(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී. විජේසිංහ)
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පියාට දහවල් බත්පත රැගෙන යාමට රෝහල් ආරක්ෂක අංශය ඉඩ නොදීමට විරෝධය පා ආරක්ෂක අංශ ඉදිරියේදී බිම වාඩිවී එම බත්පත ලිහාගෙන කෑ පුතකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ රෝහලකින් වාර්තා වේ.

රටේ දැනට උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය මත එම රෝහලේ නේවාසික රෝගීන් බැලීමට රෝහල් ආරක්ෂක අංශ වෙතින් අවසර පතක් නිකුත් කර තිබිණි. එම අවසර පත නොමැතිව රෝගීන් බැලීමට රෝහල් ආරක්ෂක අංශ කිසිසේත්ම ඉඩ නොදී තිබිණි.
මේ පුත්‍රයාට එදින එම අවසර පත ගෙන ඒමට නොහැකිවූයේ අමතකවීමෙනි. පියාට දහවල් බත්පත ලබාදීමට පමණක් මතකයේ තිබූ ඔහුට නිවසේ තිබූ අවසර පත ගැන මතක් නොවූයේ ගෙදර අය ද ඒ පිළිබඳව මතක් නොකළ නිසාය.
දුරබැහැර ගෙවා රෝහලට පැමිණි ඔහු සිය පියාට දහවල් බත දීමට රෝගීන් බැලීමට නියමිත වේලාව එනතෙක් පෝලිමේ සිටියේය. නියමිත වේලාව එළැඹුනි. ඔහු ද සිය පියා නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුව සඳහා යාමට සැරසුණි. ඒ අවස්ථාවේ රෝහල් ආරක්ෂක අංශ රෝගියා බැලීම සඳහා රෝහලෙන් නිකුත් කර තිබූ අවසර පත්‍රය ඉල්ලා සිටියේය. දෙවියන් බුදුන් සිහිවූයේ එවිටය.
එය ගෙන ඒමට අමතක වූවා යැයි කීවත් ඔහුට සිය පියාට දහවල් බත් පත රැගෙන යාමට ඉඩ ලබා නොදුනි. කොතරම් පෙරැත්ත කළත් ඒ සඳහා ඔහුට අවසර නොලැබිණ.
සිය පියාට බත්පත ගෙනයාමට ඉඩ නොදුන්නොත් එය මෙතනම දිගහැර තමා කන බවට ආරක්ෂක අංශ වෙත තර්ජනාත්මකව කීවත් ඔවුහු එය ගණන් නොගත්හ. ඉන්පසු ඔහු රෝගීන් බැලීමට පැමිණි දෙනෝදාහක් බලා සිටියදී ආරක්ෂක අංශය ඉදිරිපිට බිම වාඩිවී පියාට ගෙන ආ බත්පත ලිහාගෙන කෑවේය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පියා බලන්න රෝහලට යන්න නොදුන්නාම පුතා අමුතුම විදියකට විරෝධය පාලා
nimal Thursday, 13 June 2019 06:47 AM
මෝඩ ආරක්ෂක නිලධාරීන්...... පරික්ෂා කරල යවන්ඩ තිබුණනේ..... මැටි මෝල්ලු
asanka Thursday, 13 June 2019 10:14 AM
කෙනෙකුට මෙවැනි අමතක වීමක් සිදුවිය නොහැකිද? මෙවැනි මෝඩ "ආරක්ෂක නිලධාරීන්" බොහෝ විට තමන්ගේ බල පුලුවන්කාරකම පෙන්නන්නේ අහිංසක මිනිසුන්ටයි.
sarath perth Friday, 14 June 2019 05:05 AM
ආරක්ෂක නිලදාරීන්ට තිබුනේ බත්පත ඉල්ලාගෙන බෙදා හදාගෙන කන්නනේ.
kapilaFriday, 14 June 2019 09:45 AM
මෙවැනි "ආරක්ෂක නිලධාරීන්" එසේ නොකිරීම ගැන මම පුදුම වෙමි.
imesh Friday, 14 June 2019 06:03 AM
කාටද රිදුනේ කව්රුද හැඬුවේ..?
රන් බන්ඩා Sunday, 16 June 2019 02:19 AM
ඕකුන් දොස්තර කෙනෙක් බෝම්බයක් ගෙනාවොත් නැවෙනවා. අහිංසක මනුස්සයෙක් ආවම තමයි මුන්ගේ ලොකුකම...
Rasika Tuesday, 18 June 2019 06:21 AM
තාත්ත පව්- බඩගින්නේ