IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පියා මධුසාදයේ සිටියදී දරුවා අයාලේ ගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
තම සැමියා පසුගියදා සන්ධ්‍යා භාගයේ මිතුරු හවුලකට යෑමට සූදානම් වූ මොහොතේ පෙර පාසල් වියේ සිටි තම කුඩා දරුවාද කැඳවාගෙන යන ලෙස බිරිය කීවේ මිතුරු හවුලේ කෙරෙන මත් වතුර සාදයෙන් ඔහු වළක්වා ගැනීමටය.
මේ පිළිබඳව දෙවරක් සිතූ ඔහු දරුවාද කැඳවාගෙන සිය මෝටර් රථයෙන් මිතුරු හවුල පැවති නිවසට යද්දී තරමක් ලොකු චොකලට් පැකට්ටුවක්ද රැගෙන ගොස් එය දරුවාට දී ‘‘පුතා මම එනතුරු මේක කකා ඉන්න, කොහේවත් යන්න එපා’’ යැයි කියා මිතුරු හවුලට එක්විය.
මධුවිත නොඅඩුව සැපයිණ. කාලය ඉක්මවා යනු ඔහුට නොතේරිණි. සාදය අවසන් වීමට පෙර දරුවා සිහි වූ ඔහු කඩිනමින් වාහනය වෙතට ආවත් දරුවා එහි නොවීය.
මොහොතකින් දුටුවේ තරමක් එහා පිරිසක් රැුස්වී සිටින බවය. පොලිස් නිලධාරියකුද එහි විය. එතැනට ගිය ඔහුට දරුවා ඒ මැද සිටිනු දැක දෙවියන් සිහිවිය. කරුණු අවබෝධ කර දී දරුවා රැුගෙන ආවත් ඔහුගේ ක‍්‍රියාව ගැන පොලිස් නිලධාරියා හොඳ අවවාදයක් කළාලූ. කළුතර පැත්තෙන් ඇසුණු පුවතකි.



අදහස් (3)

පියා මධුසාදයේ සිටියදී දරුවා අයාලේ ගිහින්

air Thursday, 23 March 2017 03:18 PM

එහෙම දරුවෙක් වාහනය ඇතුලේ දාල යන්න පුලුවන්ද තනියම? පෙර පාසල් වයසේ? වාහනය ඇතුලේ අධික රස්නය නිසා ළමයා මැරෙන්නත් තිබුනනේ. ළමයා දොර ඇරගෙන එලියට ගිය නිසා හොඳයි . නමුත් වාහනේකට අහු වෙන්න තිබ්බ. කවුරු හරි අරන් යන්න තිබ්බා. කොහොම වුනත් මත වතුරට ලොල් වුනු කෙනෙක් නම් බිරිඳට තේරෙන්නේ නැද්ද ඔය වගේ වැඩ කලට පලක් නැහැ කියල.

:       0       210

Sudheera Saturday, 25 March 2017 01:53 AM

මේ තාත්තෙක් නොවෙයි මහා බූරුවෙක්, වෙන රටක සුනඛයෙක් වත් තනියම වාහනයේ තියල යන්න බැහැ. හරි නම් අවවාද නොවෙයි සිර දඬුවම් දෙන්නයි ඕනෑ.

:       147       20

susantha Wednesday, 29 March 2017 04:02 AM

වරද මෝඩ අම්මගේ.

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site