක් හදලා දෙන්න.(නදී)
අසෝකා Friday, 07 March 2014 01:08 PM
දැන් ඉතින් රහසක් වෙන්නේ කොහොමද? මේක බලපු කෙනෙක් නිකමට හරි කිව්වොත් කලින් ටත් වඩා බීගෙන ගෙදර එයි.(නදී)
රංජිත් සිල්වා Friday, 07 March 2014 01:43 PM
සතුටුදායක ආරංචියක්. එක් කෙනෙක් හරිමගට ගන්න පුවතක් දැනගන්න ලැබුනා. මේ පවුලට ජය සහ සතුට පතමි. (නදී)
අසාද් Saturday, 08 March 2014 01:38 PM
මතට තිත තාම නැද්ද? (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 08 March 2014 01:47 PM
මගේ නමින් ඔය මානසික ලෙඩා අදහස් දැම්මට මම අදහස් දමන එක නතර කරන්නේ නැහැ.(නදී)
දිසානායක Saturday, 08 March 2014 02:15 PM
නිලූ නංගි හරි, බීලා කැ ගහලා ගෝරි දාගන්නවනම් තමයි නරක. කැනඩාවේ හවසට ඕන කෙනෙක් කාලක් දාගෙන ඉන්නේ (අ)
කේ.එච්.ආර්.කේ දිසානායක Tuesday, 11 March 2014 10:27 AM
ඔය ලෙබනන් රටේ ඉන්න ලංකාවේ ගැහැනුත් හරියට බොනවා කියල දැන ගන්න තියනවා.(නදී)
චන්දි Sunday, 09 March 2014 05:01 PM
කැනඩාවේ අය බොන්නේ විස්කි හින්දා වෙන්න ඇති ඇඟට ගුණ. අපේ රටේ කසියා හරි ගල් කාලක් හැමදාම ගහන මිනිහෙක් ගෝරි නොදා ගත්තත් ඉක්මනට මැරිලා යනවා. (නදී)
පිටිගල Friday, 07 March 2014 03:10 PM
මොහමඩ් කියපු එකම මටත් හිතුනා. එහෙම උනොත් නම් ආයෙත් නැවත්වීම බොරු.(නදී)
මලිති හඳපාන්ගොඩ Monday, 10 March 2014 04:33 PM
ගොඩක් හොද දෙයක් කරලා තියෙන්නේ ඒ අම්මයි දුවයි (දිල්)
ගුණවර්ධන Wednesday, 12 March 2014 12:54 AM
වැඩ ඇරිලා ඇවිල්ල නාගත්තට පස්සේ පොඩ්ඩක් ගන්නවා. ඒත් මට චරු චුරුව ,ඇඟට පතට හරි අමාරුයි අනේ දුවයි අම්මයි බන කියනවා අනේ.(නදී)
සමීර සම්පත් Monday, 10 March 2014 05:22 PM
හොද තාත්ත කෙනෙක්. (දී)
සජී Friday, 07 March 2014 04:30 PM
පියා පත්තරේ බැලුවොත් රහස එලි වෙනවා (අ)
විනීත Sunday, 09 March 2014 07:32 PM
අනිත් අයත් මේක බලල මේ වගේ උපක්‍රම කල්පනා කරලා හරි බීම නවත්තමු. මොකද මතට තිත තියන කාලයක් නම් පෙන තෙක් මානෙක නැ. මොලේ පාවිච්චි කලොත් මුළු රටේම බීම නවත්තන්න පුළුවන් (දී)
සුජා Tuesday, 25 March 2014 04:15 PM
මොලේ ඇති අම්මයි දුවයි.(නදී)
සමන් Sunday, 09 March 2014 02:15 AM
මත්පැන් බීම හොඳයි කියලා ලියලා තියෙන අයට පිස්සු හැදිලා (දී)
සේන Friday, 07 March 2014 09:22 AM
බොහොම හොදා.....නුවනක්කාර මව්..(නදී)
කුමාරි Friday, 07 March 2014 09:36 AM
කොහොම හරි කමක් නැහැ අම්මයි දුවයි රහස රැක ගැන තාත්තත් රැක ගන්න. ජය වේවා! (නදී)
මොහොමඩ් - බේරැවල Friday, 07 March 2014 09:42 AM
එයා රැවටුනා කියලා මේ පුවත දැකලා ආයිත් බොයිද දන්නේ...? එහෙම වුනොත් ඒකත් දෙයියෝ සාක්කි වලම දාන්න... (නදී)