(තිහගොඩ උපසේන ලියනගම)
තම සැමියා පසුගියදා සන්ධ්‍යා භාගයේ මිතුරු හවුලකට යෑමට සූදානම් වූ මොහොතේ පෙර පාසල් වියේ සිටි තම කුඩා දරුවාද කැඳවාගෙන යන ලෙස බිරිය කීවේ මිතුරු හවුලේ කෙරෙන මත් වතුර සාදයෙන් ඔහු වළක්වා ගැනීමටය.
මේ පිළිබඳව දෙවරක් සිතූ ඔහු දරුවාද කැඳවාගෙන සිය මෝටර් රථයෙන් මිතුරු හවුල පැවති නිවසට යද්දී තරමක් ලොකු චොකලට් පැකට්ටුවක්ද රැගෙන ගොස් එය දරුවාට දී ‘‘පුතා මම එනතුරු මේක කකා ඉන්න, කොහේවත් යන්න එපා’’ යැයි කියා මිතුරු හවුලට එක්විය.
මධුවිත නොඅඩුව සැපයිණ. කාලය ඉක්මවා යනු ඔහුට නොතේරිණි. සාදය අවසන් වීමට පෙර දරුවා සිහි වූ ඔහු කඩිනමින් වාහනය වෙතට ආවත් දරුවා එහි නොවීය.
මොහොතකින් දුටුවේ තරමක් එහා පිරිසක් රැුස්වී සිටින බවය. පොලිස් නිලධාරියකුද එහි විය. එතැනට ගිය ඔහුට දරුවා ඒ මැද සිටිනු දැක දෙවියන් සිහිවිය. කරුණු අවබෝධ කර දී දරුවා රැුගෙන ආවත් ඔහුගේ ක‍්‍රියාව ගැන පොලිස් නිලධාරියා හොඳ අවවාදයක් කළාලූ. කළුතර පැත්තෙන් ඇසුණු පුවතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දරුවෙක් වාහනය ඇතුලේ දාල යන්න පුලුවන්ද තනියම? පෙර පාසල් වයසේ? වාහනය ඇතුලේ අධික රස්නය නිසා ළමයා මැරෙන්නත් තිබුනනේ. ළමයා දොර ඇරගෙන එලියට ගිය නිසා හොඳයි . නමුත් වාහනේකට අහු වෙන්න තිබ්බ. කවුරු හරි අරන් යන්න තිබ්බා. කොහොම වුනත් මත වතුරට ලොල් වුනු කෙනෙක් නම් බිරිඳට තේරෙන්නේ නැද්ද ඔය වගේ වැඩ කලට පලක් නැහැ කියල.
මේ තාත්තෙක් නොවෙයි මහා බූරුවෙක්, වෙන රටක සුනඛයෙක් වත් තනියම වාහනයේ තියල යන්න බැහැ. හරි නම් අවවාද නොවෙයි සිර දඬුවම් දෙන්නයි ඕනෑ.
වරද මෝඩ අම්මගේ.